ක්‍රීඩා සංගම් හා ක්‍රීඩක ගැටලු කඩිනමින් විසඳීමට නව වැඩපිළිවෙළක්

123

ක්‍රීඩා අමාත්‍යාංශයේ මහජන දිනය වඩාත් කාර්යක්ෂමව සහ නව මුහුණුවරකින් පැවැත්වීමට නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තීරණය කර ඇත. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විශේෂ ඒකකයක් හඳුන්වා දී තිබෙන අතර එහි සේවය මෙම මස (ජනවාරි) 16 වැනිදා සිට ලබාගත හැක.

නවසීලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට යද්දී එක්කෙනෙක් හැලේ

ජනවාරි මස 24 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත…

පත් කරන ලද මෙම නව ඒකකය මඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු විසඳීමට ප්‍රමුඛතාවය හිමි වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේ දී ම අදාළ අංශ වෙත ගැටලුව යොමු කර එදිනම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විසඳුම් ලබා දීම මෙම නව ඒකකයේ මූලික අරමුණ වී ඇත.

මේ අනුව ක්‍රීඩා හා සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා සෑම සතියකම බදාදා දිනයේ ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසීමට බලාපොරොත්තු වන ක්‍රීඩා සංගම්, ක්‍රීඩා සම්මේලන නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ගැටලු කඩිනමින් විසඳා ගැනීමට හැකි වේ යැයි ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ජිමී නිෂම් ඊළඟ තරගයට නැහැ

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ජිමී නිෂම් හට ශ්‍රී ලංකාව සමඟ සිකුරාදා පැවැත්වෙන එකම විස්සයි විස්ස…

නව විශේෂ ඒකකය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, තහනම් උත්තේජක මර්දන ආයතනය සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින සියලුම අංශයන්හි නිලධාරීන් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<