ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි වැඩ බලන්න කමිටු තුනක්

278

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා එය ස්ථාවර වන තෙක් එහි පරිපාලන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම්වල එක් නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටු තුනක් පත් කිරීමට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගිය දා පියවර ගත් අතර එහි පත්වීම් ලිපි ප්‍රදානය අද (9) ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු විය.

හේරත්ගේ සාර්ථක නික්ම යෑමකට ශ්‍රී ලංකාවට විශාල ඉලක්කයක්

නව සාමාජිකයින් අතර ක්‍රිකට් උපදේශක කමිටුවට සාමාජිකයන් 07ක් ද, තරගාවලි කමිටුවට සාමාජිකයන් 05ක් ද, තරග විනිසුරු කමිටුවට සාමාජිකයන් 05ක් ද වශයෙන් පත් කර ඇත.

පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ නිල විද්‍යුත් ලිපිනය හරහා මේ බව දැනුම් දුන් නමුත් ඒ සඳහා බල පැවැත්වෙන නිල පත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ අද (7) දිනයේ දීයි. මේ පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පත්මසිරි මහතා ද මේ විශේෂ අවස්ථාව සඳහා සහභාගී විය.

Video – මංගල ටෙස්ට් තරගයේ දීම ශතක ලාභියා – තිලාන් සමරවීර

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක කමිටුව

  • මයිකල් ද සොයිසා මහතා (සිංහල ක්‍රීඩා සමාජය)
  • කේන් ද අල්විස් මහතා (සිංහල ක්‍රීඩා සමාජය)
  • චන්දික හතුරුසිංහ මහතා (ජාතික ක්‍රිකට් පුහුණුකරු-ශ්‍රී ලංකා ක්‍රිකට්)
  • අසංක ගුරුසිංහ මහතා (ප්‍රධාන ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි-ශ්‍රී ලංකා ක්‍රිකට්)
  • ග්‍රැහැම් ලැබ්රෝයි මහතා (ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති)
  • ඈෂ්ලි ද සිල්වා මහතා (ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි)
  • ජෙරම් ජයරත්න මහතා  (ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි)

ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටුව

  • සමන්ත දොඩන්වල මහතා – සභාපති  (සිංහල ක්‍රීඩා සමාජය)
  • එච්. පාර්තලිංගම් මහතා – සාමාජික (ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය)
  • ශේන් ප්‍රනාන්දු මහතා – ලේකම් (කෝල්ට්ස් ක්‍රිකට් සමාජය)
  • රිෆායි ආරිෆ් මහතා – සාමාජික (මුවර්ස් ක්‍රීඩා සමාජය)
  • මහින්ද හලංගොඩ මහතා – සාමාජික (සිංහල ක්‍රීඩා සමාජය)

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විනිසුරු කමිටුව

  • කේ. එච්. නන්දසේන මහතා  -සභාපති (බී. ආර්. සී. ක්‍රීඩා සමාජය)
  • බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර මහතා – ලේකම් (යුද හමුදා ක්‍රීඩා සමාජය)
  • ජනක කලුහෙන්දිවෙල මහතා – සාමාජික (බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය)
  • ප්‍රියන්ත අල්ගම මහතා – සාමාජික (සැරසන්ස් ක්‍රිකට් සමාජය)
  • ඒ. ආර්. එම්. අරූස් මහතා – සාමාජික (හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය)       

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<