දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමාජයෙන් ඈත්වෙයි

52

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමේ අරමුණින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර ඇත. ඒ ඔවුන් ඉන්දීය සංචාරය අත්හිටුවා නැවත දකුණු අප්‍රිකාවට පැමිණි පසුවයි.

රොශාන් මහානාම ස්වයං නිරෝධායනයක

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් තරග තීරක රොෂාන් මහානාම…..

එකදු තරගයක් හෝ ක්‍රීඩා නොකර දකුණු අප්‍රිකාව පසුගිය බදාදා ඉන්දියාවේ සිට නැවත දකුණු අප්‍රිකාවට පැමිණියේය. දකුණු අප්‍රිකා – ඉන්දියා පළමු එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණු අතර ඉතිරි තරග දෙක කොරෝනා ව්‍යාප්තිය නිසා අතහැර දමන ලදි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ෂුයිබ් මංජ්රා කණ්ඩායම සමඟ ඉන්දියාවට ගමන් කළා. ඔවුන් එම සංචාරයේ දී ඩුබායි, දිල්ලි, ධර්මසාලා, ලක්නව් හා කොල්කටා නගරවල නැවතී තිබුණා.

“දකුණු අප්‍රිකා ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියට පෙර අවදානම පිළිබඳ සොයා බැලීමක් කළා.” ඔහු පවසා සිටියා. අපි බලාපොරොත්තු වුනා අවදානම බොහොම අඩුවයි කියලා, නමුත් අපි එහි සිටිය දී ලෝකයේ තත්වය ක්ෂණිකව වෙනස් වුනා.”

ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ රටවල් වල දේශ සීමා වසා දැමීමේ අර්බුදයකට මුහුණු දීමේ අවදානමක් මතු වූ බවයි. “ක්‍රීඩකයින්ගේ මානසික තත්වය තමා වැදගත් වෙන්නේ. ක්‍රීඩකයින් සිය පවුල් පිළිබඳව දකුණු අප්‍රිකාවේ තත්ත්වය පිළිබඳ කනස්සල්ලෙන් සිටියා.”

“අපි ක්‍රීඩකයින්ව දැනුවත් කළා අසනිපයේ ස්වභාවය පිළිබඳව. අපි ක්‍රීඩකයින්ට පැවසුවා ස්වයං නිරෝධායනයේ සති දෙකක් සිටිය යුතුයි කියලා.” 

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ද කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා කල් දැමුණා.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<