සුපරි හතරේ දෙවැනි දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම්

172
SLC Super Provincial Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද (09) දිනයේ වැඩි කාලයක් අයහපත් කාලගුණයට බාර දීමට සිදු වූ අතර කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගය එකඳු පන්දුවක් හෝ නොයවා නැවැත්වූ අතර දඹුල්ල සහ ගාල්ල අතර තරගය දිනයේ පන්දුවාර 45කට සීමා වෙමින් පස්වරු 7.00ට තරගය ආරම්භ විය.

නමුත් එම තරගය ද තවත් විනාඩි 13කට පසුව ඇද හැලුණ වර්ෂාව හේතුවෙන් නතර වූ අතර එම තරගයේ ද ක්‍රියාත්මක වූයේ පන්දු 19ක් පමණි.

චරිත්, ප්‍රියමාල් සහ කුසල් අර්ධ ශතක වාර්තා කරති

ශ්රී් ලංකා ක්රි‍කට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්රි කට් තරගාවලියේ ඊයේ (08) …

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කොළඹ සහ නුවර අතර තරගය අද දිනයේ වේලාසනින්ම නතර කරනු ලැබුවේ පස්වරු 1.15ට පමණ ඇද හැලුණ අධික වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙනි.

මේ දිනවල හම්බන්තොට ප්‍රදේශයේ සක්‍රීය වන යල කන්නයේ ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණ සේවකයන් සේ ම ක්‍රීඩාංගණ භාරකරුවන් ද වැසි දියෙන් නහවමින් පැවති කාලගුණ තත්ත්වය අඩු වැඩි වශයෙන් වරින් වර පැවතීම තරගයට බාධාවක් විය.

පැවති වර්ෂා තත්ත්වය යම් තරමකට පහව ගිය ද ක්‍රීඩා පිටියේ පැවති තෙත තත්ත්වයේ වෙනසක් නොවුණි. මේ තත්ත්වය හමුවේ ක්‍රීඩා පිටිය පරීක්ෂා කළ පිටියේ විනිසුරුවන් වූ රුචිර පල්ලියගුරුගේ සහ රෝහිත කොට්ටහච්චි මහත්වරුන්ගේ තීරණය වූයේ තරගය ආරම්භ කළ නොහැකි බවයි.

කණ්ඩායම් දෙකේ නායකයන් ද එකී තීරණයට එකඟ වෙද්දී ක්‍රීඩාංගණයට ඉහළ අහසේ පැවති අඳුරු වළාකුළු තව තවත් රෞද්‍ර වනු දැක ගත හැකි විය. ඒ අනුව පස්වරු 3.00ට පමණ කිසිදු පන්දුවක් හෝ නොයවමින් තරගයේ දෙවැනි දිනය අතහැර දැමීමම සියල්ලන්ගේ ම තීරණය විය.

දෙවැනි දිනයේ තරග බලාපොරොත්තුවෙන් පැමිණි කොළඹ සහ නුවර ක්‍රීඩකයෝ පැවති තත්ත්වය හමුවේ වේලාසනින්ම තම නවාතැන් කරා ගිය අතර තරගයේ තෙවැනි දිනය වන හෙට (10) නියමිත වේලාවට වඩා විනාඩි 15කට ප්‍රථමයෙන් ආරම්භ වන අතර දෙපිළට නියමිත දවසේ පන්දුවාර ප්‍රමාණයට වඩා තවත් පන්දුවාර 8කට වැඩිපුර මුහුණ දීමට සිදුවනු ඇත.    

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දඹුල්ල සහ ගාල්ල අතර පැවැත්වෙන මෙම තරගය ආරම්භ කිරීමට විනාඩි 5ක් තිබිය දී ඇද හැලුණ වර්ෂාව තරගයේ කාලසටහන සම්පූර්ණයෙන් ම ව්‍යාකූල කළේය. එතැන් සිට ඇද හැලුණ වර්ෂාව දිනයේ වැඩි කාලයක් විනාශ කළ අතර පිටියේ විනිසුරුවන් වූ රවින්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් අවස්ථා ගණනාවක දී ම ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමට ක්‍රීඩා පිටියට කැඳවීමට ද එය හේතුවක් විය.

කෙසේ වෙතත් අවස්ථා ගණනාවක දී ම කළ පිටිය නිරීක්ෂණය අවසානයේ දී පස්වරු 7.00ට තරගය ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවන්ගේ තීරණය විය. ඒ අනුව ආරම්භ වූ තරගය විනාඩි 13ක කාලයකින් පසුව නැවත ක්‍රීඩාංගණයට වට වර්ෂාව හේතුවෙන් නතර කර දැමීමට සිදු විය.

මැතිව්ස්ට පන්දු යැවීමේ අවස්ථාව මෙතැන් සිට අවසන්

පසුගිය වසර දෙක පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායකයා වන ඇන්ජලෝ …

ඒ වෙද්දී දඹුල්ල ක්‍රීඩකයෝ පන්දු 19ක් පමණක් යැවුණ අතර ගාල්ල ක්‍රීඩකයෝ ලකුණු 12ක් වාර්තා කිරීමට එම කාලයේ දී සමත් විය. එතෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිට මාධව වර්ණපුර තමන්ගේ ලකුණු තත්ත්වය නොදැවී ලකුණු 19ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූ අතර පිටියේ අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටීමට ලකුණු 8ක් ලබා සිටි උපුල් තරංග සමත්ව සිටියේය.

එතැන් සිට දිගින් දිගටම ඇද හැලුණ වර්ෂාව තරගයේ පැවැත්මට බාධා වූ අතර රාත්‍රී 8.15ට තරගයේ දෙවැනි දිනයට තරගය නතර කර දැමීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ.

තරග දෙක ම තෙවැනි දිනයටත් (10) ක්‍රියාත්මක වීමට නියමිත ය.

දඹුල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 244 (73.3) කුසල් මෙන්ඩිස් 89, අශාන් ප්‍රියන්ජන් 24, මිලින්ද සිරිවර්ධන 24, ලහිරු මධුශංක 26, රංගන හේරත් 25, නිසල තාරක 2/54, මාලිංද  පුෂ්පකුමාර 2/30, චතුරංග ද සිල්වා 3/31

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 50 (10.4) මාධව වර්ණපුර නොදැවි 19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<