ආසියානු යොවුන් ශූරතාවලියේ රග්බි සංචිතය නම් කෙරේ ;නායකයා නවීන්

335

ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන අවසන් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නිකුත් කර තිබේ. 12 දෙනෙකුගෙන් සමන්විත ප්‍රධාන සංචිතය සමඟින් තවත් අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙකු මෙම සංචාරය සඳහා එක්වීමට නියමිත  අතර එළඹෙන අගෝස්තු 10 සහ 11 යන දෙදින තුළ හොංකොං හි “කිංග්ස් පාර්ක්” නුවර දී තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අපරාජිත ධර්මරාජවරුන් පරාජය කරමින් ශූරතාවය වෙස්ලි ක්‍රීඩකයින්ට

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් දස-සාමාජික රග්බි තරගාවලිය ඊයේ (05) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ…

කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයෙකු සහ වර්තමාන ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ සිටින එකම යොවුන් ක්‍රීඩකයා වන නවීන් හේනකන්කානම්ගේ හට කණ්ඩායම් නායකත්වයේ වගකීම හිමි වී තිබේ. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් ජාතික රග්බි කණ්ඩායමට පිවිසි දීප්තිමත් ක්‍රීඩකයෙකු වන නවීන් පසුගිය ආසියානු යොවුන් තරගාවලිය වෙනුවෙන් ද නායකත්වය ලබා දුන් අතර එහි දී ශ්‍රී ලංකාව අනුශූරතාවය දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.

2016 වසරේ දී කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් සහ ඔමල්ක ගුණරත්නගේ උප නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාව මේ වන විට දිනා ඇති පළමු සහ එකම ආසියානු ශූරතාවය සඳහා හිමිකම් කී අතර එහි පළමු වටයේ දී දකුණු කොරියාව පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. එම ශූරතාවලියේ දෙවන වටයේ දී ද අවසන් තරගයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල හොංකොං  දේශය හමුවේ පරාජය වුවද සමස්ත තරගාවලියේ ශූරතාවය දිනා ගන්නට සමත් විය.

ජ’පුර සහ වයඹ සිසුහු කොළඹ රග්බි පිටිය පෙරළයි

කොළඹ විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 2018 අන්තර් විශ්ව විද්‍යාලයීය රග්බි තරගාවලිය ඊයේ (04) කොළඹ විශ්ව…

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වර්තමාන සත් සාමාජික පාසල් ශූර සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායමේ සහ වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලිය ජය ගත් “ඇක්සස්” කණ්ඩායමේ ද පුහුණුකරු වූ නිල්ෆර් ඊබ්‍රහිම් මහතා කටයුතු කරයි. එමෙන්ම සහය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ රග්බි තරුවක් වන ෆාසිල් මරීජා කටයුතු කරනු ලබයි.

වර්තමාන ආසියානු අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ද  ප්‍රබල සංචිතයකින් සමන්විත වන අතර සංචිතය පහත පරිදි වේ.

නවීන් හේනකන්කානම්ගේ – නායක (සාන්ත තෝමස් විද්‍යාලය/ CH&FC), දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය/ හැව්ලොක්), හරිත් බණ්ඩාර (ඉසිපතන විද්‍යාලය/ CR&FC), අවිශ්ක ලී (වෙස්ලි විද්‍යාලය/ CH&FC), රැන්ඩි සිල්වා (ඉසිපතන විද්‍යාලය/ හැව්ලොක්), තීක්ෂණ දසනායක (සාන්ත පීතර විද්‍යාලය), චතුර සෙනෙවිරත්න (සාන්ත ජෝසප් විද්‍යාලය/ නාවික හමුදා), හේෂාන් ජැනසන් (කිංග්ස්වුඩ් විද්‍යාලය/ මහනුවර), තුලෙයිබ් හසීන් (රාජකීය විද්‍යාලය), ජනිදු දිල්ෂාන් – රාජකීය විද්‍යාලය, ගැමුණු චේතිය (සාන්ත ජෝසප් විද්‍යාලය), කේෂන් කාවින්ද (සාන්ත ජෝසප් විද්‍යාලය)

අතිරේක ක්‍රීඩකයන්

ගිහාන් මධුසංක (සාන්ත ජෝසප් විද්‍යාලය/ නාවික හමුදා), දිලුක්ෂ දන්ගේ (ත්‍රිත්ව විද්‍යාලය/ මහනුවර), මනුල රත්නායක (ඉසිපතන විද්‍යාලය)

                   >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<