එල්ගාර්ගේ දැවී යාම සාධාරණද?

64

මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකා-එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අතරතුර දී ඩීන් එල්ගාර්ගේ දැවී යාම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබිනි. මේ පිළිබඳව අදහස් දක්වමින් එල්ගාර් පවසා සිටියේ එහිදී පන්දුව තම පිත්තෙහි නොවැදුනු බවට තමන්ට විශ්වාස බවයි. 

ඉරාන – ඇමරිකානු අර්බුදයෙන් බැට කෑ සුපිරි ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා

ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙඹවූ හිටපු ඕස්ට්‍රේලියානු…

එල්ගාර් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 88 ක් වාර්තා කළ අතර දෙවන ඉනිමේ දී ඔහු ලකුණු 34 කට දැවී ගියේ ජෝ ඩෙන්ලි යැවූ පන්දුවකට ජෝ බට්ලර් හට උඩ පන්දුවක් ලබා දෙමිනි. එම තීරණය අභියෝගයට ලක්කිරීමට එල්ගාර් ක්‍රියා කළ ද තෙවන විනිසුරුවරයාගේ තීරණය වූයේ ද ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු බවයි. 

“ මම දැවී ගියා නම් මම කිසිම වෙලාවක review එකක් නාස්ති කරන්නේ නෑ. මම ඒ වගේ සෙල්ලම් කරන්නේ නෑ. මම මාව දකින්නේ දැවී ගිය විට කිසිම පැකිලීමක් නැතිව ඒක භාරගන්න ක්‍රීඩකයෙක් විදිහට. මට ඒ වගේ දෙයක් වුනාම මං ගොඩක් හැඟීම්බර වුනා. මම නැවතත් පුනරූපන බැලුවා. ඒත් මම තාමත් කියන්නේ ඒක පිත්තේ වැදුනේ නෑ.”

ජෝ ඩෙන්ලි එවූ පන්දුව ඉදිරියට යොමු කරමින් එල්ගාර් පහරක් එල්ල කළ අතර පන්දුව ජෝ බට්ලර් වෙත ඇදී ගියේය. ඒ අවස්ථාවේ දී විනිසුරු වූ පෝල් රයිෆල් විසින් එල්ගාර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සංඥා කළ අතර එම තීරණය එල්ගාර් විසින් අභියෝගයට ලක් කරන ලදි. කෙසේවෙතත් වීඩියෝ පුනරූපන වලදී තුන්වන විනිසුරු වූ ක්‍රිස් ග්‍රැෆනි ද එල්ගාර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළේ UltraEdge තාක්ෂණය උපයෝගී කරගනිමිනි. 

දකුණු අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 438 ක් අවශ්‍යව තිබූ අතර ඔවුන් සිව්වන දිනය නිමා කළේ කඩුලු දෙකක් දැවී ලකුණු 126 ක් රැස්කර ගැනීමට සමත් වෙමිනි. එංගලන්තයට ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා කඩුලු 8 ක් අවශ්‍යව තිබේ. 

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි…

“මම ඉදිරියේ දී මේ ගැන අදහස් දක්වන්නේ නෑ. මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟින් කිසිම මතභේදයක් අවශ්‍ය නෑ. ඒත් ක්‍රීඩකයෙක් විදිහට මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ වෙලාවේ පන්දුව වැදුනේ නෑ කියලා.” 

“වෙලාවකට අපිට වාසි වෙන දේවල් වෙනවා. ඒත් හැමවෙලේම එහෙම වෙන්නේ නෑ. අවාසනාවකට අද වුනේ එහෙම දෙයක්. අද මට තේරුනා අපිට වාසි විදිහට දේවල් වුනේ නෑ කියලා. ඒත් මම හිතනවා අපිට මේ තරගයේ තවමත් අවස්ථාව තියෙනවා කියලා.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඩීන් එල්ගාර් පැවසීය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<