වර්ෂාව නිසා තරගය ජය පරාජයෙන් තොරයි

278

නැගෙනහිර පළාත හා ඌව පළාත අතර මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ දී ඊයේ (20) ආරම්භ වූ ක්‍රිකට් තරගය අද (21) ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගය පැවැත්වූයේ අන්තර් පළාත් වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියට සමගාමීවයි.

මධ්‍යම හා දකුණු පළාතට ජය

වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (19) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ වූ අතර, එහි තවත් තරගයක් අද (20) ආරම්භ විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ නැගෙනහිර පළාත් කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේය.

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී නැගෙනහිර පළාත වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ සංජික රිද්ම නොදැවී ලකුණු 152*ක් වාර්තා කළේය. ඔහුට සහය දුන් රමිඳු නික්ලේෂල ලකුණු 92යි.

අවසානයේ ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 384ක් රැස්කරගෙන තිබුණි. පන්දු යැවීමේ දී හශාන් විමර්ශන ලකුණු 61ක් තුල කඩුලු 5යි. ඔහුට සහය වූ හර්ෂ රාජපක්ෂ කඩුලු 2ක් දවා ගන්නා ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ ඌව කණ්ඩායම වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි හර්ෂ රාජපක්ෂ ඊයේ දිනය සඳහා තරගය නවතා දමන විට ලකුණු 43*ක් ලබාගෙන සිටියේය.  එවිට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඌව පළාත් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 105ක් ලබාගෙන තිබුණි.

එතැන් සිට අද දිනයට තරගය ආරම්භ වුවද, තරගය ආරම්භ වීමට පැය තුනක පමණ ප්‍රමාදයක් වූයේ, තණනිල්ල ප්‍රදේශය තෙතබරිත ස්වභාවයක් ඉසිලූ නිසාවෙනි.  

ඉන්පසුව තරගය නැවතත් ආරම්භ වූ අතර දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 43ක් ලබාගෙන සිටි හර්ෂ ලකුණු 43කට දැවී ගියේය.  එයින් පසුව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කිරීමට කිසිදු පිතිකරුවෙකුට නොහැකි වූ අතර කේ. තනුශන් හා නිමේෂ් විමුක්ති දක්ෂ ලෙස පන්දු යවමින් තරගය අවසානයේ ඔවුන්ගේ ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 193කට අවසන් කරන ලදි. එහි දී තනුශන් හා නිමේෂ් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

නැගෙනහිර පළාත පළමු ඉනිම – 384/9 dec (පන්දුවාර 73): සංජික රිද්ම 152*, රමිදු නික්ලේෂල 90, සචිත ජයතිලක 32, ප්‍රමුද් හෙට්ටිවත්ත 32, නිමේෂ් විමුක්ති 27, රමේෂ් නිමන්ත 22, හශාන් විමර්ශන 5/61, හර්ෂ රාජපක්ෂ 2/76.

ඌව පළාත් කණ්ඩායම පළමු ඉනිම – 193/9 (පන්දුවාර 69): හර්ෂ රාජපක්ෂ 43, ලිසුල ලක්ෂාන් 30, සමායි ගුණසේකර 29, කේ. තනුශන් 3/32,  නිමේෂ් විමුක්ති 3/36.

මෙම තරගාවලියේ මීළඟ තරග පහත පරිදි පැවැත්වේ

ජුලි 23 හා 24 දා මධ්‍යම පළාත උතුරු මැද පළාත BRC
වයඹ පළාත උතුරු පළාත බ්ලුම්ෆීල්ඩ්
බස්නාහිර පළාත් දකුණ ඌව පළාත පොලිස් ක්‍රීඩා පිටිය
බස්නාහිර පළාත් උතුර දකුණු පළාත හම්බන්තොට

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට