කෝල්ට්ස් – CCC අපරාජිතව ඉදිරියට

241
SLC u23 division 1 cricket

අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ තම අපරාජිත වාර්තාව රැකගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට කොළඹ කෝල්ට්ස් සහ CCC ක්‍රීඩා සමාජ සමත් විය. BRC කණ්ඩායම තම සිවු වන ජය වාර්තා කරද්දී, රියෝ සහ ආදී තර්ස්ටන් ක්‍රීඩා සමාජ ද ඊයේ පැවති තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: සමීර සඳමාල් සහ ලසිත් ලක්ශාන්ගෙන් ඉහල දස්කම්

ආදී තර්ස්ටන් ක්‍රී.ස. සහ පානදුර ක්‍රී.ස.

මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ආදි තර්ස්ටන් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 තුල ලබා ගත් ලකුණු සංඛ්‍යාව 145කි. කසුන් අබේරත්න ලකුණු 39ක් සහ සජිත් ගුණතිලක ලකුණු 37ක් රැස් කරන ලදී. තරගයේ වඩාත් ප්‍රභල කණ්ඩායම ලෙස සැලකුණු පානදුර ක්‍රීඩා සමාජයට සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

ලකුණු පුවරුව :

ආදි තර්ස්ටන් ක්‍රී.ස. – 145/6 (20)   : කසුන් අබේරත්න – 39, සජිත් ගුණතිලක – 37, නිමේෂ් විමුක්ති – 2/35, රොෂාන් පෙරේරා – 2/27

පානදුර ක්‍රී.ස.- සියල්ලන් දැවී -: 130 (18.5)  : මොහොමඩ් ශිල්මි – 37, රොෂාන් පෙරේරා – 20, සවන් ප්‍රභාෂ් – 4/16

ආදි තර්ස්ටන් ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 15ක ජයක්.


වරාය අධිකාරී ක්‍රී.ස. සහ ලංකන් ක්‍රී.ස.

මධුරංග රාජපක්ෂගේ සුපිරි පිතිකරණයෙන් සවිමත් වූ වරාය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166කි. අනතුරුව ලංකන් කණ්ඩායම ලකුණු 143කට දවා ගනිමින් ලකුණු 23ක ජයක් වාර්තා කිරීමට ඔවුන්ට හැකි විය.

ලකුණු පුවරුව :

වරාය අධිකාරී ක්‍රී.ස. – 166/8 (20) : මධුරංග රාජපක්ෂ – 91, ලසිඳු නිම්සර – 34, S සත්සර – 3/25, S කෝරාළ – 2/33

ලංකන් ක්‍රී.ස.- සියල්ලන් දැවී – 143 (19.3) : ප්‍රමුද් හෙට්ටිවත්ත – 42, සි. සුධාරක – 2/23, ප්‍රියන්ත වීරසිංහ – 2/13, ලසිඳු නිම්සර – 2/08

වරාය අධිකාරී ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 23ක ජයක්.


සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස. සහ ගුවන් හමුදා ක්‍රී.ස.

සෙන්ට්‍රලයිස්ඩ් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 106ක් පමණයි. කඩුලු 6ක් සහ පන්දු 15ක් ඉතිරිව තිබියදී අදාළ ඉලක්කය පහසුවෙන් සපුරා ගන්නට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

ලකුණු පුවරුව :

සෙන්ට්‍රලයිස්ඩ් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 106 (18.2) :  ඒ. අභීත –  51, එන්. මෙන්ඩිස් – 3/17, ඒ. වර්ණකුලසූරිය – 2/12, දිලිප් තාරක – 2/13

ගුවන් හමුදා ක්‍රී.ස. – 110/4 (17.3) :  එම්. ප්‍රියන්ත – 27*, සචික උදාර – 25*, කේ. දිල්රංග – 2/23

ගුවන් හමුදා  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 6 ක ජයක්…


 

මුවර්ස් ක්‍රී.ස. සහ CCC ක්‍රී.ස.

