සීක්කුගේ ප්‍රසන්න තරග ප්‍රතිඵලයක් කණපිට හරවයි!

716
Image Courtsey : skysports.com

ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පා දඟපන්දු යවන්නෙකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලන සීක්කුගේ ප්‍රසන්න දැක්වූ තුන් ඉරියව් දක්ෂතා නිසා CCC කණ්ඩායම විස්මයට පත් කරමින් කඩුලු 2ක තියුණු ජයක් හිමිකර ගැනීමට ඊයේ (03) යුධ හමුදා ක්‍රීඩා සමාජයට හැකි විය.

මීට අමතරව ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ සුපිරි 8 වටයේ තරග දෙකකින් පහසු ජයග්‍රහණ ලබා ගැනීමට SSC කණ්ඩායමට සහ වරාය අධිකාරියට අවස්ථාව උදා විය.

සීක්කුගේ ප්‍රසන්න යුධ හමුදාවේ දෛවය කණපිට හැරවීමේ වෑයමක!

ක්‍රම ක්‍රමයෙන් කොළඹ ක්‍රිකට් සමාජයේ අණසකට නතුවෙමින් තිබූ තරගයක් තම පන්දු…

සුපිරි 8 වටයේ තරග

සිංහල ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

සිංහල ක්‍රීඩා සමාජයට ලකුණු 194ක පැහැදිලි ජයක් හිමිවුණු මෙම තරගය පැවැත්වුණේ CCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. කාසියේ වාසිය දිනාගත් NCC පිළේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහර දුන් SSC පිළ ප්‍රථම ඉනිමේ ලකුණු 49ක ඉදිරියක් ලබා ගැනීමට සමත් වූහ.

ඉන් අනතුරුව දෙවැනි ඉනිමේ දී ලකුණු 300ක් රැස් කරගත් ඔවුන්ට NCC පිළ ලකුණු 155කට සීමා කරමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීම අපහසු නොවීය. SSC කණ්ඩායම වෙනුවෙන් ශතක වාර්තා කළ ඇන්ජෙලෝ පෙරේරා, මිනෝද් භානුක යන පිතිකරුවන් දෙපළ මෙන්ම දෙවැනි ඉනිමේ කඩුලු 6ක් දවාගත් සචිත්‍ර සේනානායක මෙම ජයග්‍රහණයේ පෙරගමන්කරුවන් බවට පත්වූහ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 93.1): මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, ශම්මු අශාන් 40*, චාමර කපුගෙදර 33, මිනෝද් භානුක 28, ෆර්වීස් මහරූෆ් 2/59, ලසිත් ඇඹුල්දෙණිය 5/81, චාමික කරුණාරත්න 2/86.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 298 (පන්දුවාර 82.2): ඇන්ජෙලෝ පෙරේරා 107, මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, චතුරංග ද සිල්වා 38, තරිඳු කෞෂාල් 21, ධම්මික ප්‍රසාද් 4/37, දසුන් ශානක 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 2/113.

සිංහල ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 300 (පන්දුවාර 85.1): මිනෝද් භානුක 110, කවිඳු කුලසේකර 47, දසුන් ශානක 38, මිලින්ද සිරිවර්ධන 24, ලසිත් ඇඹුල්දෙණිය 5/89, චාමික කරුණාරත්න 2/40, තරිඳු කෞෂාල් 2/69.

NCC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 45.5): තරිඳු කෞෂාල් 37, සඳුන් වීරක්කොඩි 35, සචිත්‍ර සේනානායක 6/65, ජෙෆ්රි වැන්ඩර්සේ 3/30.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනායක දී ක්‍රියාත්මක වුන මෙම තරගයේ දී රාගම ක්‍රිකට් සමාජය අසරණ කරමින් ජය තහවුරු කර ගැනීමට වරාය අධිකාරිය සමත් විය. ඒ ඉනිමකින් සහ ලකුණු 42කිනි. වරාය අධිකාරිය මුල් ඉනිම වෙනුවෙන් රැස් කරගත් ලකුණු 269ට වරායෙන් ලකුණු 485ක දැවැන්ත පිළිතුරක් හිමි වූ අතර ගයාන් මනීශාන්ගේ ලකුණු 139 මෙම ඉනිමේ අඩිතාලම බවට පත්විය. පසුව මදුක ලියනපතිරණගේ සහ චානක කොමසාරු ප්‍රතිවාදී කඩුලු 9ක් තමන් අතරේ බෙදා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළහ.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 98): ලහිරු තිරිමාන්න 52, සමින්ද ප්‍රනාන්දු 42, උදාර ජයසුන්දර 39, ලහිරු මිලන්ත 37, සමීර ද සොයිසා 22, චතුර පීරිස් 20, චානක කොමසාරු 5/66, මදූක ලියනපතිරණගේ 3/74, චරිත් ජයම්පති 2/70.

