මාස 8කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන NBA තරගාවලියේ අවසන් තරගය සඳහා මේ වන විට සියල්ල සුදානමින් පවතී. එහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම්, NBA ඉතිහාසය තුල එකම කණ්ඩායම් ද්විත්වයක් පිට පිටම අවස්ථා 3ක දී අවසන් තරගයකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීමයි.

අවසාන වරට ජයග්‍රහණයක් දිනා ගත් කණ්ඩායම ක්ලිවලන්ඩ් කැවලියර්ස් කණ්ඩායම වන අතර ඉන් පෙර අවස්ථාවේ දී ගෝල්ඩන් ස්ටේට් වෝරියර්ස් කණ්ඩායම ජයග්‍රහණය දිනා ගැනීමට සමත් විය.BB1

කණ්ඩායම් දෙකෙහි ශූරතා වටයේ දක්ෂතා සලකා බැලීමේ දී වෝරියර්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටින බව පෙනී යන නමුත්, කැවලියර්ස් කණ්ඩායමේ ලේබ්රෝන් ජේම්ස්ගේ ක්‍රීඩා විලාසය මත ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම තීරණය වීමට බොහෝ විට ඉඩ ඇත. එයට හේතුව කැවලියර්ස් කණ්ඩායමේ ක්‍රීඩා රටාව හුදෙක් ඔහු කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී තිබීමයිBB2

*වරහන් තුල දක්වා ඇත්තේ කණ්ඩායමට අදාළ කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ හිමි ස්ථානයයි.

** නැවත හැරවීම් ප්‍රමාණය අඩු වන විට දී කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට ලැබෙන අවස්ථා වැඩි වේ.

ක්ලිවලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමBB3

ගියවර ශූරයින් වූ කැවලියර්ස් කණ්ඩායම තම කණ්ඩායම් ඉතිහාසය තුල දෙවන ශූරතාවය දිනා ගැනීමට සුදානම් ව සිටියි.  මූලික වටයේ තරග 82ක් අවසන් වන විට නැගෙනහිර කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වූ ඔවුන්, ශූරතාවය සඳහා යන මාර්ගයේ දී පළමු තරග වටය ඉන්දියානා පේසරස් කණ්ඩායමට එරෙහිව තරග වැදුණු අතර එහි දී තරග 4-0ක් ලෙස ජය ලබා ගැනීමට සමත් විය.

දෙවන වටයේ දී ටොරන්ටෝ රැප්ටර්ස් කණ්ඩායම නැවතත් තරග 4-0ක් ලෙස පරාජයට පත් කළ කැවලියර්ස් කණ්ඩායම ශූරතා වටයේ දී තරග 13කට සහභාගී වූ අතර ඉන් තරග 12ක් ජය ගන්නා විට එක් තරගයක් පරාජයට පත් විය. ඒ නැගෙනහිර කාණ්ඩයේ අවසන් තරග වටයේ දී බොස්ටන් සෙල්ටික්ස් පිල හමුවේය. එම වටයේ දෙවන තරගයේ දී බොස්ටන් සුපිරි ක්‍රීඩක අයිසේයා තොමස් ආබාධයකට ලක්වූ අතර එම නිසා ඔහුට ඉතිරි තරග සියල්ල අහිමි විය.BB4

All-Star ක්‍රීඩකයින් 5කින් (ලේබ්රෝන් ජේම්ස්, ක’යිරී අ(ර්)වින්ග්, කෙවින් ලව්, කයිල් කොවර් හා ඩේරොන් විලියම්ස්) සමන්විත කැවලියර්ස් කණ්ඩයමේ 3 ponits අන්තයෙහි ලකුණු රැස් කිරීමෙහි විශාල වර්ධනයක් දක්නට ලැබේ. පුහුණුකරුවෙක් වශයෙන්  තම දෙවන තරගාවලියට එක්වන ටයිරෝන් ලුයි හට කණ්ඩායම මෙහෙය වීමේ කාර්යය භාර වී ඇති අතර ඔහු 1998-2009 කාලය තුල ක්‍රීඩකයෙක් ලෙස තරගාවලියට එක් විය. මෙහි දී ඔහු කණ්ඩායම් 7කට ක්‍රීඩා කළ අතර 2000 හා 2001 වසරවල දී ලොස් ඇන්ජලිස් ලේකර්ස් කණ්ඩායම සමඟ ශූරතාවය දිනා ගැනීමට ද සමත් වී ඇත.BB5

තරග ගණන (පුහුණුකරුවෙකු ලෙස ) ජයග්‍රහණ පරාජයන් ජයග්‍රහණ ප්‍රතිශතය
123 78 45 63.4%

කණ්ඩායමේ සංයුතිය දෙස සලකා බැලූ විට කණ්ඩායම තුල නවක ක්‍රීඩකයින්ගේ අඩුවක් දක්නට ලැබෙන නමුත් පරිණත ක්‍රීඩකයින් රැසකගේ දායකත්වය ඔවුන්ට හිමිව ඇත. දෙවන පෙළ සඳහා කයිල් කොවර්, ඩේරන් විලියම්ස්, ඉමාන් ෂම්පර්ට් හා රිචර්ඩ් ජෙෆ්රසන්ගේ දායකත්වය ඔවුන්ට නොඅඩුව ලැබී ඇත. ලේබ්රෝන් ජේම්ස් හා ජේම්ස් ජෝන්ස් පිට පිට හත්වන වතාවටත් NBA තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලද අවස්ථාව මෙය වේ.

නිමා වූ තරග 13 තුල කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙසේය.BB6

ගෝල්ඩන් ස්ටේට් වොරියස් කණ්ඩායමBB7

තරග 82ක් අවසානයේ දී ජයග්‍රහණ 67ක් සමඟ බටහිර කණ්ඩායමේ පෙරමුණ ගත් වෝරියර්ස් කණ්ඩායම All-Star ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් (ස්ටෙෆන් ක’රී, කෙවින් ඩුරන්ට්, ඩ්‍රේමාන්ඩ් ග්‍රීන්, ක්’ලේ තොම්සන්, අන්ද්‍රේ ඉගුඩාලා හා ඩේවිඩ් වෙස්ට්) සමන්විත ය. පළමු වටයේ දී පොර්ට්ලන්ඩ් ට්‍රේල් බ්ලෙසර්ස් කණ්ඩායම තරග 4-0ක් ලෙස පරාජය කළ වෝරියර්ස් කණ්ඩායම අර්ධ අවසන් වටයේ දී යු’ටාහා ජෑස් කණ්ඩායම තරග 4-0ක් පරාජය කරන්නට සමත් විය.

බටහිර කාණ්ඩයේ ශූරතාවය දිනා ගත් වෝරියර්ස් කණ්ඩායම ප්‍රබල සැන් අන්තෝනියෝ ස්ප්ර්ස් කණ්ඩායම තරග 4-0ක් ලෙස පරාජයට පත් කිරීමට සමත් විය. මෙහි දී ද ස්පර්ස් කණ්ඩායමේ ප්‍රධානතම අවිය වූ ක්’වාහි ලෙනාර්ඩ් පළමු තරගය දී ම ආබාධයකට ලක්වූ අතර ඔහු තෙවන කාර්තුවේ දී තරගයෙන් ඉවත්ව යන විටත් ස්පර්ස් කණ්ඩායම ලකුණු 25ක් ඉදිරියෙන් සිටියි නමුත් තරගය අවසානයේ ලකුණු 2ක තියුණු ජයක් ලබා ගැනීමට වෝරියර්ස් කණ්ඩායම සමත් විය. තරග වටයේ තෙවන තරගයේ දී 2015 වසරේ ශූරතාවය හිමි කණ්ඩායමේ සාමාජික හා වර්තමාන ස්පර්ස් ක්‍රීඩක ඩේවිඩ් ලී දණහිසේ ආබාධයකට ලක්වීම වෝරියර්ස් ජයග්‍රහණය ඉක්මන් කිරීමට සමත් විය.BB8

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්ටීවි ක’ර් කොන්දේ හට ගත් ආබාධයක් හේතුවෙන් පුහුණුකරු තනතුරෙන් තාවකාලිකව ඉවත්ව සිටින අතර මේ වන මයික් බ්‍රවුන් කණ්ඩායම මෙහෙය වීමේ කාර්යය සාර්ථකව කරගෙන යයි. ඔහු 2007 වසරේ දී ලේබ්රෝන් ජේම්ස් ඇතුළු කැවලියර්ස් කණ්ඩායම අවසන් තරගය දක්වා ඒමට සමත් වුවත් එහි දී ප්‍රබල සැන් අන්තෝනියෝ ස්ප්ර්ස් කණ්ඩායම හමුවේ පරාජය වීමට සිදු විය.BB9

තරග ගණන (පුහුණුකරුවෙකු ලෙස ) ජයග්‍රහණ පරාජයන් ජයග්‍රහණ ප්‍රතිශතය
563 347 216 61.6%

නවක ක්‍රීඩකයින්ගෙන් මෙන්ම පරිණත ක්‍රීඩකයින්ගෙන් සමන්විත වෝරියර්ස් කණ්ඩයමේ අතිරේක ක්‍රීඩකයින්ගේ ද දක්ෂතා අතර සිටීම ඔවුන්ට විශාල සහනයක් වනු ඇත. ෂෝන් ලිවින්ග්ස්ටන්, ඉයන් ක්ලාර්ක්, ජ’වෙල් මැගී තම ක්‍රීඩා දිවියේ ඉහළම දක්ෂතා අතර සිටීම කණ්ඩායමේ දක්ෂතා සඳහා ඉවහල් වනු ඇත.

නිමා වූ තරග 12ක් තුල කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයින්ගේ දක්ෂතා මෙසේය.BB10

තරග ජුනි මස 1 වන දා ආරම්භ වන අතර පළමු තරග 2 සඳහා වෝරියර්ස් කණ්ඩායම සත්කාරකත්වය දරයි. NBA ඉතිහාසය තුල All-Star ක්‍රීඩකයින් 11 දෙනෙකු සහභාගී වන පළමු අවසන් තරග වටය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වේ.BB11

ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන කුසලානය “ලැරී ඕ’ බ්‍රයන්” කුසලානය ලෙස හැදින්වෙන අතර අවසන් තරගයන්හි වීරයාට හිමි සම්මානය “බිල් රසල්” කුසලානය ලෙස නම් කර ඇත. අවසන් වරට තරගයේ දී බිල් රසල්” කුසලානය තෙවන වරටත් හිමිකර ගැනීමට ලේබ්රෝන් ජේම්ස් සමත් වූ අතර ඉන් පෙර අවස්ථාවේ දී මෙය දිනා ගැනීමට වෝරියර්ස් ක්‍රීඩක අන්ද්‍රේ ඉගුඩාලා සමත් විය.

  තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට