දසුන් සහ වනිඳුට Major League T20 යන්න අවසර අහිමි වෙයි

Major League T20 ක්‍රිකට් තරගාවලිය 2023

7600

ප්‍රථම වරට සංවිධානය කරනු ලබන Major League T20  ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට සිටින දසුන් ශානක සහ වනිඳු හසරංග හට ඒ සඳහා අවසර ලබා නොදීමට (NOC – No Objection Certificates) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Sunday Times වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, උක්ත ක්‍රීඩකයින් දෙදෙනා විසින් යොමු කර තිබුණු ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සහභාගී විය හැක්කේ විදෙස් ලීග් තරගාවලි දෙකක් පමණක් වන තීරණය නිසාවෙන් බවයි.

අපි (SLC) තීරණය කරලා තියෙන්නේ ක්‍රීඩකයින්ට සහභාගී විය හැක්කේ ලංකා ප්‍රිමියර් ලීගය සහ යෝජිත T10 ලීගය ඇතුළත්ව ලීග් තරගාවලි 4ක් සඳහා පමණයි. ඉතිං ඒ නිසා අපි මේ ඉල්ලීම ප්‍රතික්ෂේක කරනු ලැබුවා, යැයි ඈෂ්ලි මහතා පවසා තිබුණා.

ප්‍රථම වරට ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත Major League T20 තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා Texas හිදී පැවැත්වීමට නියමිතයි. දසුන් සහ වනිඳු දෙදෙනාව පිළිවෙළින් Seattle Orcas සහ Washington Freedom කණ්ඩායම් විසින් මිල දී ගෙන තිබුණා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<