මංගල යොවුන් බාලිකා ලෝක කුසලානයේ සත්කාරකත්වය තීන්දුයි

19න් පහළ බාලිකා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

752

ICC වයස අවුරුදු 19න් පහළ පළමු බාලිකා ක්‍රිකට් තරගාවලිය 2023 වසරේ දකුණු අප්‍රිකාවේ දී පවත්වන බව ICCය විසින් නිවේදනය කර සිටිනවා. එය පන්දුවාර 20-20 තරග ආකෘතිය යටතේ පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 16කින් සමන්විත වන මේ T20 ක්‍රිකට් තරගාවලිය 2021 වසරේ දී පැවැත්වීමට නියමිතව සිටි නමුත්, ගෝලීය වසංගතයක් ලෙස පැතිර ගිය කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් එම තරගාවලිය කල් දැමීමට ICC තීරණය කළා.

කෙසේ නමුත් ඊයේ (10) ඩුබායි හිදී අවසන් වුනු ICC විධායක කමිටු හමුවේ දී මේ තරගාවලිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාව එළඹෙන වසර තුල පැවැත්වෙන ප්‍රධාන ICC කාන්තා තරග ඉසව් දෙකක් සඳහා සත්කාරකත්වය දැරීමට නියමිතයි. 2023 වයස අවුරුදු 19න් පහළ කාන්තා T20 කුසලානය සහ 2023 ICC කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (පෙබරවාරි 9 – 26) 2023 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත ප්‍රධාන ICC ඉසව් දෙක වෙනවා.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<