සංගාට ICC හි ලොකු තනතුරකට යන්න SLCයෙන් තල්ලුවක්!

114

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ තනතුරක් සඳහා පත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව එහි ලේකම් මොහාන් ද සිල්වා පවසා තිබේ. 

කුමාර් සංගක්කාර ලෝක ක්‍රිකට් වර්ධනයට වැඩ අරඹයි

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලොවට දායාද වූ විශිෂ්ටතම වමත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ………

“සංගක්කාර මේ වන විට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපති ලෙස කටයුතු කරනවා. ඒ තනතුර කරන ගමන් නම් මේ තනතුර කරන්න බැරි වෙයි. ඒත් ඒ සභාපති තනතුරේ කාලය අවසන් වුනු ගමන් ඔහු සතුව තිබෙන දැනුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමටත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ තනතුරක් සඳහා ඔහුව ඔසවා තැබීමටත් අපිට අවශ්‍ය වෙලා තියෙනවා.” යැයි Daily Mirror පුවත් පත වෙත අදහස් දක්වමින් ද සිල්වා මහතා මෙසේ පවසා ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සභාපති තනතුර සඳහා සංගක්කාරව යෝජනා කිරීමේ අදහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල තිබේ දැයි Daily Mirror මාධ්‍යවේදියා ද සිල්වා මහතාගෙන් විමසූ විට ඒ මහතා පවසා තිබෙන්නේ මෙවැන්නක්.

“ඔව් ඒ තනතුර සඳහාත් සංගාට ඉතාමත් හොඳ සුදුසුකම් තියෙනවා. ඔහු ඒ තනතුරට පත් වෙන්න හැකියාව තියෙන දැවැන්ත චරිතයක්. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉතිහාසය අරගෙන බැලුවහම ICC ක්‍රිකට් සභාපති තනතුරේ කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කටයුතු කර නැහැ. අපි හිතනවා සංගා ඒ  තැනට පත්වෙන්න සුදුසුම අයෙක් කියලා. ඉදිරියේ දී තිබෙන වාර්ෂික කමිටු හමුවේ දී සංගාගේ ද කැමැත්ත ඇතිව අපි ඔහුව ICC එකේ ඉහළ තනතුරක් සඳහා යෝජනා කරනවා. ඒකට අනෙක් රටවල් වල ක්‍රිකට් ආයතනවල ද සහාය ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” 

මීට කලකට පෙර තිබූ නීතිරීති සහ රෙගුලාසිවලට අනුව ICC හි සභාපති තනතුර සඳහා පත්වීම සඳහා එම පුද්ගලයා සිය රටේ ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කර තිබීම අනිවාර්‍ය වුවත් පසුව එම නීතිරීති වෙනස් විය. 

ඒ අනුව දැනට ICC හි සභාපති ලෙස කටයුතු කරනු ලබන ශෂන්ක් මනෝහාර් මහතා ඉන්දීය ජාතිකයෙකු වුවද ඔහු මේ දක්වා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා බවට පත්ව නොමැත. 

ඒ කෙසේ වෙතත් 2008-2011 සහ 2015-2017 යන කාලවල දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස සිය වගකීම ඉටු කිරීමට මනෝහාර් මහතාට හැකි විය. ඔහුව එම තනතුර සඳහා ICC වෙත යෝජනා කළේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසිනි.

අතට අත දීම් සහ High Five වෙනුවට ‘නමස්තේ’ කියන්න

මේ වන විට පවතින නව කොරෝනා වසංගත තත්වය පහව ගොස් නැවතත් ක්‍රිකට් ……..

එසේම පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන එශාන් මනී මහතා 2003 සිට 2006 වසර දක්වා වසර තුනක කාලයක් තිස්සේ ICC ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළේය. ඒ වන විට ඔහු එක් වරක් හෝ පාකිස්තානයේ ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කර තිබුණේ නැත. ඒ මහතා මේ වන විට ICC හි මූල්‍ය කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරනු ලබයි. 

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනෙක් ක්‍රිකට් ආයතනවල ද හොඳ සහයෝගයක් ලබා ගත හැකි නම්, සංගක්කාරට ICCයේ ඉතාමත් වැදගත් ස්ථානයක් කරා යාමට හැකියාව ලැබෙනු ඇත. 

මේ වන විට 42 හැවිරිදි වියේ පසු වන සංගක්කාර මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන ලැබේ. දැනට පවතින කොන්ත්‍රාත්තුව අනුව එම තනතුර 2020 සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් වීමට නියමිත වුවත් පසුගිය දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ MCCය පවසා සිටියේ එම ධූර කාලය තවත් වසරකින් දිගු කිරීමට ඔවුන්ගේ සූදානමක් ඇති බවයි. ඒ සඳහා MCC විධායක කමිටුවේ අනුමැතිය හිමි වුවහොත් 2021 සැප්තැම්බර් 30 වැනිදා දක්වා MCC හි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සංගක්කාරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<