ශ්‍රී ලංකා ක්‍රිකට් තරු ඇගයෙන සම්මාන රාත්‍රියට සියල්ල සූදානම්

74

2018/19 වසරවල දී දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදු කරන ලද සියලු කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරවයට පාත්‍ර කෙරෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය හෙට (3) රාත්‍රී 7ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. 

එකා එකා පිටිය මැදට අරන් ඇවිත් මරන්නේ – ක්‍රිකට් පිටියේ සටකපටකම්

පැට්‍රික් පැටර්සන් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් බිහිවුණු ඉතාම වේගවත් පන්දු යවන්නෙක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙවර ක්‍රිකට් සම්මාන ප්‍රදානයේ දී සමස්ත සම්මාන 45ක් පිරිනැමීමට නියමිතව තිබේ. එහි දී ජාත්‍යන්තර සහ දේශීය තරග පිටිය නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 33 දෙනෙකු සම්මාන ලබද්දී, ජාත්‍යන්තර තරග අංශය යටතේ (පිරිමි/කාන්තා) සම්මාන 17ක් සම්මාන ලබා දීමට නියමිතය. ඊට අමතරව විශේෂිත සම්මාන ත්‍රිත්වයක් ද ඇතුළුව කණ්ඩායම් සම්මාන 10ක් ද හෙට දිනයේ දී පිරිනැමෙනු ඇත. 

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී පෙර වසරවල පරිදිම වසරේ දක්ෂතම ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරයාට මෙන්ම වසරේ තරග තීරකවරයාට ද සම්මාන පිරිනැමීමට නියමිතය. මීට අමතරව මුද්‍රිත හා විද්‍යුත්  මාධ්‍ය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන විශේෂ ඇගැයීම් සම්මාන ද්විත්වයක් ද පිරිනැමීමට මෙවර සම්මාන උත්සවයේ දී කටයුතු යොදා තිබේ.

පිරිනැමීමට නියමිත සම්මානයන්,

අන්තර්ජාතික අංශය,

පිරිමි අංශය –

  • වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු
  • වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා
  • වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා
  • වසරේ දක්ෂතම එක්දින පිතිකරු
  • වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා
  • වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකරු
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නා
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා
  • වසරේ නැගී එන ක්‍රීඩකයා

කාන්තා අංශය –

  • වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය
  • වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය
  • වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පිතිකාරිණිය
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස පන්දු යවන්නිය
  • වසරේ දක්ෂතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩිකාව
  • වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව

දේශීය අංශය 

පිරිමි –

පළමු පෙළ ‘ඒ’ ලීග් ශූරතාව

  • දක්ෂතම පිතිකරු
  • දක්ෂතම පන්දු යවන්නා
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
  • ශූරතාව
  • අනුශූරතාව

පළමු පෙළ ‘බී’ ලීග් ශූරතාව

  • දක්ෂතම පිතිකරු
  • දක්ෂතම පන්දු යවන්නා
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
  • ශූරතාව
  • අනුශූරතාව

පළමු පෙළ සීමිත පන්දුවාර ශූරතාව

  • දක්ෂතම පිතිකරු
  • දක්ෂතම පන්දු යවන්නා
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
  • ශූරතාව
  • අනුශූරතාව

පළමු පෙළ විස්සයි-විස්ස ශූරතාව

  • දක්ෂතම පිතිකරු
  • දක්ෂතම පන්දු යවන්නා
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා
  • ශූරතාව
  • අනුශූරතාව

කාන්තා,

  • පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර ශූරතාව
  • දක්ෂතම පිතිකාරිණිය
  • දක්ෂතම පන්දු යවන්නිය
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව
  • ශූරතාව
  • අනුශූරතාව

විශේෂ සම්මාන,

  • වසරේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු
  • වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු
  • වසරේ තරග තීරක
  • මාධ්‍ය වෙනුවෙන් පිරිනැමෙන විශේෂ ඇගැයීම් සම්මාන ද්විත්වය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<