පාපන්දු ක්‍රිකට් හා සමානව ප්‍රසිද්ධ විය යුතුයි- ෆිෆා සභාපති බ්ලැටර්

184

“ක්‍රිකට් වලට පාපන්දු තරම් ප්‍රසිද්ධියක් ජත්‍යන්තරයේ නැහැ. ඕනැම ක්‍රීඩකයෙක්ට පාපන්දුවක් පුහුණු වෙන වේලාවක දුන්නොත් ඒගොල්ලන් කිසිම වේලාවක සෙල්ලම් නොකර ඉන්නේ නැහැ. පාපන්දු තමයි ඔවුන්ගේ ව්‍යායාමය.”

ෆිෆා සභාපති ජෝසප් බ්ලැටර් මෙසේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ 75 වෙනි සංවස්තරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී ය.

“ආසියාව තමයි පාපන්දු ක්‍රීඩාවේ වර්තමානය. ආර්තික අතින් පමනක් නෙවෙයි, ඉන්දියාව සහ චීනය වගේ රට වලට පාපන්දු ක්‍රීඩාව අතිනුත් ඉදිරියට යා හැකියි. බලන්න ඉන්දියාව දිහා 2015 දී 17 පහල පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාව ලබා ගත්තා. මෙය ක්‍රිකට් ක්‍රීඩාව ඉහලින්ම ක්‍රීඩා කරන රටක පැවැත්වෙන පළමු වතාවයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් හිටපු ජත්‍යන්තර ක්‍රීඩකයන් සමග පාපන්දු ලීගයක්ද පටන් ගෙන තිබෙනවා. මෙය පාපන්දු ප්‍රවර්ධන කටයුත්තක් ලෙසයි ඔවුන් සිදු කරන්නේ”.

බ්ලැටර් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ එසේ සිදු වීමට නම් ක්‍රමවත් සැලැස්මක් හා දැක්මක් පැවතිය යුතු බවය. නිවැරදි පාපන්දු ප්‍රවර්ධන යෝජනාවලියක් ඉදිරිපත් කලහොත් ෆිෆා සංවිධානය නොපසුබටව ශ්‍රි ලංකාවට තම සහයෝගය දක්වන බව එම මහතා ප්‍රකාශ කල සිටියේය. ලෝක කුසලානය සදහා ලබා දුන් ඇමරිකානු ඩොලර් 250,000ට අමතරව ෆිෆා සංවිධානය විසින් එලඹෙන ජනවාරියේදි ඇමරිකානු ඩොලර් 500,000ක දීමනාවක්ද ලැබෙනු ඇත.

“ශ්‍රි ලංකාවේ අර්ධ වෘතිමය පාපන්දු ලීග පැවැත්වුවත්, ඉංගලන්තය, ජර්මනිය හා ප්‍රංශයේ තිබෙන වෘතීය පාපන්දු කණ්ඩායම් ප්‍රමාණයටත් වඩා කණ්ඩායම් ප්‍රමාණයක් දැනට ශ්‍රි ලංකාව තුල පවතිනවා. පාපන්දු සම්මේලනය මෙම කණ්ඩායම් ප්‍රමාණය අඩු කර තරගකාරීත්වය වැඩි කල යුතුයි.”

“මට දැනගන්නට ලැබුනා ඉන්දියාවද මෙවැනිම ක්‍රියා මාර්ගයක්ම ඉන්දියානු සුපර් ලීගයේදී අනුගමනය කරන්නට යන බව. එය ඉතාමත් හොදයි, දේශීය ක්‍රීඩකයන්ට බොහෝ අත්දැකීම් රැස් කරගන්නට පුලුවන් අවස්තාවක්”. ඔහු ප්‍රකාශ කර සිටියේය.

“ජනාධිපතිතුමා ශ්‍රි ලාංකික පාපන්දු ක්‍රීඩකයන්ට පුහුණු කිරීම සදහාත් ඔවුන්ට විදේශිය අත්දැකීම් ලබා ගැනිමටත් ෆිෆා සංවිධානයේ සහයෝගය ඉල්ලා ඇත”. ජනාධිපති රාජපක්ෂ මහතාගේ කාර්යාලය දැන්වීමක් නිකුත් කරමින් පැවසීය. මෙම ඉල්ලීම ජෝසප් බ්ලැටර් මහතා යාපනයේ අරියාලෙයි පපන්දු සංකීර්ණය ව්වෘත කිරීමට පෙර ජනපති හමුවු අවස්ථාවේදී සාකච්චා කෙරුණි.

තවද භෝජන සංග්‍රහයකට සහභාගී වු බ්ලැටර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ නවතම ක්‍රීඩා ඇඳුම එලිදැක්වීම හා ශ්‍රි ලංකා පාපන්දු ක්ෂේත්‍රයට විශාල සේවයක් සිඳු කල තිදෙනෙකුට තිළිණ ප්‍රදානයක්ද හා ජාතික පාපන්දු අරමුදල පිහිටුවීමද සිඳු විය.

පී.ඩී සිරිසේන යනු 1962-1965 දක්වා කාල වකවානුව තුල සිටි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම් නායකයා ය. ඔහුගේ කාලය තුල කණ්ඩායම බොහෝ ජයග්‍රහණ අත් කරගෙන ඇත. තවද ඔහු විදේශීය ලීග (බංගලාදේශය, නෙදර්ලන්තය හා වෙල්සයා වලද ක්‍රීඩා කර ඇත. ඔහු ලාංකීය පාපන්දු පුහුණුකරුව සිටි සමයේ (1976-1979 හා 1990-1998) ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක් සිදු කලේය. තවද ඔහු 1988දී මාලදිවයින පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙසද ක්‍රියා කලේය.

කුලසේන අබේසේකරයන්ද ප්‍රසිදිධ පාපන්දු පරිපාලකයෙකි. ඔහු පාපන්දු සම්මේලනය තුල විවිධ තනතුරු දරා ඇති අතර, ඔහු උප සභාපති තනතුරද ආසියානු පාපන්දු සංවිධානයේ හා ෆිෆා තරඟ වලදී තරග කොමසාරිස් ලෙසද කටයුතු කර ඇත.

පාපන්දු ක්‍රීඩාව අතිශයින්ම ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන බදුල්ල දිස්ත්‍රික්කයේ උපත ලද නිමල් වික්‍රමතුංගයන් ද ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකි. අවාසනාවකට ඔහුට පාපන්දු ක්‍රීඩාව නතර කිරීමට සිදුවූයේ දණහිසට සිදු වූ දරුණු ආබාධයක් නිසා වෙනි. ඉන් පසු ඔහු ක්‍රීඩා විනිශ්‍යයට පිවිසියේය. එමගින් ඔහු 1990 දී ආසියානු කුසලානයේ, අප්‍රිකානු කුසලනයේ, ෆිෆා 20න් පහළ ලෝක කුසලානයේ හා 1988දි ප්‍රංශ ලෝක කුසලානයේද ෆිෆා විනිසුරුකරු නිලයේ කටයුතු කලේය. ඔහු 1997 දී ආසියානු පාපන්දු සම්මේලනයේ හොදම උප විනිශ්‍යකරු යන සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ය.

මෙහිදී ආරම්භ කල ජාතික පාපන්දු අරමුදල, ස්වාධීන අරමුදලක් වන අතර එය දේශීය පාපන්දු ක්‍රිඩකයන්ගේ සුබසාධනය සදහා ප්‍රයෝජනයට ගැනීමට ස්ථාපිත කෙරුණි.