ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් BCCIට ඉල්ලීමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022

5970

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරගාවලියේ තරග පවත්වන ආකාරයේ යම්කිසි වෙනසක් සිදුවීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව පළමුවෙන් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ ටෙස්ට් තරගාවලිය වෙනුවට විස්සයි විස්ස තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ කිරීමට වැඩි ඉඩ කඩක් ඇති බව ඔවුන් වාර්තා කර තිබුණා.

මෙම සිදුවීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ,

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස තරගාවලිය මුලින් පවත්වන්න කියලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එන්න කලින් ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කරනවා. ඒ එම ජෛව ආරක්ෂිත බුබුලේ සිටින කණ්ඩායම ම ඉන්දියාවට එවන්න ඔවුන්ට පුළුවන්”.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම ඉල්ලීම පිළිගතහොත් පවතින කොරෝනා වසංගත තත්වය යටතේ ඔවුන්ට ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ සූදානම් කිරීමට තරමක කාලයක් ගත වන බව ද වාර්තා වෙනවා.

මේ වන විට මෙම තරගාවලියේ ටෙස්ට් තරග Bengaluru සහ Mohali කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සහ විස්සයි විස්ස තරග Dharamshala සහ Lucknow කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කොරෝනා වසංගතය ජෛව ආරක්ෂිත බුබුළු තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා තරගාවලිය නගර දෙකකට සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති අතර ඔවුන් එම නිසාවෙන් බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය Ahmedabad සහ Kolkata තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

“ජාත්‍යන්තර තරග විවිධ ප්‍රාන්තවල සහ නගරවලට ගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කැමති වූවත්, කොරෝනා වසංගතය නිසාවෙන් ඒක කරන්න අමාරුයි. ඒ නිසා තරග මාලාවක් එක් කලාපයකට සීමා කරන එක පහසුයි”, ඇයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයෙක් ප්‍රකාශ කර තිබුණා.

ටෙස්ට් තරග දෙකකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.                                                    

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<