සත්කාරක මහනුවර කණ්ඩායම අපරාජිතව අවසන් මහා තරගයට

463
Unbeaten Kandy District storm through to the finals

51 වන ජ්‍යේෂ්ඨ පැසිපන්දු ශූරතාවයේ දෙවන මට්ටමේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක මහනුවර කණ්ඩායම සමත් විය. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර කණ්ඩායම ගාලු දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු අතර  තරගය මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල් පරිශ්‍රයේ දී පැවැත්විය.

Senior Nationals Basketball Championship 2017 | Vote for your favorite team

With the senior nationals basketball championship…

අපරාජිතව තරගයට පිවිසි මහනුවර කණ්ඩායම තරගය ආරම්භයේ සිටම ගාලු දිස්ත්‍රික් කණ්ඩායමට හොඳ අභියෝගයක් ලබාදීමට සමත් විය. තරගයේ පළමු කාර්තුවේ ලද නිදහස් විසි කිරීමේ අවස්ථා සියල්ලම පාහේ සාර්ථක කරගත් මහනුවර ක්‍රීඩකයින් පළමු කාර්තුව අවසානයේ ලකුණු 6කින් ගාලු දිස්ත්‍රික් කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීමට සමත් විය.

තරගයේ පළමු කාර්තුව අවසානයේ ලකුණු පුවරුව ලකුණු 18-12 ලෙස දැක්විණි.

දෙවන කාර්තුව ආරම්භ කරමින් තරගයට පිවිසි ගාලු කණ්ඩායම පළමු කාර්තුවට වඩා හොඳින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණු අතර ආරක්ෂක අන්තයේදී තම ප්‍රතිවාදීන්ගේ ලකුණු රැස් කිරීම් සීමා කිරීමට ඔවුහු වග බලා ගත්හ. නමුත් දෙවන කාර්තුවේ අවසන් කොටසේ දී නැවතත් ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩකයින් කාර්තුව නිමාවන විට තම ලකුණු පරතරය ලකුණු 7ක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය.

තරගයේ දෙවන කාර්තුව අවසානයේ ලකුණු පුවරුව ලකුණු 34-27 ලෙස දැක්විණි.

දෙවන අර්ධය තුලද තම අණසක පතුරවන්නට සමත් වූ මහනුවර ක්‍රීඩකයින්, තම ලකුණු පරතරය ලකුණු  13ක් දක්වා වැඩි කර ගැනීමට සමත් වූ අතර, අන්ත දෙකේදීම ඔවුන්ගේ දක්ෂතා කැපී පෙනෙන්නට විය. තරගයේ දිගින් දිගටම ලද පීඩනය හේතුවෙන් ගාලු දිස්ත්‍රික් කණ්ඩායම පසු බසින අකාරයක් පෙනෙන්නට විය.

කෙසේ වෙතත් තෙවන කාර්තුව අවසානයේ ලකුණු සටහන 52-39 ලෙස දැක්වූයේ මහනුවර කණ්ඩායමේ ජය තහවුරු කරමිනි.

ජයග්‍රහණය අතැතිව අවසන් කාර්තුව ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මහනුවර කණ්ඩායමට අහියෝගයක් එල්ල කිරීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම අපොහොසත් වීම නිසා තරගයේ ජය පහසුවෙන් හිමි කරගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

තරගයේ අවසන් ලකුණු සටහන ලකුණු 69-54 ලෙස දැක්විය.

මහනුවර කණ්ඩායම තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලද ඉහලම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගයෙන් පසු අප වෙත අදහස් දැක්වූ අපරාජිත මහනුවර කණ්ඩායමේ පුහුණුකරු පවසා සිටියේ  තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහයෝගීත්වය මෙම ජයග්‍රහණයන් සඳහා ඉවහල් වූ බව සහ තරගාවලිය ජය ගැනීමට තම කණ්ඩායම ඉතා හොඳ මානසිකත්වයකින් පසු වන බවයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට