Gangulyට ඩෙල්ටා+

319

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානී Sourav Ganguly හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙනවා. මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ ඔහුට COVID-19 වයිරසයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.

Gangulyගේ තත්වය බරපතළ නොවන නිසා ඔහුව නිවසේ නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

“Gangulyගේ රුධිර සාම්පලවල ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය දක්නට ලැබුණා. අපි දැනට ඔහුට ප්‍රතිකාර කරනවා”, HindustanTimes පුවත්පතට වෛද්‍ය නිලධාරියෙක් සඳහන් කර තිබුණා.

Omicron ප්‍රභේදය සඳහා පරීක්ෂණයට යොමු කළ නමුත් Gangulyට වැළඳී ඇති ප්‍රභේදය Omicron නොවන නිසා ඔහුව වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සති දෙකක් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

RT-PCR පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිඵලයක් ලැබීම නිසා Gangulyව කඩිනමින් Woodlands Multispeciality රෝහලට ඇතුළු කෙරුණා. හදවත ආශ්‍රිත ශල්‍යකර්මයක් සඳහා ඔහුව පසුගිය වසරේ දී දෙවරක්ම රෝහල්ගත කෙරුණා.

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<