ඉන්දුනීසියාවේ දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉහළ දස්කම්

189
18 medals for Sri Lanka

ආසියානු තරගාවලිය ඉලක්ක කර ගනිමින් පසුගිය 11 වන දින සිට 14 වන දින දක්වා ඉන්දියාවේ ජකර්තා නුවර පැවති ආරාධිත තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 7ක් සමඟින් සමස්ත පදක්කම් 18ක් දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඒ සඳහා එක්වූ රටවල් ගණන 10කි.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සංචිතය නම් කරයි

අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වීමට..

තරගාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමස්ත පදක්කම් 22ක් දිනූ ඉන්දියාව සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ එහි දෙවන ස්ථානය යි. කෙසේ නමුත් පදක්කම් ලකුණු සටහන අනුව දෙවන ස්ථානය චීනයට හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට එහි තෙවන ස්ථානය හිමි විය.   

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ මෙම දස්කම් පිළිබඳව ThePapare.com සමඟින් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ;

“පදක්කම් 18ක් කියන්නේ හොඳයි. නමුත් මගේ පෞද්ගලික මතයට අනුව ඒක මදි. අපේ සම්පූර්ණ කණ්ඩායම මේකට සහභාගී වුනා නම් අපිට මීට වඩා හොඳට කරන්න තිබ්බා. සමහර ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආබාධ තත්වයන් නිසා සහ තවත් සමහර අය විදෙස් රටවල පුහුණුවීම් කටයුතු කරන නිසා මීට සහභාගී වුනේ නැහැ.”

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පිරිමි සහය දිවීමේ කණ්ඩායම පිළිබඳව ඔහු කලකිරීමට පත්වන බවයි.

ගයන්තිකා අබේරත්න ලක්මෑණියන් රනින් සරසයි

ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන 8 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ..

“4x400m පිරිමි සහය දිවීමේ ඉසව්වේ දී ශ්‍රී ලංකාවට හිමි වුනේ තුන්වන ස්ථානය. ඒ තායිපේ සහ ඉන්දියාවට පසුපසින්. එහි දී ඔවුන් වාර්තා කළ කාලය (3:08.26) ඉතාමත් දුර්වලයි. ඔව් ඒ කණ්ඩායමේ අපිට ඉන්න දෙවන හොඳම මීටර 400 ධාවකයා හිටියේ නැහැ තමයි. නමුත් ඔවුන්ට ඊට වඩා හොඳට කරන්න තිබුණා.”

එමෙන්ම 4x100m කණ්ඩායමට ඔහු පවසා සිටියේ;

“අපිට කළමනාකාරිත්වයෙන් පැමිණිලි ලැබිලා තියෙනවා ක්‍රීඩකයින් 4x100m පුහුණුවීම් කටයුතු සඳහා සහභාගී වෙලා නැහැ කියලා. ඒ වගේම එක් අවස්ථාවක ආබාධ ගැන කිසිදු ප්‍රකාශ කිරීමකින් තොරව එක් ක්‍රීඩකයෙක් ආබාධ කියලා ඉන්දුනීසියාවේ දී ඉවත් වෙලා තියෙනවා. ඒක කිසිසේත්ම පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ගැන දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.”

එමෙන්ම ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසා සිටියේ එම ඉසව්වල කාලය ශ්‍රී ලංකාවට සුදුසු මට්ටමක නොතිබූ වගයි.

“අපි සිහියේ තබාගත යුතුයි මේක තමයි අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙම තරග වාරයේ සහභාගී වුන පළමු තරගාවලිය කියන එක. ඒ අනුව මේක තරග වාරයට පෙර කාලය. ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ ඉහළම කාලය තියෙන්නේ ජුනි සිට අගෝස්තු වගේ වෙනකන්.”

සමස්ත පදක්කම් සටහන

Event Name Perfomance
Men’s 100m Vinoj Suranjaya 10.30 secs
Men’s 400m Tharusha Dhanajaya 46.83 secs
Men’s 3000m Steeple Chase R M S Pushpakumara 8:59.70secs
Women’s 3000m Steeple Chase Nilani Ratnayake 9:55.59secs
Women’s Javelin Dilhani Lekamge 55.13m

Event Name Perfomance
Men’s Javeline Sampath Ranasinghe 75.39m
Men’s Decathalon Ajith jKumara
Men’s 4X100m Relay A. Ashraf 39.71secs
Shehan Ambepitiya
Vinoj Suranjaya
Himasha Eshan
Women’s 800m Nimali Liyanarachi 2:07.95secs
women’s 1500m Nilani ratnayake 4:19.25secs
Women’s Triple jump Vidusha Lakshani 13.28m

Event Name Perfomance
Men’s 400m Dilip Ruwan 46.97 Secs
Men’s 5000m R M S Pushpakumara 14:34.86 secs
Men’s Long Jump Pradeep Wimalasiri 7.82m
Men’s 4X400m Dilip Ruwan 3:08.26 secs
Thushara Dhananjaya
Kalinga Kumara
D N Rajakaruna
Women’s 400m Upamalika Ratnakumari 54.89secs
Women’s 800m Gayanthika Abeyrathne 2:08.27secs
Women’s Triple Jump Hashini Paboda 12.98m

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<