කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පළඟ ශූරතාවයට තවත් ළඟා වෙයි

508

2019 සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය වෙනුවෙන් මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර අද (22) දින පැවැත්වුණු තරගයේ ජය හිමි කර ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වුනා. ඒ ලකුණු 14-19ක් ලෙසින් සහිරා කණ්ඩායමට තීරණාත්මක පරාජයක් අත්කර දෙමිනි.

දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද (22) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය…

පසුගිය (21) දවස තෙක් පළඟ ශූරතා ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු වූ අපරාජිත කිංග්ස්වුඩ් විද්‍යාලය හට සාන්ත අන්තෝනි විද්‍යාලය මලියදේව විද්‍යාලයට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයත් සමඟම දෙවන ස්ථානය තෙක් පසු බැසීමට සිදු වුනා. නමුත් නැවත වතාවක් දෙවන වටයේ සිය අපරාජිත වාර්තාව රැක ගනිමින් ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට ඔවුන්ට හැකි විය.

වැහිබර වීමට ආසන්න කාලගුණික තත්වයක් යටතේ ආරම්භ වුනු තරගයේ මුල්ම කාලසීමාව මන්දගාමීව ගත වෙමින් පැවතියත් කිංග්ස්වුඩ් කණ්ඩායම සහිරා කණ්ඩායම වෙත කෙමෙන් කෙමෙන් පීඩනයක් එල්ල කරනු ලැබුවා. සිය වේගවත් ධාවනයෙන් සහ ශරීර ශක්තියෙන් ප්‍රයෝජනය ගනිමින් සිය කණ්ඩායම වෙත යම් ඉදිරියක් ලබා දීමට වී. අතුකෝරාල හට හැකි වුනා. එයින් ප්‍රයෝජනය ගත් නදීක සෙනෙවිරත්න තරගයේ දා හතර වන මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කළ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (කිංග්ස්වුඩ් 07 – 00 සහිරා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එයින් පසුව ද නැවතත් පන්දුවේ ග්‍රහණය සි‍යතට ගත් මහනුවර ක්‍රීඩකයින් සහිරාවන්ගේ දුර්වල ආරක්ෂක බැමි වලට ඉහළ බලපෑමක් එල්ල කළා. එහි දී පන්දුව රැගෙන මීටර 50ක පමණ දුරක් ධාවනය කොට ගෝල සීමාව ආසන්නයටම තම කණ්ඩායම මෙහෙය වීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක ගුණතිලක කටයුතු කළ අතර සහිරා ප්‍රතිරෝධය නොසලකා හරිමින් තවත් උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඔවුන් අරගල කරන්නට විය.

තරමක වේලාවක් සිය ගෝලය පස ක්‍රීඩා කරමින් සිටි කිංග්ස්වුඩ් කණ්ඩායම කිසිදු අවස්ථාවක සහිරා ක්‍රීඩකයින් හට ඔවුන්ගේ ගෝලය වෙත ළඟා වීමට ඉඩ තැබුවේ නැත. තරගයේ විසි හතරවැනි මිනිත්තුවේ දී එන්. සම්පත්ගේ ප්‍රවර්තනයෙන් හැඩවුනු දෙවන උත්සාහක දිනුම හරියටම ගෝල කණු මැදින් පන්දුව සමඟ පතිත වෙමින් වාර්තා කළේ කේ. එම්. තෙන්නකෝන් විසිනි.

ඇතුගල්පුරයේ ජයග්‍රහණයට ප්‍රවර්තනයක් හරස්වෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තවත් එක් තරගයක් ඊයේ (20) දින කුරුණෑගලදී පැවැත්විනි.