වරාය අධිකාරිය – කඩුලු 9ක් දැවී ලකුණු 485 (පන්දුවාර 154.3): ගයාන් මනීශාන් 139*, ගිහාන් රූපසිංහ 66, යොහාන් ද සිල්වා 66, චරිත් ජයම්පති 62*, නික් කොම්ප්ටන් 62, මදුක ලියනපතිරණගේ 20, අමිල අෆොන්සු 3/82, ලහිරු මිලන්ත 2/11, ඉශාන් ජයරත්න 2/75.

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 174 (පන්දුවාර 72.4): චතුර පීරිස් 45, ලහිරු තිරිමාන්න 40, මදූක ලියනපතිරණගේ 5/85, චානක කොමසාරු 4/45.

ශ්‍රී ලංකාව ලකුණු 700 පසුකර යයි; බංග්ලාදේශය අවදානමක

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ හය වැනි වතාවටත් ලකුණු 700 සීමාව ඉක්මවූ ශ්‍රී ලංකා…

පළඟ ශූරතාවයේ තරග

යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ BRC පිටියේ දී ක්‍රියාත්මක වුන මෙම තරගය ප්‍රබල සටනකින් අනතුරුව ජය ගත්තේ ‍යුධ හමුදා ක්‍රීඩා සමාජයයි. මුලින් පන්දුවට පහර දුන් CCC පිළ ලකුණු 333ක් රැස්කර ගනිද්දී ලකුණු 265ක් තුල දැවී ගිය යුධ හමුදාවට පරාජයේ සෙවණැලි පෙනෙන්නට විය. නමුත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි CCC පිතිකරුවන් ලකුණු 120කට දවාලමින් නොතිබූ ජයකට මාවත හෙලිපෙහෙළි කරගන්නට යුධ හමුදා පිළට හැකි විය.

එහි දී මූලිකත්වය ගත් දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න කඩුලු 5ක් බිඳ දැමීය. පසුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 189ක ඉලක්කයක් හඹා ගිය යුධ හමුදාව කඩුලු දෙකක් ඉතිරිව තිබිය දී ජය කණුව පසුකර ගියහ. පිත්තෙන් ද තම නොමසුරු දායකත්වය ලබා දුන් සීක්කුගේ ප්‍රසන්න එහි දී ලකුණු 63ක් ලබා ගනිමින් යුධ හමුදාවේ දෛවය වෙනස් කිරීමට සමත් විය.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 333 (පන්දුවාර 79.4): ලසිත් අබේරත්න 109, මලිඳු මධුරංග 63, වනිඳු හසරංග 35, සචිත් පතිරණ 27, අශාන් ප්‍රියන්ජන් 27, රොන් චන්ද්‍රගුප්ත 22, දුශාන් විමුක්ති 5/66, සීක්කුගේ ප්‍රසන්න 2/96 .

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 265 (පන්දුවාර 76): ඩිල්ශාන් ද සොයිසා 62, අසේල ගුණරත්න 51, යශෝධ මෙන්ඩිස් 34, දුශාන් විමුක්ති 33, සීක්කුගේ ප්‍රසන්න 26*, ලක්ෂිත මධුෂාන් 24*, සචිත් පතිරණ 7/76, දිනුක හෙට්ටිආරච්චි 2/78.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 32.3): වනිඳු හසරංග 35, සීක්කුගේ ප්‍රසන්න 5/45, දුශාන් විමුක්ති 3/17.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 189 (පන්දුවාර 44.1): සීක්කුගේ ප්‍රසන්න 63, අජන්ත මෙන්ඩිස් 37, ලක්ෂිත මධුෂාන් 35*, සචිත් පතිරණ 4/110, අශාන් ප්‍රියන්ජන් 2/21.


