ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කලකට පසු ජයක් ලබති

549

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) කොළඹ එස්. සී. සී. පිටියේ දී නිමා වූ දෙවැනි විස්සයි විස්ස තරගයේ දී කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත් වූහ.  ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් සේ සම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූ අතර තීරණාත්මක අවසන් තරගය හෙට (31) කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය.

[rev_slider LOLC]

කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසියේ පෙර තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු යැවීම ගැන කල් තියාම දැනි සිටි නිසාවෙන් විය යුතු ය. නමුත් තමන්ගේ සේවය පළමු කාර්තුවේ දි ද නැත්නම් දෙවැනි කාර්තුවේ දී ද යන්න තැකීමක් නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ පාකිස්තාන ක්‍රීඩිකාවෝ අමාරුවේ දැමුවේ ඔවුන්ගේ ඉනිම ලකුණු 72කට සීමා කරමිනි. එම ඉනිම නිමා වීමට තවත් පන්දු 8ක් ඉතිරිව තිබුණි.

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ කණ්ඩායමේ වඩාත් පළපුරුදු ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන ලකුණු 09කට කඩුලු 4ක් දවා ගත්තා ය. ඇයගේ මෙම දක්ෂතාව විස්සයි විස්ස පිටියේ පළමු තැනට ගෙන ඒමට සමත් විය. පන්දු යවන්නියන් තිදෙනෙක්ට පසුව පන්දු යැවීම සඳහා කැඳවීම් ලැබූ ශෂිකලා තමන්ගේ පළමු පන්දු වාරයේ දී ම කඩුලු දෙකක් බිඳ දැමීමට සමත් වූවා ය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 16ක් ද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 21ක් ද එක්වෙද්දී පෑ මේ දක්ෂතාව හේතුවෙන් එම පන්දුවාරය අවසන් වන විට ලකුණු පුවරුව කියැවුණෙ ලකුණු 39කට කඩුලු 3ක් ලෙසිනි. අනතුරුව යැවුණ ශෂිකලාගේ ඊළඟ පන්දු වාරයේ දී ද කඩුල්ලක් දවා ගත් ශෂිකලා පාකිස්තාන ඉනිමේ ඉදිරිපෙළ විනාශ කර දැමුවේ ඔවුන්ගේ ලකුණු පුවරුව මන්දගාමී කරමිනි. එම පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී නිඩා දාර් දුවද්දී දවා ගැනීමත් සමඟින් පාකිස්තාන ඉනිම තවත් අසරණ විය.

ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

2 018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි…

ඒ වෙද්දී කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරිනියන් වූ නහිදා කාන් (05) සිදාර් අමීන් (10) නායිකා බිස්මා මාරූෆ් (20), ජවේරියා කාන් (03) සහ නීඩා දාර් (04) ක්‍රීඩා විවේකාරයේ පුටු මත අසුන් ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් ව සිටිය හ. ඒ ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු  47ක් වෙද්දී ය.

ශෂිකලා එක් අන්තයකින් ක්‍රියාත්මක වෙද්දී අනෙක් අන්තයෙන් ක්‍රියාත්මක වූ සුගන්ධිකා කුමාරි 17 වැනි පන්දු වාරයේ දී පිට පිට පන්දු දෙකක දී සානා මිර් (13) සහ නෂ්රා සන්ධු (00) දවා ගනිමින් පාකිස්තාන ක්‍රීඩිකාවන් තව තවත් අසරණ කළහ.

එම දැවී යැම්වල හිමිකාරිත්වයත් සමඟ දුවද්දී දැවී යෑම් දෙකක් ද සමඟින් නිපුනි හංසිකා සහ ඕසදී රණසිංහ ලබා ගත් කඩුලු දෙකක් ද සමඟින් පාකිස්තන ඉනිම ලකුණු 72 දී නිමා විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම ඉලක්කය පන්දු 34ක් ඉතිරි ව තිබිය දී පසු කිරීමට සමත් වූයේ කඩුලු 7ක් ද අතැතිව තිබිය දී ය. ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 06ක්ව තිබිය දී දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූයේ නායිකා චමරි අතපත්තු ලකුණු 13කට සීමා කරමිනි. පන්දු 6ක දී වාර්තා වූ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 3ක් ඇතුලත් විය.

දෙවැනි කඩුල්ල ලෙසින් ඉමල්කා මෙන්ඩිස් (11) දුවද්දී දවා ගැනීමට පාකිස්තාන ක්‍රීඩිකාවෝ සමත් වූයේ ලකුණු පුවරුව 34ක්ව පවතිද්දී ය. ඉන් අනතුරුව එතෙක් වේලා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනී අනුශ්කා සංජීවනී පන්දු 27කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබාගෙන දැවී ගියා ය.  

ඉදිරි පෙළ කඩුලු තුනක් දැවී ගිය පසු තරමක් පැටලිලි සහිතව සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමේ පෙරමුණ ගත්තී රෙබේකා වැන්ඩර්ට් ය. ඇය පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ඇදගෙන ගියේ අනෙක් අන්තයෙන් ශෂිකලා සිරිවර්ධන ද රඳවා ගනිමිනි. ශෂිකලා පන්දු 9කට මුහුණ දී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 6ක් ලබා සිටියා ය.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 72 (18.4) බිස්මා මාරූෆ් 20, සුගන්ධිකා කුමාරි 2/15, ශෂිකලා සිරිවර්ධන 4/09

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 73 (14.2) අනුශ්කා සංජීවනී 20, රෙබේකා වැන්ඩර්ට් නොදැවී 19,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<