එම ලකුණු ලබා ගැනීමෙන් විනාඩි දහයක් ගතවීමට මත්තෙන් කිංග්ස්වුඩ් කණ්ඩායම තවත් උත්සාහක දිනුමක් එක් කිරීමට තුමුල වැලිගම්පොල සමත් වූයේ පළමු අර්ධයේ නිමාව ආසන්නයටම පැමිණීමෙනි. එහි ද ප්‍රවර්තනය එන්. සම්පත්ගේ පාදයෙන් සාර්ථක වුනා.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 19 – 00 සහිරා විද්‍යාලය

දෙවන අර්ධය ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සහිරා විද්‍යාලයීය කණ්ඩායම පෙරට වඩා ජවසම්පන්නව ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් එකිනෙකා අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නගා ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණා. සහිරා ක්‍රීඩකයින් මුල් අර්ධයේ අනුගමනය කරනු ලැබූ ආරක්ෂක ක්‍රීඩා විලාසයෙන් බැහැරව ප්‍රහාරාත්මක ඉරියව්වක් වෙත ගමන් කළා. මේ අතරවාරයේ ලැබුණු අවස්ථාවක් ඔස්සේ උත්සාහක දිනුමක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සහිරා ක්‍රීඩක එම්. මිර්සාන් සමත් වූයේ එහි ප්‍රවර්තනය ද සාර්ථකව එල්ල කරමිනි. (කිංග්ස්වුඩ් 19 – 07 සහිරා)

යුද හමුදාවට නව රග්බි පුහුණුකරුවෙක්

පසුගිය වසරේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස කටයුතු කළ නිහාල් “වයිපර්” ගුණරත්න CH&FC කණ්ඩායම සමඟ එකතු වීමත්….

එක්වරම සිදු වූ මෙම ප්‍රහාරයෙන් පසුබට නොවූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් ඒ වන විටත් ලබා සිටි ඉදිරියෙන් ධෛර්යමත් වෙමින් වඩාත් ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩා කළා. කෙසේ වූවත් ඔවුන්ව මැඩලමින් සිය ආක්‍රමණකාරී ඉරියව්වෙහි උදව්වෙන් ඉදිරියට ඇදී ආ සහිරාවන් තම ගෝල සීමාවේ ලකුණක් ලබා ගැනීමට සටනක් දෙමින් සිටිය දී Knock-On ක්‍රියාවක් හේතුවෙන් පන්දුව ප්‍රතිවාදීන්ට ලබා දීමට සිදු වුනා.

ඉන් කලබලයට පත් නොවී නැවතත් කිංග්ස්වුඩ් ආරක්ෂක බැමි අභිබවා සිය ගෝලය වෙත ළඟා වූ සහිරා ක්‍රීඩකයින් කිහිප වතාවක් අසාර්ථක වෙමින් කෙසේ හෝ උත්සාහක දිනුමක් ලබා ගනු ලැබුවා. එය වාර්තා කළේ ඩිල්ෂාන් මාන්නප්පෙරුම විසින් වන අතර එහි ප්‍රවර්තනය එම්. මිර්සාන්ගේ පාදයෙන් සාර්ථකව එල්ල වුනා.

දෙවන අර්ධයේ දී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් අපොහොසත් වූ නමුත් සිය ශක්තිමත් ආරක්ෂක පෙළ භාවිතා කරමින් සහිරා තර්ජනය හොඳින් මැඩ පවත්වමින් තරගය ජය ගැනීමට ඔවුන් සමත් වුනා. ගෝල සීමාවේ දී සිදු කළ අත්වැරදීම් නිසා ඉතා හොඳින් කල්යල් බලා උත්සාහක දිනුම් ලබා ගැනීමට තිබූ අවස්ථාවන් මග හැරී යාමෙන් තරගය ජය ගැනීමට හෝ ලකුණු සම කර ගැනීමට තිබූ වටිනා කාලයෙහි මිඩංගු කරගැනීමක් සහිරා කණ්ඩායම වෙතින් සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය 19 – 14 සහිරා විද්‍යාලය

ලකුණු ලබා ගැනීම

  • කිංග්ස්වුඩ් විද්‍යාලය: නදීක සෙනෙවිරත්න 1T, කේ. එම්. තෙන්නකෝන් 1T, තුමුල වැලිගම්පොල 1T, එන්. සම්පත් 2C
  • සහිරා විද්‍යාලය: එම්. මිර්සාන් 1T 2C, ඩිල්ෂාන් මාන්නප්පෙරුම 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<