“වැදගත් වන්නේ ක්‍රීඩකයන් එකට සිටීමයි” – හරීන් ප්‍රනාන්දු

413

මලල ක්‍රීඩා, කැරම් හා දැල්පන්දු යන ක්‍රීඩාවල ජාත්‍යන්තර ජයග්‍රහණ දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් ඊයේ (18) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්විය.

මෙම උත්සවයේ ප්‍රධානම අරමුණ වූයේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට ත්‍යාග මුදල් ලබා දීමත්, ඔවුන්ව ඉදිරියේ පැවැත්වෙන තරග සඳහා දිරිමත් කිරීමත්ය.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි සහ අවසාන එක්දින තරගයේ දී ද පහසු……

මෙහි දී ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේ බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණුකරුටත්, කොරියාවේ පැවතී ලෝක කුසලාන කැරම් තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ටත්, සිංගප්පූරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ජයග්‍රාහිකාවන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හා ඔවුන්ගේ පුහුණුකරුවන්ටත් ත්‍යාග මුදල්  ප්‍රදානය කරන ලදි.

මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට මෙවැනි මුදල් පරිත්‍යාග ලබා දිය යුත්තේ ක්‍රීඩා අරමුදලින් බවත් නමුත් ඔහු මෙම ක්‍රීඩා අමාත්‍යංශය බාර ගන්නා විට ක්‍රීඩා අරමුදල හිස්ව තිබූ බවත් පවසා සිටියේය.

“අපි බලන කොට ක්‍රීඩා අරමුදල හින්දුස්ථාන් වෙලා”. ක්‍රීඩා අමාත්‍යවරයා පවසන ආකාරයට ඉදිරියේ දී ජාත්‍යන්තර තලයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා සුපිරි සංචිතයක් “super pool”ආරම්භ කරන බවයි. එමගින් ජාත්‍යන්තර තලයට ක්‍රීඩකයන් තොරා ගැනීමට පහසුවන බව අමාත්‍යවරයා පවසා සිටියේය.

පොලිස් භටයන්ගේ ප්‍රහාරයෙන් නාවික හමුදාවට වේදනාබර පරාජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ අවසන් සති අන්තය නිමා කරමින් අද (17) සත්කාරක නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ…….

මෙහි දී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමි පවසා සිටියේ බලධාරීන්ගේ කළමනාකාරිත්වයේ පහසුව තකා ක්‍රීඩකයන් අපහසුතාවයට පත්කිරීමට නොයන ලෙසත්,  සමාජ ජාලා වෙබ් අඩවි විසින් ක්‍රීඩකයන්ට විවිධ මඩ ගැසීම් සිදු නොකරන ලෙසත්ය.

එමෙන්ම අමාත්‍යවරයා ක්‍රීඩකයන්ට පවසා සිටියේ සියලු දෙනා එකට සිටින ලෙසත්, ක්‍රීඩකයන් අතරේ නිතරම විශ්වාසක් තබාගන්නා ලෙසත්ය. ”තමන් ඕන දෙයක් කරද්දී ක්‍රීඩාවේ තමන්ගේ යාළුවා විශ්වාස කරන්න, ක්‍රීඩකයෝ ක්‍රීඩකයෝ එකට ඉන්න, ක්‍රීඩකයෝ ගේම් ගහන්ඩ එපා, ඊරිසියා කරන්ඩ එපා” මෙලෙස අමාත්‍යවරයා අදහස් දක්වමින් පවසා සිටියේ වර්තමානයේ  ක්‍රීඩාවල පවතින ගැටලුකාරී තත්වයන් නිසාය.

රිදී පදක්කම් දිනූ ගොල්ෆ් ශූරයෙක් ජීවිත ගමනට සමුදෙයි

ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව ඉහළින්ම ඔසවා තැබීමට ඉමහත් සේවයක් ඉටු කළ කේ. නන්දසේන පෙරේරා මහතා වසර 65ක් ආයු වළඳා ජීවිත ගමනින්……..

මෙහි දී යොවුන් ඔලිම්පික් උළෙලේ බාධක දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී මාරිස්ටෙලා ක්‍රීඩිකාවට රු 1,500,000ක් හා ඇයගේ පුහුණු කරුට රු 3,75,000ක මුදලක් ද පිරිනමන ලදි. කොරියාවේ පැවති ලෝක කුසලාන කැරම් තරගාවලියේ ශූරයන්ට රු.2,550,000ක් හා ඔවුන්ගේ පුහුණුකරුවන්ට රු.637,500ක් පිරිනමන ලදි. සිංගප්පූරුවේ පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගත් ක්‍රීඩිකාවන්ට රු.3,600,000 හා  ඔවුන්ගේ පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවියට රු.500,000ක් ලබා දෙන ලදි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<