ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය මේ මස 8 සහ 9 දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වේ. අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයයි.
සඳුන් මෙන්ඩිස්ගේ දක්ෂතාවයෙන් ශූරතාව දෙවැනි වරටත් ගාල්ලට
ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (28) නිමාවූ 2017/18 සිංගර් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් බම්බලපිටිය…
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරුවෙක් සතු වැඩිම ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තා හිමිකරු වෙන හසිත බෝයගොඩ ත්‍රිත්ව විද්‍යාලයීය නායකයා ලෙසත්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ උපනායක ජෙහාන් ඩැනියෙල් සාන්ත ජෝසප් විද්‍යාලයීය නායකයා ලෙසත් කටයුතු කරමින් අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවෙති.
“අපි මේ වයස් කාණ්ඩයේ අවසාන මහා තරගයකට සහභාගී වෙන්නේ පළමු වතාවට. එම තරගය සුවිශේෂී තරගයක් කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.” ත්‍රිත්ව විද්‍යාලයීය නායක හසිත බෝයගොඩ ThePapare.comවෙත පැවැසුවේ ය.
“වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව අපි මීට කලින් දිනල තියෙන්නේ අවුරුදු 10කට කලින්. ඒ මඟ හැරුණ කුසලානය අපි මෙවර දිනා ගැනීමට බලාපොරොත්තු වෙනවා.” සාන්ත ජෝසප් විද්‍යාලයීය නායක ජෙහාන් ඩැනියෙල් ThePapare.com හා පැවසීය.

රිච්මන්ඩ් මාතාවගේ අභිමානවත් ක්‍රිකට් චාරිකාව
ගාල්ල පුරවරයේ සුප්‍රසිද්ධ පාසලක් වන රිච්මන්ඩ් විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩා අතින් විශාල ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ පාසලකි. මෑත කාලීනව ද…
“මම සතුටු වෙනවා අපි අවසාන මහා තරගය දක්වා පැමිණීම ගැන. අවසාන මහා තරගයේ දී අපේ බලාපොරොත්තුව උපරිමයෙන් කිරීමයි. ප්‍රතිවාදී කණ්ඩායම අපිට මොන අභියෝගයක් දුන්නත් අපේ කණ්ඩායම ශක්තිමත්ව ඒ අභියෝගය බාර ගන්නවා. විශේෂයෙන්ම හසින්ත ජයසූරිය ලකුණු 950ක් ද, පුබුදු බණ්ඩාර ලකුණු 900ක් ද, උපනායක ට්‍රෙවෝන් වීරසූරිය ලකුණු 750ක් ද ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් අපේ කණ්ඩායමේ ඉදිරියෙන් සිටිනවා. ඒ වගේම කඩුලු 93ක් ලබා ගෙන සිටින විමුක්ති නෙතුමාල් සහ කඩුලු 70කට ආසන්නව ලබා සිටින කවිශ්ක සේනාධීර ද මේ තරගයේ දී උපරිමයෙන් දක්ෂතා දක්වාවි කියන බලාපොරොත්තුව අපේ තිබෙනවා. ඔවුන් සමඟින් අනෙකුත් අය ද ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම්. අපි මෙවර 19න් පහළ කුසලානය නුවරට ගෙන යනවා.” හසිත බෝයගොඩ පැවැසුවේ ය.
ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
හසිත බෝයගොඩ (නායක), ට්‍රෙවෝන් වීරසූරිය (උප නායක), රෂ්මික ඩිල්ශාන්, විමුක්ති නෙතුමාල්, හසින්ත ජයසූරිය, කවිශ්ක සේනාධීර, අභිෂේක් ආනන්දකුමාර්, අවිශ්ක සේනාධීර, පුබුදු බණ්ඩාර, රුවින් පීරිස්, පූර්ණ වනසේකර, අශාන් ලොකුකැටිය, අශෝක් කුමාර්, චනුක කුමාරසිංහ, උවිඳු විමලධර්ම, හිමන්ග සූරියම්පොළ, ජෙෆ් වීරසිංහ, කෙවින් පෙරේරා, ඔසද හේරත්, උමායිර් රිස්වාන්
නිලධාරීන්; කාවින්ද ජයසූරිය ( පුහුණුකරු ) ධම්මික කුලතුංග (ක්‍රිකට් භාර ආචාර්ය)


රිච්මන්ඩ්වරුන්ගේ කවුරුත් නොදන්න රස කතා
රිච්මන්ඩ් ක්‍රිඩකයෝ පසුගිය දවස්වල තිබ්බ සිංගර් 19න් පහළ එක්දින තරගාවලියේ ශූරයෝ බවට පත්වුනා. මැච් එක දින්න ආතල්…
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ජෙහාන් ඩැනියෙල් (නායක), නිපුන් සුමනසිංහ (උප නායක), රෙවාන් කෙලී, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ, ෂෙවාන් රසූල්, කැමරන් දුරුගේ, ඩිනාල් අනුරාධ, ඩිලේශ් පෙරේරා, යෙසිත් රූපසිංහ, අශාන් ද අල්විස්, ජොහාන්නේ ද සිල්වා, ලක්ෂාන් ගමගේ, සචින්ත රවිඳු, රුචිර පල්ලියගුරු, මිහිරංග වික්‍රමගේ, දුනිත් වෙල්ලාලගේ, ආරොන් ගුණරත්න, දිනෙත් ජයකොඩි, ශාලින්ද සෙනෙවිරත්න, අශේන් ඩැනියෙල්
නිලධාරීන්; රොජර් විජේසූරිය (ප්‍රධාන පුහුණුකරු) ප්‍රශාන්ත රණවීර (ක්‍රිකට් භාර ආචාර්ය)

ඒ සමඟින් හැකියාවත්, දක්ෂතාවත් සහ ජවයත් සමඟින් එකිනෙකා පරයමින් කුසලානය දිනා ගැනීමට කෙරෙන අරගලයෙහි සවිස්තවර වාර්තාවන් ThePapare.com මත සටහන් කිරීමට අප සූදානම්ව සිටිමු.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















