කාලය කෑ බංගලාදේශයට දඩ!

781
Tamim Iqbal Fined

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී අඩු පන්දුවාර වේගය හේතුවෙන් බංගලාදේශය කණ්ඩායමට දඩ පැනවීමට ICCය තීරණය කර තිබේ.

නියමිත කාලය තුළ දී නියමිත පන්දුවාර සංඛ්‍යාවට වඩා පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීම හේතුවෙන් මෙම දඬුවම පැනවීමට එම තරගයේ තරග තිරක වූ ක්‍රිස් බ්‍රෝඩ් මහතා ක්‍රියා කර තිබේ.

මාලිංග වෙනුවෙන් කුසල් පෙරේරාගෙන් විශිෂ්ට ශතකයක්!

දශක එකහමාරක කාලයක් පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දර දිය ඇදි විශිෂ්ටයෙකු වන ලසිත් මාලිංග වෙනුවෙන්…

ICC ක්‍රීඩක චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමේ සුළු වරදකට, එක පන්දුවාරයක් සඳහා ක්‍රීඩකයින්ට සිය තරග ගාස්තුවෙන් 10%ක දඩයක් හිමිවන අතර නායකයාට එම දඩය මෙන් දෙගුණයක දඩයක් පැනවේ.  

ඒ අනුව බංගලාදේශ නායක තමිම් ඉක්බාල් හට සිය තරග ගාස්තුවෙන් 40%ක දඩයක් හා අනෙක් ක්‍රීඩකයින්ට 10%ක දඩයක් බැගින් නියම කර ඇති. තමිම් ඉක්බාල් තරගය අවසානයේ දී වරද පිළිගත් නිසා නඩු විහාගයක් නොපැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<