කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන “අන්තර් පළාත් සුපිරි සිව්දින ක්‍රිකට් තරගාවලිය” අද (30) ආරම්භ වූ අතර තරගාවලියේ මංගල තරග දෙක හම්බන්තොට හා කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී පැවැත්විය.
එහි දී ගාලු කණ්ඩායම නියෝජනය කළ රොෂේන් සිල්වා හා දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අශාන් ප්‍රියන්ජන් තරගාවලියේ පළමු දිනය තුළම ශතක අතරට පිවිසීම කැපී පෙනුනි.
සුපිරි පළාත් තරගාවලියෙන් ක්‍රීඩකයින්ට ජාතික වරම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් දියත් කරනු ලබන “2018 සුපිරි සිව්දින…..
කෙසේ වුවත් මහනුවර කණ්ඩායමේ නායකත්වය හොබවන ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම සුව අතට පත්ව නොමැති බැවින් ඔහු අද ආරම්භ වන තරගයට ක්‍රීඩා නොකළ අතර මැතිව්ස් පසුගිය 27 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී ඒ බව අනාවරණය කරන ලදි. නමුත් අනෙකුත් තරග සියල්ලටම මහනුවර කණ්ඩායම් නායකයා ලෙස මැතිව්ස් තරග වදිනු ඇත. ඒ නිසාවෙන් අද දිනයේ මහනුවර කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ලැබිය.
ගාල්ල හා කොළඹ
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී උදෑසන 10ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාලු කණ්ඩායමේ වැඩ බලන නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.
ඒ අනුව පිටියට පිවිසි ගාලු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ මාධව වර්ණපුර හා ලහිරු මිලන්තගේ සබඳතාවය ආරම්භ වීමටත් පෙර ලහිරු මිලන්ත දැවී ගියේ කඩුලු අතර දිවයාමේ දීයි.
අනතුරුව පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම හට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට කොළඹ ක්‍රීඩකයින් අවසර නොදුනි. ලකුණු 22කට කඩුලු 4ක් දැවී ගාලු කණ්ඩායම යම් අසීරු මට්ටමක සිටිය දී පිටියේ එක්වූ රොෂේන් සිල්වා හා දසුන් ශානක 5 වැනි කඩුල්ල වෙනුවෙන් හෙමින් සීරුවේ ලකුණු 202ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ශානක පන්දු 157ක් තුළ 4 පහර 8ක් සමඟින් ලකුණු 95ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කලකට පසු ජයක් ලබති
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) කොළඹ ….
ඉන් අනතුරුව රොෂේන් හා පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන චතුරංග ද සිල්වා කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් හා ක්‍රීඩකයින් තවතවත් අපහසුතාවයට පත්කරමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූයේ ගාලු ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ඉක්මවා ඉදිරියට රැගෙන යමිනි. 4 පහර දෙකක් හා 6 පහර 3ක් සමඟින් චතුරංග ලකුණු 47ක් ලබාගෙන සිටිය දී දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට දැවී ගියේය.
තරගයේ පළමු දිනය නිමා වන විට ගාලු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබාගෙන සිටින අතර ගාලු පළමු ඉනිම ගොඩනැංවූ දැවැන්තයා වන රොෂේන් ලකුණු 146*ක් ලබාගෙන සිටින්නේ 4 පහර 10ක් එල්ල කරමිනි.
පන්දු යැවීමේ දී ආනන්ද විද්‍යාලයේ හිටපු නායකයෙකු වන යොවුන් ක්‍රීඩක කවිෂ්ක අංජුල හා දිල්රුවන් පෙරේරා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.
ගාල්ල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 321/6 (87): රෝශේන් සිල්වා 146*, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, කවිෂ්ක අංජුල 2/45, දිල්රුවන් පෙරේරා 2/75.
මහනුවර හා දඹුල්ල
අශාන් ප්‍රියන්ජන්ගේ අගනා ශතකයෙන් වර්ණවත් වූ මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේ දී ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම දඹුල්ල කණ්ඩායම් නායකයා වන දිමුත් කරුණාරත්න කාසියේ වාසිය දිනාගත් අතර ඔහු මහනුවර කණ්ඩායමට එදිරිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
තරගයේ පළමු දිනය නිමා වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 382ක් ලබා සිටියි.
වමතින් පිත්ත හසුරුවන දිමුත් හා කුසල් මෙන්ඩිස් දඹුල්ල පළමු ඉනිම ආරම්භ කරනු පිණිස පිටියට පිවිසි අතර කසුන් රාජිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 8ක් ලබා සිටි මෙන්ඩිස් ක්‍රීඩාගාරයට හැරී ගියේය.
ලකුණු 59කට දඹුලු ඉනිමේ කඩුලු 2ක් දැවී තිබිය දී පිටියේ ස්ථාවර වූ අත්දැකීම් බහුල පිතිකරුවන් යුගලයක් වන දිමුත් හා අශාන් ප්‍රියන්ජන් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. නායකත්වයේ පිතිකරණයක නිරත වූ දිමුත් ලකුණු 71ක් ලබාගෙන සිටිය දී කසුන් රාජිත එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී ගියේය. දිමුත්ගේ ඉනිම 4 පහර 8කින් වර්ණවත් විය.
ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?
2 018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි……..
මහනුවර කණ්ඩායමේ සතුට ක්‍රමයෙන් උදුරා ගනිමින් ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ අශාන් ටෙස්ට් තරගයක පවත්වාගත යුතු රිද්මයට හානියක් නොවන සේ පිතිකරණයේ නිරත විය.
දිනය නිමා වන විට පුරා පැය 5කට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටි අශාන් මනරම් 4 පහර 17ක් එල්ල කරමින් නොදැවී ලකුණු 151*ක් ලබා ගත්තේය. පසුපෙළ හා මැදපෙළ සවිමත් කිරීමට අශාන් හට සහයක් වූ කඩුලු රකින ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර 4 පහර 9ක් සමඟ ලකුණු 57ක් ලබා ගන්නා ලදි. වේගවත්ව පිතිකරණයේ නිරත වූ ඉශාන් ජයරත්න ලකුණු 35යි. නොදැවී ක්‍රීඩා කරන සචිත්‍ර සේනානායක ලකුණු 29*යි.
පන්දු යැවීමේ දී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලකුණු 59ක් තුළ කඩුලු 3ක් දවා ගැනීමට කසුන් රාජිත සමත් වූයේ පන්දුවාර 17ක් පමණක් ක්‍රියාත්මක කරමිනි.
දඹුල්ල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 382/7 (90): අශාන් ප්‍රියන්ජන් 151*, දිමුත් කරුණාරත්න 71, මනෝජ් සරත්චන්ද්‍ර 57, ඉශාන් ජයරත්න 35, කසුන් රාජිත 3/59.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