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

අද තෙවැනි දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගය නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ දෙපිළේම පිතිකරුවන් ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසීමත් සමඟයි. තරගයේ මුලින් පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වේගවත් ලකුණු 323ක් ‍රැස්කළ අතර ඊට රමේෂ් මෙන්ඩිස්ගේ ශතකය අතිශයින්ම උපකාරී විය.

ඉන් අනතුරුව පිළිතුරු ඉනිම වෙනුවෙන් පිත්ත හැසිර වූ ටැමිල් යූනියන් පිළ ලකුණු 336ක්ම රැස්කර ගත්හ. තරගය ජය පැරදුමෙන් තොරව නිමා වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බ්ලූම්ෆීල්ඩ් පිළ කඩුලු 8ක් දැවී ලකුණු 301ක් ලබා සිටි අතර ඒ වෙනුවෙන් නිසල් ෆ්‍රැන්සිස්කෝ සහ අනුක් ප්‍රනාන්දු ශතක වාර්තා කර ගත්හ.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): රමේෂ් මෙන්ඩිස් 137, නිසල් ෆ්‍රැන්සිස්කෝ 48, නිපුන් කරුණානායක 45, ජීවන් මෙන්ඩිස් 6/76, දිස්නක මනෝජ් 2/53.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 336 (පන්දුවාර 106.4): බිනුර ප්‍රනාන්දු 82, තරංග පරණවිතාන 76, දිනුක් වික්‍රමනායක 50, සිතාර ගිම්හාන් 50, මලිත් ද සිල්වා 5/56, කොෂාන් ධනුෂ්ක 3/98.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 301 (පන්දුවාර 72): නිසල් ෆ්‍රැන්සිස්කෝ 120, අනුක් ප්‍රනාන්දු 103*, ජීවන් මෙන්ඩිස් 4/123, දිනුක් වික්‍රමනායක 2/39.

ලකුණු 1000 පසුකර ගිය ගාල්ලේ ක්‍රිකට් තරුව

පුරෝකථනයෙන් ක්‍රීඩකයෙකු ගැන අනාවැකි ප්‍රකාශ කළ හැකි පුහුණුකරුවෙකු යනු ඔහු අත්දැකීම් සමුදායකට…


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

ජය පැරදුමකින් තොරව නිමාව දුටු මෙම තරගයේ දෙපිළේම දස්කම් එක සමානව දකින්නට ලැබුණි. මුවර්ස් පිළ මුලින් පිත්ත හසුරුවමින් ලකුණු 214ක් රැස් කරද්දී බදුරලියෙන් ඊට ලකුණු 338ක පිළිතුරක් හිමි විය.

කෙසේ වෙතත් ඔවුන්ට ජයග්‍රහණය කරා යාමට නොහැකි වූයේ මුවර්ස් පිළ තම දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 386ක් ලබාගෙන සාර්ථක වූ නිසාවෙනි. ඒ වෙනුවෙන් 38 හැවිරිදි වියේ පසුවන චාමර සිල්වා ශතකයක් වාර්තා කර ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වීය. තරගය අවසන් වන විට ලකුණු 263ක ඉලක්කයක් හඹා යමින් සිටි බදුරලිය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 121ක් ලබා සිටියහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49.1): තිලක්ෂ සුමනසිරි 53, චරිත කුමාරසිංහ 24, ඉරෝෂ් සමරසූරිය 22, සවිත් ප්‍රියාන් 2/37, දිලේශ් ගුණරත්න 2/38.

බදුරලිය ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 338 (පන්දුවාර 113.5): සලිඳු උශාන් 97, නදීර නාවෙල 95, සංජය චතුරංග 37, සුබ්‍රමනියම් ආනන්ද් 30, සවිත් ප්‍රියාන් 24, දිලංක සඳකැන් 4/79, ශිරාන් ප්‍රනාන්දු 2/45, චාමර සිල්වා 2/27.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 386 (පන්දුවාර 80): චාමර සිල්වා 121, තිලක්ෂ සුමනසිරි 79, පබසර වඩුගේ 64, ප්‍රිමෝශ් පෙරේරා 37, චරිත කුමාරසිංහ 32*, අලංකාර අසංක 2/125.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 121 (පන්දුවාර 29): පැතුම් නිස්සංක 67*, නදීර නාවෙල 47, සජීව වීරකෝන් 3/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<