දිනෙන් දින තරගකාරී වන NBA තරගාවලිය තුල වාර්තා කිහිපයක් අලුත් කිරීමට ක්‍රීඩකයින් කිහිපදෙනකු මේ වන විට සමත් වී ඇත. එම කාණ්ඩයට තම නම ඇතුලත් කිරීමට Houston Rockets කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක ජේම්ස් හාර්ඩන් (James Harden) පසුගියදා සමත් විය.

ගියවර ශූරයන්ට අනුශූරයන්ගෙන් රතු එළියක්

11 වන සතියේ පැවති ප්‍රධානතම තරගයක් ලෙස, ගියවර තරගාවලියේ ශූරයන් වූ Cleveland Cavaliers කණ්ඩායම හා අනුශූරයන් වූ Golden State Warrios කණ්ඩායම අතර තරගය කාගේත් කතාබහට ලක්විය.

තරගය සිකුරාදා පැවති අතර එහිදී Houston Rockets කණ්ඩායම Philadelphia 76ers කණ්ඩායමට එරෙහිව තරග වැදිණි. නවක ක්‍රීඩකයින් රැසකින් සමන්විත 76ers කණ්ඩායම මෙහිදී දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කල අතර තරගයේ පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකම ලකුණු 61 බැගින් ලබාගෙන සම තත්වයක පසුවිය.

නමුත් Houston Rockets කණ්ඩායම 3 වන කාර්තුවේදී දියත් කල ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හමුවේ Philadelphia 76ers කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 21 පමණකි, එහිදී Houston Rockets කණ්ඩායම ලකුණු 33ක් ලබා ගන්නා ලදී.

අවසන් කාර්තුවේදී 76ers කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ වුවත් තියුණු සටනකින් අනතුරුව තරගය ජය ගැනීමට Houston Rockets කණ්ඩායම සමත් විය. තරගය අවසානයේදී සමස්ත ලකුණු සටහන 123-118 ලෙස දැක්විණි.

NBAමෙහිදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් හාර්ඩන් ලකුණු 51ක්, නැවත ලබාගැනීම් 13ක් ( Rebounds) හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් 13 (Assist) ක් වාර්තා කිරීමට සමත් විය, ඒ මෙම තරග වාරයට පමණක් ලකුණු 50 සමඟ Triple Double අවස්ථාවක් වාර්තා කල දෙවන අවස්ථාව යි. මෙවැනි දක්ෂතාවයක් NBA තරග වාරයක් තුල දෙවරක් ප්‍රදර්ශනය කල එකම ක්‍රීඩකයා ලෙස ජේම්ස් හාර්ඩන් වාර්තා පොත් අතරට එක් විය.

ජේම්ස් හාර්ඩන් හා ජොඑල් එම්බිඩ් තරග අතරතුර

තරගයක් තුල එක ක්‍රීඩකයෙක් විසින් ලකුණු / Points, නැවත ලබා ගැනීම් / Rebounds, විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් / Assist, පන්දු පැහැර ගැනීම් / Steals හා වළක්වාලීම් / Blocks යන අවස්ථා 5න් අවස්ථා 3ක අගය 10 ට වඩා වැඩි වන විට එය Triple Double අවස්ථාවක් ලෙස හදුන්වයි.

Oklahoma City Thunders කණ්ඩායමේ රසල් වෙස්ට්බ්රූක් (Russel Westbrook) මෙම තරග වාරය සඳහා Triple Double අවස්ථා 23ක් ලබාගෙන පෙරමුණේ සිටි. ජේම්ස් හාර්ඩන් අවස්ථා 14ක් සමඟ දෙවන ස්ථානයේ රැදී සිටී.

පරාජිත කණ්ඩායම වෙනුවෙන් කැමරුන් ජාතික ජොඑල් එම්බිඩ් (Joel Embiid) ලකුණු 32ක් හා නැවත ලබා ගැනීම් 7ක් වාර්තා කරන ලදී. තම පළමු NBA තරගාවලියට එක්වන ඔහුට තරගයක ක්‍රීඩා කළ හැකි කාලය විනාඩි 20-25 පමණ වන අතර තම පාදයේ ඇතිවුණු ආබාධයෙන් තවමත් ඔහු පුර්ණ සුවය ලබා නොතිබීමයි එයට හේතුවයි.

12 වන සතියේ පැවති අනෙක් තරගවලින් Cleveland Cavaliers  තවත් තරග 2ක් පරාජය වීම කැපිපෙනෙන  සිදුවීමක් වූ අතර මේ වන විට ඔවුන් අවසන් වරට සහභාගි වූ තරග 10න් 6ක්ම පරාජය වීම විශේෂ සිදුවීමකි. එසේම Golden State Warriors කණ්ඩායමට මෙම  තරගාවලියේ 7 වන පරාජය තමන් සතුකරගැනීමට සිදුවීම පසුගිය සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමකි.

තවද තරග 46ක් අවසානයේ නැගෙනහිර කාණ්ඩයේ දෙවන ස්ථානය සඳහා තරගයක යෙදෙන Toronto Raptors කණ්ඩායම හා Boston Celtics කණ්ඩායම තමන් සහභාගී වූ තරග 46න් ජයග්‍රහණ 29ක් හා පරාජයන් 18ක් ලබාගෙන සිටියි.

සතියේ සිදුවූ තවත් විශේෂ සිදුවීමක් ලෙස NBA සුපිරි තරු තරග වදින ALL-Star තරගය සඳහා දෙපිලෙහිම ඉතිරි ක්‍රීඩකයින් 7 බැගින් නම් කිරීම පසුගියදා සිදුවිය. 11 වන සතියේ දී තරගයට ක්‍රීඩා කරන ආරම්භක පෙළ ක්‍රීඩකයින් 5 දෙනෙකු බැගින් නම් කිරීම සිදුවිය.

මෙම තෝරාගැනීමට තරගාවලියේ කණ්ඩායම 30ට අදාල පුහුණුකරුවන්ගේ ඡන්දය යොදාගත් අතර තම කණ්ඩායමේම  ක්‍රීඩකයින් නම් කිරීම ඔවුන්ට තහනම් විය.

මෙහිදී Charlotte Hornets කණ්ඩායමේ කෙම්බා වෝකර් (Kemba Walker), Los Angelis Clippers   කණ්ඩායමේ ඩි’අන්ද්‍රේ ජෝර්ඩන් (DeAndre Jordan) හා Utah Jazz කණ්ඩායමේ ගෝර්ඩන් හෙයිවර්ඩ් (Gordon Hayward) තම ප්‍රථම ALL-Star තරගය සඳහා තේරීපත්විම කැපීපෙනෙන සිදුවීමක් වූ අතර වසර 8කට පසු සුපිරි ක්‍රීඩකයින් දේපලක් වන ඩුවෙන් වෙඩ් (Dwayne Wade) හා ක’මෙලෝ ඇන්තනි (Carmelo Anthony) තෝරානොගැනීම කාගේත් කතාබහට ලක්විය.

කණ්ඩායම දෙකට අදාල ක්‍රීඩකයින් පහත පරිදි වේ.

නැගෙනගිර කණ්ඩායම (Team East)NBA

  1. Isaiah Thomas – Boston Celtics කණ්ඩායම
  2. John Wall – Washington Wizards කණ්ඩායම
  3. Kevin Love – Cleveland Cavaliers කණ්ඩායම
  4. Paul Gorge – Indiana Pacers කණ්ඩායම
  5. Kemba Walker – Charlotte Hornets කණ්ඩායම
  6. Paul Millsap – Atlanta Hawks කණ්ඩායම
  7. Kyle Lowry – Toronto Raptors කණ්ඩායම

බටහිර කණ්ඩායම (Team West)

NBA

  1. Russell Westbrook – Oklahoma city Thunders කණ්ඩායම
  2. Klay Thomson – Golden state Warriors කණ්ඩායම
  3. Draymond Green – Golden State Warriors කණ්ඩායම
  4. DeMarcus Cousins – Sacramento Kings කණ්ඩායම
  5. Marc Gasol – Memphis  Grizzlies කණ්ඩායම
  6. DeAndre Jordan – Los Angelis Clippers කණ්ඩායම
  7. Gordon Hayward – Utah Jazz කණ්ඩායම