Home Sinhala වර්ෂාව හරස් කැපූ තරගයේ දී අකිලගෙන් කඩුලු 5ක්!

වර්ෂාව හරස් කැපූ තරගයේ දී අකිලගෙන් කඩුලු 5ක්!

317

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටි ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අද (08) එකිනෙකා මුණ ගැසුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

දිමුත් සහ තිසර මහනුවර දිනවයි

මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම ලබන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර අද පැවති මෙම මූලික වටයේ අවසන් තරගය නිමාවට පත්වූයේ ප්‍රතිඵලයකින් තොරවයි. ඒ අද සන්ධ්‍යා කාලයේ දී මහනුවරට වැසි වැටීම නිසාවෙනි.

කෙසේ වෙතත් තරගයේ අඩකට වඩා වැඩි කොටසක් ක්‍රියාත්මක වූ අතර එහි දී දේශීය පිටියේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

සුපිරි පළාත් තරගාවලියේ මූලික වටයේ අවසන් දිනය වූ අද දිනය වන විට මෙම කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන තිබුණි. ඒ දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් වලට එරෙහිවයි. අද උදෑසන කාසියේ වාසිය දිනා ගත් ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටයි. කෙසේවෙතත් අද ගාලු මුල්පෙළ පිතිකරුවන්ට සිතූ තරම් සාර්ථක වීමට හැකි වූයේ නැත. ඔවුන්ගේ මුල් කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 46ක් තුලයි.

සුපිරි පියවරුන්ගේ සටන් අවසානයේ වැඩි ගෞරව මොරටුවට

My Dad, My Superstar ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග 3 ඊයේ (7)…

එහි දී ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු 6කට ශෙහාන් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර මුල් තරග දෙකේ දී යම් ප්‍රගතියක් පෙන්නුම් කළ සඳුන් වීරක්කොඩිගේ ඉනිම ලකුණු 17කට නිමා විය. කුසල් මෙන්ඩිස් අද පන්දු 28කට මුහුණ දෙමින් ලබා ගත්තේ ලකුණු 11ක් පමණි. මේ අවස්ථාවේ දී යොවුන් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ලකුණු 37ක් ලබා ගත්තේ බිඳ වැටුණු ගාලු ඉනිම නැවත නගා සිටුවීමට උර දෙමිනි. තරගයේ එකම අර්ධ ශතක ලාභියා බවට පත්වූ වනිඳු හසරංග පන්දු 60කින් ලකුණු 56ක් ලබා ගත්තේය. ඒ මනරම් හතරේ පහර 6ක් තම ඉනිමට අන්තර්ගත කරමිනි.

ඉනිමේ අවසන් කොටසේ දී තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු මදුශංක නොදැවී ලබාගත් වේගවත් ලකුණු 42ත්, දුෂ්මන්ත චමීර ලබාගත් ලකුණු 23ත් නිසාවෙන් ලකුණු 250 සීමාව ඉක්මවා යාමට ගාලු කණ්ඩායමට හැකි විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක යෙදුණු අකිල ධනංජය ලකුණු 53කට කඩුලු 5ක් බිඳ හෙලූ අතර ධනංජය, මිලින්ද, හසරංග, මිනෝද් භානුක වැනි දක්ෂ පිතිකරුවන් අද ඔහු හමුවේ අසරණ විය. මීට අමතරව චාමික කරුණාරත්න ලකුණු 48කට කඩුලු ද්විත්වයක් බිඳ දමමින් කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු වලට සවියක් විය.

ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ගේ මතට තිත තබන්නේ ඇයි?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරගාවලි අතරතුර දී මතට තිත තබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්..

ඒ අනුව ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම මුල් කඩුල්ල වෙනුවෙන්ම නොබිඳුණු ලකුණු 55ක සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට වැසි දෙවිඳුන්ගෙන් ඉඩක් ලැබුණේ නැත. ඒ පන්දුවාර 7යි එක් පන්දුවකට පසුව පල්ලෙකැලේ ප්‍රදේශයට දැවැන්ත වර්ෂාපතනයක් එල්ල වූ බැවිනි. මේ නිසාවෙන්ම නැවතත් තරගය ආරම්භ කිරීමට ද කිසිදු අවස්ථාවක් උදා වූයේ නැත. මේ වන විට කොළඹ පිතිකරුවන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යොදා ගැනීමට ප්‍රමාණවත් පන්දුවාර සංඛ්‍යාවකට මුහුණ දී නොතිබූ නිසා තරගය අත්හැර දැමීමට තරග තීරක ග්‍රැහැම් ලැබ්‍රෝයි පියවර ගත්තේය.

ඒ අනුව දෙපිළටම නැවුම්ව ලබන 11 වැනිදා රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවී ඇති අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැත්වෙන තරගය අනිද්දා (10) දිනයේ දී දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Team Colombo
55/0 (7.1)

Team Galle
258/9 (50)

Batsmen R B 4s 6s SR
Sandun Weerakkody c Avisha Fernando b Asitha Fernando 17 22 4 0 77.27
Lahiru Thirimanne lbw b Shehan Jayasuriya 6 15 1 0 40.00
Dhanajaya de silva c Suranga Lakmal b Akila Dananjaya 34 42 3 0 80.95
Kusal Mendis c Avisha Fernando b Chamika Karunaratne 11 28 1 0 39.29
Milinda Siriwardana c & b Akila Dananjaya 8 14 1 0 57.14
Minod Bhanuka c Dinesh Chamdimal b Akila Dananjaya 37 57 1 1 64.91
Wanindu Hasaranga lbw b Akila Dananjaya 56 60 6 0 93.33
Lahiru Madushanka not out 42 33 2 2 127.27
Dhammika Prasad lbw b Akila Dananjaya 6 10 1 0 60.00
Dushmantha Chameera c Angelo Perera b Chamika Karunaratne 23 20 3 1 115.00
Nishan Pieris not out 0 0 0 0 0.00


Extras 18 (b 0 , lb 6 , nb 1, w 11, pen 0)
Total 258/9 (50 Overs, RR: 5.16)
Bowling O M R W Econ
Asitha Fernando 10 0 56 1 5.60
Mohammad Shiraz 6 0 30 0 5.00
Shehan Jayasuriya 4 0 18 1 4.50
Chamika Karunaratne 9 0 48 2 5.33
Akila Dananjaya 10 0 53 5 5.30
Seekkuge Prasanna 10 0 39 0 3.90
Kamindu Mendis 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Avisha Fernando not out 27 24 5 0 112.50
Upul Tharanga not out 15 19 2 0 78.95


Extras 13 (b 0 , lb 1 , nb 0, w 12, pen 0)
Total 55/0 (7.1 Overs, RR: 7.67)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 27 0 6.75
Dhammika Prasad 3.1 0 27 0 8.71