කොළඹ CCC ක්‍රීඩා සමාජය තම අපරාජිත වාර්තාව තරග 5ක් දක්වා දීර්ඝ කර ගනිමින් තවදුරටත් B කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින්නට සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩකයන් ලකුණු 164ක් රැස් කල අතර CCC කණ්ඩායම අදාළ ඉලක්කය කඩුලු 4ක් ඉතිරිව සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව :

මුවර්ස් ක්‍රී.ස. – 164/8 (20)  :  මින්හාජ් ජලීල් – 61, අරුණ ධර්මසේන – 32, යසරුවන් හේරත් – 2/18

CCC ක්‍රී.ස. – 165/6 (19.1)  : එල්. ජයකොඩි – 50, M මධුරංග – 35, රොෂාන් අනුරුද්ධ – 35, උමේෂ්ක මොරායස් – 2/14, එච්. මධුමාල් – 2/32

CCC  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්.


කුරුණෑගල තරුණ ක්‍රී.ස. සහ අම්බලන්ගොඩ රියෝ ක්‍රී.ස.

කුරුණෑගල තරුණයන්ට පස් වන තරග පරාජයත් හිමිකර දෙමින් තරගාවලිය අවසන් කරන්නට අම්බලන්ගොඩ රියෝ ක්‍රීඩා සමාජය සමත් විය. කුරුණෑගල තරුණ ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 143 හඹා යමින් කඩුලු 3ක් ඉතිරිව එම ඉලක්කය සපුරා ගන්නට රියෝ කණ්ඩායම සමත්කම් දක්වන ලදී.

ලකුණු පුවරුව :

කුරුණෑගල තරුණ ක්‍රී.ස. – 143/9 (20) :  ප්‍රභාෂ් කැප්පෙටිපොල – 32, කවීන් බණ්ඩාර – 28, එන්. රන්සික – 4/23, චලිත චමෝද් – 3/46

රියෝ ක්‍රී.ස. – 146/7 (19) : චලිත චමෝද් – 37, කසුන් තාරක – 27, මලීෂ හර්ෂජීව – 26*, රන්ධීර රණසිංහ – 2/31

අම්බලන්ගොඩ රියෝ  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.


BRC ක්‍රී.ස. සහ පොලිස් ක්‍රී.ස.

BRC ක්‍රීඩා සමාජය මේ තරගයෙන් පහසු ජයක් ලබා ගන්නට සමත් විය. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 177ක්. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රමින්ද විජේසූරිය ලකුණු 99ක් රැස් කරන ලදී. රමින්දට තම ශතකය අහිමි වුවත් BRC කණ්ඩායමට තම 4වන ජයග්‍රහණය වාර්තා කිරීමට කිසිදු බාධාවක් ඇති නොවුණි. පොලිස් ක්‍රීඩකයන්ට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 121ක් පමණයි.

ලකුණු පුවරුව :

BRC ක්‍රී.ස. – 177/5 (20) : රමින්ද විජේසුරිය – 99, නිපුන ගමගේ –  32, K බණ්ඩාර – 3/20

පොලිස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 121 (17.5) : A මල්ෂාන් – 22, I සමරසිංහ – 20, චමීර දිසානායක – 2/19

BRC  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 56 ක ජයක්.


රාගම ක්‍රී.ස. සහ කෝල්ට්ස් ක්‍රී.ස.

පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයන් තරගකාරී ඉලක්කයක් ගොඩනැගීමට අපොහොසත් වූ අතර එම ඉලක්කය සපුරා ගනිමින් තම අපරාජිත වාර්තාව තරග 5ක් දක්වා දීර්ඝ කර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට පහසුවෙන් හැකි විය. රාගම කණ්ඩායම රැස් කළ  ලකුණු 128 ඉක්මවා යන්නට කෝල්ට්ස් ක්‍රීඩකයන් වැය කළේ කඩුලු 3ක් පමණි.

ලකුණු පුවරුව :

රාගම ක්‍රී.ස. – 128/9 (20) :  ජනිත් ලියනගේ – 36, තිලක්ෂ සුමනසිරි – 49, චරිත් ලක්වින් – 3/17

කෝල්ට්ස් ක්‍රී.ස. – 129/3 (17) :  කලණ පෙරේරා – 35, හරිත් ලක්ෂාන් – 28, S සමීර – 1/13

කෝල්ට්ස්  ක්‍රී.ස. වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 7 ක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට