වර්ෂාව හේතුවෙන් දෙවැනි පුහුණු තරගය අතහැර දමයි

384

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර අද (06) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පුහුණු එක් දින තරගය කිසිදු පන්දුවක් නොයවා නතර කෙරුණි.

එංගලන්ත ක්‍රීඩකයෝ පුහුණු තරගයේ දී ම ශ්‍රී ලංකාවට අනතුරු හඟවයි

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සමඟ අද (05) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී නිමා

දිනය ආරම්භයේ පෙරවරු 8.00ට පමණ පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර කොට්ටහච්චි සහ කීර්ති බණ්ඩාර යන මහත්වරුන් සහාය විනිසුරු ගාමිණි දිසානායක මහතා ද සමඟ  පිටිය නිරීක්ෂණය කළ අතර ඔවුන් පිටියට පිවිසි එකම සහ අවසාන අවස්ථාව එය විය.

දිගින් දිගටම කොළඹ ප්‍රදේශයට ඇද හැළුණ වර්ෂාවෙ හි අඩුවක් නොවීමෙන් දහවල් 12.00ට තරගය අතහැර දැමීමට විනිසුරුවන් සහ දෙපිලේ නායකයන් ගිවිස ගත්හ. තරග තීරක ප්‍රදීප් ශ්‍රී ජයප්‍රකාශ්දරන් ද සිටියේ එම තීරණයේ ම ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අද දින දහවල් 12.00ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය අනුව පවතින වැසි තත්ත්වය හෙට දිනයේ ද තව දුරටත් වර්ධනය වෙතැයි අපේක්ෂා කෙරේ. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 10 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙන අතර කාලගුණ අනාවැකි අනුව ඉදිරි දින කිහිපයේ දී උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ දිගින් දිගටම වර්ෂාව පැවැතෙන්නේ නම් එංගලන්ත තරගාවලියට වර්ෂාව ප්‍රධාන තීරකයා වීමේ වැඩි අවදානමක් පවතී.

අද තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගේ කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දිමුත් කරුණාරත්න වෙත පැවරී තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<