වරාය අධිකාරිය අපරාජිත වාර්තාව රැක ගනියි

409

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරග කිහිපයකම අද (30) තෙවන හා අවසන් දිනය පැවැත්වූ අතර, නිමාවට පත්වූ තරඟ වලින් වරාය අධිකාරි ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. එහිදී යොහාන් ද සිල්වා නොදැවී ලබාගත් ලකුණු 165 කැපී පෙණින.

පසුගිය ලිපි: නාලන්දය හමුවේ ත්‍රිත්වයින් පරාජය වේ

කළුතර නගර සමාජය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය

කළුතර දී පසුගිය (28) වැනිදා ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජය පළමුව පන්දුවට පහර දෙන ලදි.

දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන වරාය අධිකාරි ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටින ලදි. යොහාන් ද සිල්වා තමාගේ පිතිකරණයේ සුපිරි බව විදහා දක්වමින් නොදැවී ලකුණු 165ක් ලබාගත් අතර, එම ඉණිම 4 පහර 10කින් හා 6 පහර 6කින් වර්ණවත් විය. අවසානයේ ඔවුන් තම පළමු ඉණිම ලකුණු 335ක් ලබාගෙන තිබියදී අත්හිටුවීමට තීරණය කරන ලදි. කවිදු පෙරේරා කඩුලු 5ක් දවාලන ලදි.

ලකුණු 179ක අවාසියක් ද ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල කළුතර නගර සමාජයට තම දෙවන ඉණිමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 166ක් පමණි. යොහාන් රශ්මික හා නිපුණ ගමගේ හැරෙන්නට අනෙකුත් පිතිකරුවන්ට ලකුණු 40 සීමාව ඉක්මවා යාමට වරාය අධිකාරි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. යොහාන් රශ්මික ලකුණු 53ක් හා නිපුණ ගමගේ ලකුණු 43ක් ලබාගත් අතර, චාමිකර එදිරිසිංහ කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්විය. අවසානයේ වරාය අධිකාරි ක්‍රීඩා සමාජය තම සිව්වන ජයග්‍රහණයද සමගින් තරගාවලියේ අපරාජිතව තව තවත් ඉදිරියටම යාමට අවශ්‍ය මාර්ගය සක්‍රීය කරගන්නා ලදි.

කළුතර නගර සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 66.5): ලහිරු ජයවර්ධන 38, යසිත සිල්වා 30, චාමිකර එදිරිසිංහ 4/40, ලක්ප්‍රිය විජේසිරිවර්ධන 3/23

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – කඩුලු 7ක් දැවී ලකුණු 335 dec  (පන්දුවාර 78): යොහාන් ද සිල්වා නොදැවී 165*, ධනංජය ගුණතිලක 71, ප්‍රශාන් වික්‍රමසිංහ 44, කවිදු පෙරේරා 5/109

කළුතර නගර සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 55.4): යොහාන් රශ්මික 53, නිපුණ ගමගේ 43, චාමිකර එදිරිසිංහ 5/34


පොලිස් ක්‍රීඩා සමාජය හා කුරුණෑගල තරැණ ක්‍රිකට් සමාජය අතර තරඟය

පසුගිය (28) වනදා කටුනායක දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

තෙවන දිනය ආරම්භයේ දී තම දෙවන ඉණිම ක්‍රීඩා කරන පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 40ක් ලබාගෙන සිටින ලදි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි අකිල ලක්ෂාන් 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 51ක්  ලබාගත් අතර, එම පිතිකරණයේ සහය ඇතිව මෙම තරඟය පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු 7කින් ජයග්‍රහණය කරන ලදි. දර්ශන මහවත්ත කඩුලු 2ක් දවාලන ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 109 (පන්දුවාර 40.5): රැවන්ත ඒකනායක  43, සුවන්ජි මදනායක 3/17

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 148 (පන්දුවාර 63.3): මහේෂ් ප්‍රියදර්ශන 42, මනෝජ් ප්‍රනාන්දු 25, තිලිණ හේරත් 8/48

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 37): අනුරුද්ධ රාජපක්ෂ 31, ධනුෂ්ක ධර්මසිරි 30, කල්‍යාණ ප්‍රනාන්දු 8/36

පොලිස් ක්‍රීඩා සමාජය දෙවන ඉණිම – කඩුලු 3ක් දැවී ලකුණු 96 (පන්දුවාර 22.5): අකිල ලක්ෂාන් 51, දර්ශන මහවත්ත 2/35


ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කාසියේ වාසිය ජයග්‍රහණය කල අතර ප්‍රතිවාදී පානදුර ක්‍රීඩා සමාජයට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදි.

අවසන් දිනය ආරම්භයේ දී තම දෙවන ඉණිම ක්‍රීඩා කරන ගුවන් හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 61ක් ලබාගෙන සිටි අතර, රොස්කො තට්ටිල්ට හා සහන් ජයවර්ධනට හැරෙන්නට අනෙකුත් පිතිකරුවන්ට සාර්ථක ඉණිමක් දියත් කිරීමට පානදුර ක්‍රීඩා සමාජයේම ගයාන් සිරිසෝම ඇතුළු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. රොස්කො තට්ටිල් ලකුණු 45ක් ලබා ගැනීමට 4 පහර 7ක් වාර්තා කරන ලදි. ගයාන් සිරිසෝම දෙවන ඉණිමේ කඩුලු 4ක් දවාලන ලදි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 320 (පන්දුවාර 55): නිසල් රන්දික 94, මාධව නිමේෂ්  58, මිශේන් සිල්වා 44, බුද්ධික සඳරුවන් 4/64

ශ්‍රී ලංකා ගුවන් හමුදා පළමු ඉණිම – ලකුණු 137  (පන්දුවාර 34.4): රංග දිසානායක 33, ලක්ෂාන් ප්‍රනාන්දු 28, ගයාන් සිරිසෝම 7/56, නිමේෂ් විමුක්ති 1/20

ශ්‍රී ලංකා ගුවන් හමුදා දෙවන ඉණිම (F/O) – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 34.4): රොස්කො තට්ටිල් 45, සහන් ජයවර්ධන 21, ගයාන් සිරිසෝම 4/79, ලසිත් ප්‍රනාන්දු 3/28

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට