මේ වසරේ මාර්තු මස පැවැත්වීමට නියමිතව තිබූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් 1 වැනිදා දක්වා කල්දැමීමට තරගාවලි සංවිධායක කමිටුව හට සිදු වූයේ සත්කාරක දේශය වන නේපාලයේ ඔලිම්පික් කමිටු සභාති ධූරය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාපත් කරගැනීමේ දී උද්ගත වූ අර්බුදකාරී තත්වය නිසාවෙනි.

සත්කාරක රටට කිරි අපිට කැකිරි තීන්දුවක්!

මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන …

මෙම ගැටලුවට නිසි පිළිතුරක් සෙවීම සඳහා එරට බලධාරීන් මාස කිහිපයක සිටි දැඩි ප්‍රයත්නයක නිරත වෙනු දැකගන්නට ලැබුණු අතර හදිසියේම උද්ගත වූ මෙම ගැටලුකාරී තත්වය නිසාවෙන් සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුම ක්‍රීඩා බලධාරීන් දැඩි අපහසුතාවකට පත්විය.

කෙසේ නමුත් මාස ගණනාවක් පුරාවට දිග ඇදෙමින් ආ මෙම අර්බුදයට ස්ථිරසර පිළියමක් ලබා දීමට එරට ඔලිම්පික් කමිටුභාර නිලධාරි මණ්ඩලය ඊයේ දිනයේ දී සමත් වී තිබෙන්නේ සභාපති මුලසුන සඳහා පැවති ඡන්ද විමසීම සාමකාමීව සහ සාර්ථකව නිමාව දැකීමත් සමඟිනි.

එහි දී නව අපේක්ෂක උමේෂ් ලාල් ෂ්‍රෙස්තාට වඩා වැඩි ඡන්ද 7ක් හිමිකරගත් හිටපු සභාපති ජීවන් රාම් ෂ්‍රෙස්තා නැවත වතාවක් එම ධූරයේ වැඩ බාර ගැනීම සඳහා තේරීපත්වී තිබේ.

ජීවන් රාම් ෂ්‍රෙස්තා මහාතාගේ පළමු ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීම ඉතාමත් පක්ෂග්‍රාහී සහ දූෂිත එකක් බව සඳහන් කරමින් පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බහදූර් මොක්තාන් මහතා විසින් නේපාල ඔලිම්පික් කමිටුවට එරෙහිව තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කළ අතර පැමිණිලි සියල්ල විභාගකොට අවසන් වන තුරු කිසිදු ඡන්ද විමසීමක් නොපවත්වන ලෙස ද අණ ලබා දුනි.

බැඩිමින්ඩන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 48ක් SAG යන්න බලාගෙන

එළඹෙන දෙසැම්බර් මස 1 සිට නේපාලයේ දී පැවැත්වීමට නියමිත 2019 දකුණු ආසියානු ක්‍රීඩා …

ඒ අනුව පැවති නඩු විභාග කටයුතු සියල්ල අවසන් වීමෙන් අනතුරුව මේ මස 8 වැනිදාට යෙදී තිබූ ඡන්ද විමසීමෙන් නැවත වතාවක් බලයට පත්වීමට ජීවන් රාම් මහතා ප්‍රමුඛ නිලධාරි මඬුල්ල සමත් විය. 

මෙහි දී ඡන්ද විමසීමේ කටයුතු විනිවිදභාවයකින් යුතුව සහ පැහැදිලි ක්‍රියාපටිපාටියකට අනුව සිදු වූයේ ද යන්න පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු කලාපීය ඔලිම්පික් සංගමය නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙකුගේම සහය ලබා ගැනීමට ඔවුන් පියවර ගෙන තිබුණි.

කලක් තිස්සේ බොහෝ පිරිසකට හිසරදයක්ව පැවති මෙම මතභේදාත්මක ගැටලුව ඒ අනුව එතැකින් නිමා වූ අතර ධූරයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ජීවන් රාම් මහතා සඳහන් කර තිබුණේ මින් මතුවට ඔලිම්පික් කමිටුවේ ස්වාධිපත්‍යයට හානි වන කිසිදු ක්‍රියාවක් සිදුවීමට හෝ සිදු කිරීමට තමන් ඉඩ ලබා නොදෙන බවත්, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය උපරිම සහෝගය ලබා දීමට කැපවී කටයුතු කරන බවත්ය.

මෙවර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් පවතින අතර මෙවර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් තරග බිමට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

කලාපීය ප්‍රබලයා වන ඉන්දියාවට හොඳ අභියෝගයක් එල්ල කරමින් ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීම මෙවර අප ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඒකායන අරමුණ බව ඉතාමත් පැහැදිලිය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර සූදානම් වන අයුරු පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා දිගටම ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<