“කොරෝනා වලට පහර දිය යුත්තේ පන්දුවට පහර දෙන ආකාරයටයි” – BCCI සභාපති

218
Sourav Ganguly

COVID-19 වසංගතයෙන් එල්ල විය හැකි බලපෑම ඉදිරි මාස කිහිපයේ දීද ජනතාවට අත්විඳීමට සිදුවනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතනයේහි සභාපති සව්රව් ගංගුලි මහතා අදහස් දක්වා තිබුනේ IPL තරගාවලියේ අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ද නුදුරේදීම අපේක්ෂා කරන බව සඳහන් කරමිනි. 

2000 දශකයේ නායකයින්ට කාසියේ වාසිය එපා කරවූ ඉන්දීය නියමුවා

ඉන්දියනු ක්‍රිකට් වංශ කතා පොතෙහි එදා මෙදාතුර බිහි වූ සාර්ථකම

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මයාන්ක් අගර්වාල් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී COVID-19 උවදුර මැඬලීම සඳහා ඉන්දියානු රජය සහ සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සව්රව් ගංගුලි මහතා ප්‍රකාශ කර තිබුනේ තව ඉදිරි මාස කිහිපයේ ද මෙම මෙහෙයුම අඛණ්ඩව ඉදිරියටත් ගෙන යාමට අදාළ පාර්ශවයන්ට සිදුවනු ඇති බවයි. 

“ඉදිරි මාස තුන, හතරක කාලයත් අපි හැමෝටම එතරම් පහසු වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ. බොහෝ දුරට මේ අවුරුද්ද අග හෝ ලබන වසරේ මුල වගේ මේ ගැටලුවට නිශ්චිත පිළිතුරක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට හැමදෙයක්ම ඉක්මණට ආයිත් යථා තත්වයට පත්වෙයි කියලා අපි හිතමු. IPL ගැන කිව්වොත් දැනට තියෙන තත්වය උඩ නොවැම්බර් මුල වගේ ක්‍රියාත්මක කරන්න හිතාගෙන හිටිය තරගාවලිය, තවත් පස්සට යන්න තියෙන සම්භාවිතය වැඩි කියලයි මට හිතෙන්නේ.” 

තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දියාවේහි මේ වන විට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යමින් පවතියි. නිල දත්ත වාර්තාවන්ට අනුව ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුනු විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාව තුළින් වීම නිසා එරට ජන ජීවිතය තවමත් පවතින්නේ අවදානම් සහගත තත්වයකයි. 

ඛේටය දඟපන්දු යවන්නන්ටත් උදව් කරනවා – රහ්මාන්

කොරෝනා වයිරසයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ දී පන්දුව ඔපදැමීම සඳහා

මේ නිසාවෙන් තරගාවලියේ සත්කාරකත්වය වෙනත් රටකට ලබා දීමේ යෝජනාවක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබූ අතර ඊට කැමැත්ත පළකරමින් රටවල් තුනක් (ශ්‍රී ලංකාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය) මේ වන විට අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළකර ඇති බව සඳහන් වේ.  

“මේ රෝගයට හරි එන්නතක් එනකල් අපි කාටවත්ම කියන්න බැහැ ඉස්සරහට මොන වගේ තත්ව වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි ද කියලා. අපි දැන් මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අනුගමනය කරන්න ඕන සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් ගැන හොඳටම දැනුවත් කියලයි මම හිතන්නේ. ඉතින් අපි හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන කාලයක් මේක. එන්නතක් හොයාගත්ත දවසට හැමදේම ආයිත් සාමාන්‍ය තත්වයට පත්වේවි.” යනුවෙන් අදහස් දක්වා සිටි සව්රව් ගංගුලි වත්මන් වසංගත තත්වය තණතීරුවෙහි ස්වභාවයට අනුව පිතිකරණ ශෛලිය වෙනස් කරන පිතිකරුවෙකුට උපමා කර සිටියේ ඕනෑම දෙයකට අනුගත වීමට අප හුරු විය යුතු බව සියලු දෙනාටම පසක් කර දෙමිනි. 

“මේක නිකන් හරියට පිතිකරුවෙක් පන්දුවට පහර දෙන්න යොදා ගන්න උපක්‍රමයක් වගේ. තණතිල්ලෙ ස්වභාවය අනුව අපි අපේ පිතිකරණ රටාව වෙනස් කරනවා. වේගපන්දුවට යෝග්‍ය තණතීරුවලදී ඒ විදියටත් මන්දගාමී, දඟ කැවෙන තණතිලිවලදී ඊට ගැළපෙන විදියටත් මුහුණ දෙන්න හැම පිතිකරුවෙක්ම සූදානමින් ඉන්න ඕන. COVID-19 වසංගතයටත් සාර්ථකව මුහුණ දෙන්න ඕන ඒ විදියටයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<