අවසන් වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නේ ලොව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයේ සිටිමිනි. මෙම සංචාරයට සහභාගි වූ කණ්ඩායම ගැන ඉන්දීය මාධ්‍ය බොහෝ පුරසාරම් දෙඩූ අතර ඒ වෙනුවෙන් වෙනම රූපවාහිනී දැන්වීම් පවා නිර්මාණය වූ අයුරු ඔබට සමහර විට මතක ඇති. නමුත් ඒ සියලු කතා මැද ටෙස්ට් තරගාවලිය පැවැත්වූ අතර අවසන් ප්‍රතිඵලය වූයේ තරග 2-1ක පරාජයක් ඉන්දියාවට අත්වීමයි.

සිංහයෝ ඓතිහාසික දිනයක් වෙනුවෙන් රඟ මඬල නිර්මාණය කරති

ඊයේ දිනය නිමා වෙද්දී ලකුණු 60කට කඩුලු තුනක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුලු සියල්ලම දවා ගැනීමට අද (22) උදෑසන සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකි විය.

ඉන් අනතුරුව පාකිස්තානු කණ්ඩායම එහි යන්නේ තම සාම්ප්‍රදායික ප්‍රතිවාදියාට නොහැකි වූ දේ කර පෙන්වීමටයි. එම මෙහෙයුම වෙනුවෙන් ලොව හොඳම වේගපන්දු යවන්නන් තමන් සතුවන බව පාකිස්තානු නායකයා ආඩම්බරයෙන් කියා සිටියේය. මීට මසකට පමණ පෙර නිමා වූ මෙම තරගාවලියේ ප්‍රතිඵලය තරග 3-0ක් ලෙස ලැජ්ජා සහගත පරාජයකි. මෙම අවස්ථා දෙකේ දී පමණක් නොව දීර්ඝ ටෙස්ට් ඉතිහාසය පුරාවට එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හැරුණු කොට අනෙක් සෑම රටකටම දකුණු අප්‍රිකාවේ දී අත්වූයේ එම ඛේදජනක ඉරණමයි. ඔවුන් කිසිවෙකුට දියමන්ති දේශය තුල ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක පහස විඳ ගැනීමට අවස්ථාවක් ලැබී නොමැත.

Photos: Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 3

මෙවන් වටපිටාවක් තුල ශ්‍රී ලංකා කණ්ඩායම එහි යන්නේ කරදර බාධක කම්කටොළු රැසක් කර පින්නාගෙනයි. කණ්ඩායමේ සිටි නිත්‍ය වේගපන්දු යවන්නන් ආබාධයට ලක්වීම, දිල්රුවන් – චන්දිමාල් වැනි ක්‍රීඩකයින් දක්ෂතා අතර නොමැති වීම නිසා කණ්ඩායමෙන් පවා කැපී ගොස් සිටීම මෙන්ම ශ්‍රී ලංකා පිළේ මැදපෙළ නැංගුරම ලෙස කලක් තිස්සේ කටයුතු කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලෙඩ ඇඳේ සිටීම වැනි ගැටලු රැසක් ඔවුන්ට උරුම වී තිබුණි. ඒ නිසා කණ්ඩායමට ආදේශ කළ යොවුන් ක්‍රීඩකයින් රොත්තක් ද සමඟ ශ්‍රී ලංකා පිළ දිවයිනෙන් පිටත් වන්නේ දිමුත් කරුණාරත්නට නායකත්වයේ කටු ඔටුන්න පළඳවමිනි.

නමුත් දින 10ක් ඇතුළත මෙම කොලු ගැටවුන් රෑන සමස්ත ක්‍රිකට් ලෝකයම විශ්මයට පත් කරන්නේ පැවති ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණ වලින් කෙළවර කරමිනුයි. අද (23) නිමාවට පත්වූ දෙවැනි ටෙස්ට් තරගය ඔවුන් දින තුනකටත් අඩු කාලයක් තුල නිමා කළේ කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමිනි. අද උදෑසන තරගය ආරම්භ වන විට ජයග්‍රහණයට ලකුණු 137ක් පිටුපසින් සිටි ඔවුන් අද දිනය තුල දී කිසිදු කඩුල්ලක් බිඳ වැටෙන්නට ඉඩ නොතබමින් තරගය කෙළවර කරන්නට සමත් වූහ. ඒ කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු අතරේ තුන්වැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 163ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමිනි.

2020 දී අමුතු ක්‍රිකට් තරගාවලියක්

එළඹෙන 2020 වසරේ දී පන්දු 100 හෙවත් පන්දුවාර දහයයි 10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ. එම තරගාවලිය සඳහා අදාළ…

මෙම තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් ඉහළම දක්ෂතා අතරට පැමිණීමට සමත් වූ අතර ඔවුන් එකිනෙකාගේ දස්කම් වෙන වෙනම ගෙනහැර දැක්වීමට හැකි තරම් විශේෂ විය. මංගල තරගාවලියට ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙනිය මෙම තරගය අතරතුරේ සිය වම් අතේ මහපටැඟිල්ල බිඳී පිටියෙන් ඉවත් වන මොහොත දක්වාම කණ්ඩායම වෙනුවෙන් තම යුතුකම් කොටස උපරිමයෙන්ම ඉටු කළ අයෙකි. ඔහු මුල් තරගයේ කඩුලු 6ක් බිඳ හෙලූ අතර පිත්තෙන් ද කණ්ඩායමට ආධාර විය. ශ්‍රී ලංකා පිළේ අනෙක් නව අත්හදාබැලීම වූ ඕෂධ ප්‍රනාන්දු අද තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 75ක් රැස් කළේය. ඉතාමත් විශ්වාසනීය පිතිකරුවෙකුගේ ලක්ෂණ මැනවින් ප්‍රකට කරන ඔහු අද හතරේ පහර 10ක් සහ හයේ පහර දෙකක් එම ඉනිම තුල ඇතුළත් කළේය.

තවමත් ජාත්යන්තර අත්දැකීම් අඩු නවකයෙකු වන විශ්ව ප්‍රනාන්දු සැබවින්ම මෙම තරගාවලියේ වීරයා වන්නට තරම් ප්‍රබල දස්කම් දැක්වූවෙකි. ඔහු මෙම ටෙස්ට් තරග දෙක පුරාවට කඩුලු 12ක් බිඳ හෙලුවේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමිනි. කඩුලු 9ක් දවා ගත් කසුන් රාජිතට වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානය හිමි විය. ඔහුට ද තවමත් අත්දැකීම් ඇත්තේ ටෙස්ට් තරග 6ක පමණක් වුවද කණ්ඩායමට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලබා දීමට ඔහුට හැකි විය. ලොව අංක එකේ පන්දු යවන්නා වන කාගිසෝ රබාඩා සහ අනෙකුත් සියලුම දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් එම ලැයිස්තුව තුල රැඳුණේ මොවුන් දෙදෙනාටම පහළිනි.

විසිහය වසරකට පෙර මෙරටටම පැමිණ අප අසරණ කළ දකුණු අප්‍රිකානුවෝ

2019 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය හෙට (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට්…

අවසන් මොහොතේ නැවතත් දක්ෂතා අතරට පිවිසි කුසල් මෙන්ඩිස් අද ලකුණු 84ක් නොදැවී ලබා ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ කලාතුරකින් දකින්නට ලැබෙන මනරම් පහරවල් රැසක් තම ඉනිම තුල අන්තර්ගත කරමිනි. ඔහුගේ ඉනිම ජාත්යන්තර විස්තර විචාරකයින්ගේ ද දැඩි ප්‍රසාදයට හේතු විය. කුසල්ගේ ඉනිම තුල හතරේ පහර 13ක් ඇතුළත් විය. අද තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තමාට කුමන චෝදනා කළ ද තම කණ්ඩායම සහ ක්‍රිකට් පිළිබඳ දන්නා පිරිස ඔහුත් සමඟ සිටි බවයි. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තූතිවන්ත වන බවයි.

පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 153ක් නොදැවී රැස් කරමින් ශ්‍රී ලංකාවට ඉතිහාසය අලුතින් ලියන්නට වැඩිම දායකත්වය දැක්වූ කුසල් පෙරේරා මෙම ඓතිහාසික තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. ලැබූ ජයග්‍රහණය ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් එකා මෙන් එකමුතුවී කටයුතු කළ නිසා ජයග්‍රහණය ලැබීම අපහසු නොවූ බවයි. සැබවින්ම දින කිහිපයක් පුරාවට ඉනිම දෙකක් තුල දිවයන ටෙස්ට් තරග ජයක් යනු කිසිසේත්ම අහම්බයක් නොවන නිසා කණ්ඩායම තුල තිබූ එකමුතුකම මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස තිබූ මහ පොදු සාධකය වූ බව අපගේ ද හැඟීමයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නොසිතූ වෙනස්කම් රැසක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තරග වදිනු ලබන ක්‍රීඩකයින් 17…

දැන් මෙම ටෙස්ට් තරගාවලිය තුලින් ලැබුණු පන්නරය ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකා පිළ ඉදිරියේ තිබෙන මීළඟ අභියෝගය වන අතර ඒ වෙනුවෙන් නායකත්වය පැවරී ඇත්තේ ලසිත් මාලිංගටයි. කලක පටන් ශ්‍රී ලංකා පිළ සීමිත පන්දුවාර තරගවල දී දැඩි පසුබෑමක් පෙන්නුම් කරන නිසා මෙම තරගාවලිය ජය ගැනීමට නම් ටෙස්ට් තරගාවලියේ දී මෙන්ම ලොවක් පුදුමයට පත් කිරීමට ශ්රී ලංකාවට සිදුවනු ඇත. මේ සියල්ල මැද එක්දින තරගාවලියේ මුල්ම තරගය මාර්තු තුන් වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 222 (පන්දුවාර 61.2) ක්වින්ටන් ඩි කොක් 86, ඒඩන් මාක්රම් 60, ෆැෆ් ඩු ප්ලෙසිස් 25, කාගිසෝ රබාඩා 22, වියාන් මුල්ඩර් 9, කසුන් රාජිත 3/67, විශ්ව ප්‍රනාන්දු 3/62, ධනංජය ද සිල්වා 2/15, දිමුත් කරුණාරත්න 1/12.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දුවාර 37.4) නිරෝෂන් දික්වැල්ල 42, ලහිරු තිරිමාන්න 29, කුසල් පෙරේරා 20, ධනංජය ද සිල්වා 19, දිමුත් කරුණාරත්න 17, කාගිසෝ රබාඩා 4/38, ඩුවාන් ඔලිවියර් 3/61, වියාන් මුල්ඩර් 1/6.

දකුණු අප්‍රිකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 128 (පන්දුවාර 44.3) ෆැෆ් ඩු ප්ලෙසිස් 50*, හෂීම් අම්ලා 32, ඒඩන් මාර්ක්රම් 18, ඩුවාන් ඔලිවියර් 6, සුරංග ලක්මාල් 4/39, ධනංජය ද සිල්වා 3/36, කසුන් රාජිත 2/20.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – කඩුලු 2ක් දැවී ලකුණු 197 (පන්දුවාර 45.4) කුසල් මෙන්ඩිස් 84*, ඕෂධ ප්‍රනාන්දු 75*, දිමුත් කරුණාරත්න 19, ලහිරු තිරිමාන්න 10, ඩුවාන් ඔලිවියර් 1/46, කාගිසෝ රබාඩා 1/53.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<