මහනුවරට ආසිරි ගෙනෙන්න කිංග්ස්වුඩ් නායකත්වය ආසිරිට!

100

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා කිංග්ස්වුඩ් විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Fly Half’ ස්ථානයේ ක්‍රීඩා කරන ආසිරි සෙනෙවිරත්න පත් කිරීමට කිංග්ස්වුඩ් විද්‍යාලයීය රග්බි කමිටුව තීරණය කර ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන ….

අවසන් වරට කිංග්ස්වුඩ් විදුහලට පාසල් ලීග් ශූරතාවයක් දිනා ගැනීමට හැකි වී ඇත්තේ 2008 වර්ෂයේ දී වන අතර ඉන්පසු එම කණ්ඩායමට අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක් වීමට හැකිවුවත් ලීග් ශූරයින් වීමට අවස්ථාවක් හිමි වූයේ නැත.

පසුගිය තරග වාරයේ දී එතරම් ඉහල දස්කම් දැක්වීමට කිංග්ස්වුඩ් කණ්ඩායමට නොහැකි වුවත් ජයග්‍රාහී පුහුණුකරුවෙකු වන නිල්ෆර් ඉබ්‍රාහීම් මෙවර එම කණ්ඩායම සියතට ගෙන ඇති හේතුවෙන් කිංග්ස්වුඩ් කණ්ඩායම ඉතා අවධානයට ලක්වීමට කරුණක් වී ඇත.

ඔග්බෙබෝ, වෙස්ලි සුක්කානම සියතට ගනී!

එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ….

නව නායකයෙකු හා කනිෂ්ඨ – ජ්‍යෙෂ්ඨ සුසංයෝගයක් සමඟ කිංග්ස්වුඩ් විදුහල මෙවර තරග වාරයේ වැඩ ඇල්ලීමට සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<