A කාණ්ඩයට වරම් දිනා ගත් ‘කැස්ට්‍රෝ’ගේ මලියදේව රග්බි හමුදාව

1682

සුරංගනා කතාවක් මෙන් වුවත් දැඩි කැපවීමෙන් හා නිසි මග පෙන්වීමෙන් B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පිවිසුණු කුරුණෑගල මලියදේව විද්‍යාලයීය රග්බි කණ්ඩායම අගනුවරින් පිට අනෙක් පාසල්වලටත් ආදර්ශයක්. A කාණ්ඩයේ සටන් වදින එකම අගනුවරින් හෝ මහනුවරින් පිට පාසල වන මලියදේව රග්බි හමුදාවට ප්‍රබලයින් මට්ටු කරන්නට හැකි වෙයි ද?

නූලෙන් ගිලිහුණු කුසලානය සොයා යන මරදානේ සාන්තුවරු

රග්බි පිටියේ ප්‍රබල පාසල් රැසක් මට්ටු කරමින් මරදාන සාන්ත ජෝසප් රග්බි කණ්ඩායම මෑතකාලීන රග්බි පිටියේ පෙරළි රැසක් සිදු කිරීමට සමත් විය. 2017 මයිලෝ ජනාධිපති…

අතීතයෙන් බිඳක්

1888 දී ආරම්භ වූ මලියදේව විද්‍යාලය ඕවල් පන්දු ක්‍රීඩාව ආරම්භ කරන්නේ 1980 වසරේ පමණ සිටයි. රග්බි ක්‍රීඩාවට අලුත් වුනත් ගත වූ වසර ගණනාව පුරා ඔවුන් දක්වා ඇති දක්ෂතා සුළුපටු නැහැ.

90 දශකයේ අවසානයට වන්නට මලියදේව රග්බි ක්‍රීඩාව ඉතා හොඳ තත්වයක තිබුනත් ඉන් පසුව 2016 වන තුරුම ඔවුන් සැලකිය යුතු දස්කම් දක්වන්නට සමත්ව තිබුණේ නැහැ.

2016 දී මලියදේව විද්‍යාලයීය රග්බි ක්‍රීඩාව අළු ගසා දමා ප්‍රබල තත්වයකට පත් වූයේ සුපිරි පුහුණුකරු ආනන්ද ‘කැස්ට්‍රෝ ’ කස්තුරිආරච්චි මහතා කණ්ඩායම භාර ගැනීමත් සමඟයි.

2017 වසරේ පැවති අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දී කොළඹ ආනන්ද විද්‍යාලය පරදා ශූරතාවය දිනා ගත් මලියදේව විද්‍යාලය වසර 10 කට පසු කුරුණෑගලින් A කාණ්ඩයට පිවිසුණු එකම පාසල බවට පත් වූයේ ශාන්ත ආනා විද්‍යාලයට පසු එම දක්ෂතාව දක්වමින්.

පසුගිය තරගවාරය

ලහිරු දවුලගගේ නායකත්වයෙන් රග්බි පිටියට පිවිසුණු පෙරළිකාර මලියදේව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ කෙමෙන් කෙමෙන් B කාණ්ඩයේ ප්‍රතිවාදීන් මෙල්ල කළේ පලඟ ශූරතාවයට පිවිසෙමින්.

(A කාණ්ඩයට පිවිසුණු මලියදේව රග්බි කණ්ඩායම ජයග්‍රහණය සමරමින්.)

B කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් වූ විද්‍යාර්ථ, විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම නොසිතූ ලෙස ඔවුන් ඉදිරියේ දණ ගැසූ අතර ඔවුන් සහභාගී වූ තරග 10කින් තරග අටක් ජයගෙන A කාණ්ඩයට පිවිසුණේ තීරණාත්මක තරගයේ දී විද්‍යා විද්‍යාලය සම්පූර්ණයෙන් අඩපණ කරමින්.

ඔවුන් පසුගිය තරගවාරයේ දී පරාජය වූයේ A කාණ්ඩයෙන් පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාලයට හා සාන්ත තෝමස් විද්‍යාලයට පමණක් වීම විශේෂත්වයක්.

මෙවර සූදානම

අතිසාර්ථක තරගවාරයකට පසු මෙවර තරගවාරයේ දී කණ්ඩායම මෙහෙයවීම වගකීම භාරව ඇත්තේ කෞශල්‍ය ගුණවීර හටයි. තෙවැනි වසරේ වර්ණ ලාභියෙකු වන ඔහු ෆ්ලයි හාෆ් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ සමබර කණ්ඩායමක් මෙහෙයවමින්. පසුගිය වසරේ දක්ෂතා මේ වසරේදීත් සිය කණ්ඩායමෙන් උකහා ගැනීම කෞශල්‍යගේ ප්‍රධානතම වගකීම වනු ඇත.

(සුපිරි පුහුණුකරුවා මෙවර කණ්ඩායමේ ප්‍රධානතම ශක්තිය වනු ඇත.)

සකුන් සසංක හා තරිඳු නයනජිත් සිය අත්දැකීම් සමඟින් සෙන්ටර් ස්ථාන ශක්තිමත් කරනු ඇත. ළාබාල ක්‍රීඩකයින් රැසක් ද කණ්ඩායමට ඇතුලත්ව සිටින නිසා මොවුන් දෙදෙනාගේ සේවය කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත.

දිල්ශාන් ප්‍රමුදිත් අංක අට ස්ථානයේ සටන් වදින්නේ කණ්ඩායමේ ඉදිරිපෙළ මෙහෙයවමින්. ඔහුගේ සහයට තරිඳු දිදුලංගත් ඉදිරිපෙළට එක්වන්නේ කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන්.

සාර්ථක වසර තුනකට පසු මෙවරත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පරිණත පුහුණුකරු ආනන්ද කස්තුරිආරච්චි මහතායි. මේ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන ශක්තියත් ඔහු වනු ඇත.

(නායකයාට භාරව ඇත්තේ එසේ මෙසේ වගකීමක් නොවේ!)

සුපිරි පුහුණුකරුවෙකු හා යොවුන් කණ්ඩායමක් සමඟින් එන මලියදේවයින් මේ වසරේ කුමන පෙරළියක් කරයි ද?

මලියදේව විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ පළමු වටයේ තරග සැකැස්ම මෙසේයි.

  • රාජකීය විද්‍යාලය හා මලියදේව විද්‍යාලය – මාර්තු 2, රාජකීය රග්බි ක්‍රීඩා සංකීර්ණය
  • මලියදේව විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 9, මලියදේව ක්‍රීඩා පිටිය
  • මලියදේව විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය – මාර්තු 16, මලියදේව ක්‍රීඩා පිටිය
  • මලියදේව විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය – මාර්තු 24, සාන්ත තෝමස් ක්‍රීඩා පිටිය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය හා මලියදේව විද්‍යාලය – මාර්තු 20, නිත්තවෙල

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<