මීගමුව – NCC හඹා ගොස් ජයගනියි

325
Niroshan Dickwella

අන්තර් සමාජ පළමු කාණ්ඩයේ වයස අවුරුදු 23න් පහල විස්සයි – විස්ස තරගාවලියේ ඊයේ (08) පැවති තරග දෙකෙන්ම ජය හිමි වූයේ දෙවනුවට පන්දුව පන්දුවට පහරදුන් කණ්ඩායමටයි. තරග දෙකේම ඉලක්ක ඉතා පහසු ඒවා වුවද ඉන් එක තරගයක් අපහසු හඹා යාමක් බවට පත්කරගත් මීගමුව ක්‍රීඩා සමාජයට අවසන් පන්දුව තෙක් සටන් වදින්නට සිදුවිය.

පසුගිය ලිපි: කෝල්ට්ස් – CCC අපරාජිතව ඉදිරියට

නාවික හමුදාව සහ මීගමුව ක්‍රී.ස.

පළමුවෙන් පන්දුවට පහරදුන් නාවික හමුදා ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 සම්පූර්ණ වන තෙක් හෝ පිටියේ රැඳී සිටීමට ඉඩ නොලැබුණි. කෙසේ වෙතත් ලකුණු 125ක පහසු ඉලක්කය හඹා යෑම අවසන් පන්දුව තෙක් දික් ගස්සවා ගත් මීගමුව ක්‍රීඩකයින් අවසන් මොහොතේ තියුණු ජයක් වාර්තා කලේ ‘උවින් – කවීන්’ බණ්ඩාර ද්විත්වයේ පිති ප්‍රහාරයෙන් ලද දායකත්වය හේතුවෙනුයි.

ලකුණු පුවරුව :

නාවික හමුදා ක්‍රී.ස. – සියල්ලන් දැවී – 124 (19.3): කුසල් ලක්තිලිණ – 31, තුෂාර සමරකෝන් – 24, පසිඳු ද සිල්වා – 4/17, ඩිනන් ප්‍රනාන්දු – 3/16, ප්‍රවීන් ඩිලංක – 2/29

මීගමුව ක්‍රී.ස. – 126/6 (20): කවීන් බණ්ඩාර – 36, උවින් බණ්ඩාර –  31*, සමීර සඳමාල් – 1/20

මීගමුව ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


ටැමිල් යූනියන් ක්‍රී.ස. සහ NCC ක්‍රී.ස.

ඊයේ පැවති අනෙක් තරගයේදි NCC කණ්ඩායම ටැමිල් යූනියන් කණ්ඩායම පරදවමින් පහසු ජයක් ලබන්නට සමත් විය. සිය පන්දුවාර 4 තුළ කඩුලු 5ක් දවාගත් රවිඳු තිලකරත්න හමුවේ අසරණවූ ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 127ක් පමණක් රැස් කරද්දී, නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක් සමගින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට පෙරමුණ ගන්නා ලදී.

ලකුණු පුවරුව :

ටැමිල් යුනියන් ක්‍රී.ස. – 127/9 (20):  දිනෙත් තිමෝද්‍ය –  67, චාමික කරුණාරත්න – 21. රවිඳු තිලකරත්න –  5/30, සඳුන් සම්පත් – 2/12

NCC ක්‍රී.ස. – 128/2 (11.3): නිරෝෂන් දික්වැල්ල – 49, ලහිරු උදාර –  30, නිමේෂ ගුරුසිංහ – 29*

NCC  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 8 ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට