රෝස පන්දුව වාර්තා සමඟින් සිංහයන්ට ජය ගෙන එයි

784
Sri Lanka A v West Indies A

ශ්‍රී ලංකා A කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර පසුගිය 04 වැනිදා ආරම්භ වූ පළමු සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අද (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් ලබාදෙමින් අවසන් වූ අතර, මෙම ජයත් සමඟින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නටද සමත් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා පන්දු යවන්නන් නොසිතූ මගක් පාදාගනී

අද දිනය ආරම්භ කරන විට බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම තම දෙවන ඉණිමට කඩුලු 09ක් දැවී  ලකුණු 165ක් ලබාගෙන සිටින ලදි. අද දිනය තුළ කොදෙව්වන් තවත් ලකුණු 10ක් තම ලකුණු පුවරුවට එකතු කරගත් පසු වහාම ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් මෙම ඉණිම තුළ තමා දවාලූ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 6ක් ලබා සිටි රේනාඩ් ලෙවරිජ් දවාගනිමින් කොදෙව් දෙවන ඉණිම අවසන් කරන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් A දෙවන ඉණිම – 175/10 (79.2): විශාල් සිං 46, මොටී කන්හායි 34, ශම්රා බෲක්ස් 28, ජෝන් කෑම්ප්බෙල් 22, ලක්ෂාන් සඳකැන් 4/51

අනතුරුව කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලබාගත් ලකුණු 66 හඹායාමේ අදිටන ඇතිව යම් වෙනස්කමක් සහිතව පිටියට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි වෙනස්කම වූයේ දිමුත් කරුණාරත්න සමඟින් ලහිරු තිරිමාන්න ආරම්භක ක්‍රීඩකයින් යුගල ලෙස දෙවන ඉණිම ආරම්භ කිරීම වන අතර ලහිරු තිරිමාන්න යම් කලකට පසුව සෑහීමකට පත්විය හැකි ලකුණක් ලබාගනිමින් පළමු කඩුල්ල ලෙස ලකුණු 21කට දැවීයන ලදි. ඔහුගේ ඉණිමට 4 පහර 3ක් හා එක් 6 පහරක් අන්තර්ගත කිරීමට ඔහුට හැකිවිය.

අනතුරුව දිමුත් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 67ක් දක්වා තරඟය මෙහෙයවා තරගයේ ජයග්‍රහණය තහවුරු කල අතර මෙම ඉණිම තුලද දිමුත් කරුණාරත්න 4 පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 39*ක් ලබාගනිමින් තම නායකත්වයේ හැකියාවන් පෙන්වන ලදි.

ශ්‍රී ලංකා A දෙවන ඉණිම – 67/03 (20.3): දිමුත් කරුණාරත්න 39*,ලහිරු තිරිමාන්න 21, කියෝන් ජෝශප් 2/17

ප්‍රථම සිව්දින‍ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් ලබාගත් අතර එම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමක් රෝස පන්දුවෙන් ජයග්‍රහණය කල පළමු තරඟය ලෙස සහ මෙරට පැවැත්වූ පළමු රෝස පන්දු තරගයේ ජයග්‍රහණය ලෙසද සනිටුහන් කරමින් වාර්තා පොත් අලුත් කරන්නට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු ඉණිම් දෙක පිළිබඳ සාරාංශය,

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉණිම 276/10 (86.4): විශාල් සිං 96, ශම්රා බෲක්ස් 65, කෙමා රොච් 45*,කිරෙන් පවෙල් 36, අසේල ගුණරත්න 3/27, අසිත ප්‍රනාන්දු 2/35, චරිත් අසලංක 2/53

ශ්‍රී ලංකා පළමු ඉණිම – 386/10 (104.5): දිමුත් කරුණාරත්න 131, කුසල් පෙරේරා 87, නිරෝෂන් දික්වැල්ල 59, අසේල  ගුණරත්න 38, රහකීම් රශ්වාන් කෝන්වල් 108/08

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත සිව්දින තරගාවලියේ, දෙවන සිව්දින ක්‍රිකට් තරඟය ලබන 11 වැනිදා (අඟහරුවාදා) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්නමුල්පිටුවට