රිච්මන්ඩ් අපරාජිත කිරුළ කොළොම්පුර පීතරයන්ට පුදයි

603

පාසල් ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩඉම් තබන ගාලු පුර රිච්මන්ඩ් විද්‍යාලය මෙවර තරග වාරයේ දී ද තම දක්ෂතා සුපුරුදු ලෙසින්ම දක්වමින් පැමිණිය ද අද (10) අවසන් වූ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය හා තරගයේ දී කඩුලු 7ක අමිහිරි පරාජයක පහස ලැබීමට සිදු විය.

කෙවින් පෙරේරා සහ අශාන් ප්‍රනාන්දු තරගෙට ශතක රැස් කරයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අතර කොළඹ තර්ස්ටන් පිටියේ දී අද (09) ආරම්භ වූ ශ්‍රී ලංකා…….

සාන්ත පීතර සහ රිච්මන්ඩ් විදුහල් අතර තරගය

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ ලැබූ පළමු පරාජයයි මේ. තරගයක පළමු ඉනිම පසුබැස්ස ද, දෙවැනි ඉනිමේ දී යළි නැගී සිටීමේ පළපුරුද්දෙන් හෙබි රිච්මන්ඩ් ක්‍රීඩකයන්ගේ පළපුරුද්ද මේ තරගයේ දී ඉබේ ම ගිලිහී තිබුණි.

පළමු ඉනිමෙන් පසුබැස සිටි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමේ දී නැවත පිටියට පිවිසියේ ලකුණු 36ක් පිටුපස සිටිමිනි. එකී ලකුණු ප්‍රමාණය පසු කරමින් දැවැන්ත ඉනිමකට යෑමට පිඹුරුපත් සැකසුව ද, ඒ සියල්ල ව්‍යර්ථ කිරීමට සාන්ත පීතර විද්‍යාලයේ දකුණතින් දඟපන්දු යවන සචින් සිල්වා සමත් විය. ඔහු ලකුණු 19කට කඩුලු 7ක් දවා ගත්තේ රිච්මන්ඩ් දෙවැනි ඉනිම 87කට සීමා කරමිනි. සචින් මේ සඳහා යැවූ පන්දු වාර ප්‍රමාණය 10.4කි.

ජයග්‍රහණය සඳහා ලකුණු 52ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක ක්‍රීඩකයෝ එය කඩුලු 3ක් පමණක් දැවී ලබා ගත්හ.

මෙය ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ C කාණ්ඩයේ පළමු වටයේ තරගයකි.

රිච්මන්ඩ් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (76.0): තවීෂ අභිෂේක් 63, සඳුන් මෙන්ඩිස් 53, ආදිත්‍ය සිරිවර්ධන 20, ශිවාන් පෙරේරා 3/27, මොහොමඩ් අමීන් 3/72

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (91.5): සුලක්ෂන් ප්‍රනාන්දු නොදැවී 37, රන්මිත් ජයසේන 37, ෂැනෝන් ප්‍රනාන්දු 38, සචින් සිල්වා 24, මොහොමඩ් අමීන් 24, රුවින් සේනාරත්න 30, දිලුම් සුධීර 4/74, සඳුන් මෙන්ඩිස් 4/80

රිච්මන්ඩ් විද්‍යාලය: දෙවැනි ඉනිම 87 (27.4): සඳුන් මෙන්ඩිස් 22, සචින් සිල්වා 7/19, මොහොමඩ් අමීන් 3/50

සාන්ත පීතර විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 55 (6.4): ශාලිත ප්‍රනාන්දු නොදැවී 21

ශ්‍රී ලංකාවෙන් කැන්ගරුවන්ට දරුණු ප්‍රහාරයක්

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ (8) ඩුබායි හිදී ආරම්භ විය…….


මලියදේව සහ ලුම්බිණි අතර තරගය

කුරූණෑගල මලියදේව විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර අද (10) ආරම්භ වූ පළමු කොටසේ D කාණ්ඩයේ තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ක්‍රීඩකයෝ ලබා ගත් ලකුණු 269ට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුලු 6ක් දැවී ලකුණු 108ක් ලබා සිටියහ.

කාසියේ වාසිය දිනූ ලුම්බිණි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර එහි දී නායක කවින් කේමිත දකුණතින් පන්දුවට පහර දෙමින් පන්දු 108ක දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 73ක් ලබා ගත්තේය. ඊට අමතරව හේමාල් ලංකාර පන්දු 55ක දී නොදැවී ලකුණු 60ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිමේ කැපී පෙණෙන පිතිකරු වූයේ දුලාජ් රණතුංග ය. ඔහු ලකුණු 41ක් ලබා ගත්තේය. කවින් කේමිත නැවත වරක් ක්‍රියාත්මක වෙමින් ලකුණු 33කට කඩුලු 4ක් දවා ගත්තේය.

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (62.5): කවින් කේමිත 73, හේමාල් ලංකාර නොදැවී 60, රොවීෂ මධුමාල් 34, ධනංජය දාබරේ 28, දුලාජ් රණතුංග 4/52, සුපුන් නිසංක 2/15, මධුරංග නවීන් 2/24

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 108 (33.5): දුලාජ් රණතුංග 41, සුපුන් සුමනරත්න 38, කවින් කේමිත 4/33, විමුක්ති කුලතුංග 2/24

ප්‍රථම ඉනිමේ 200ක් වාර්තා කළ සංගීත්ට දෙවැනි ඉනිමේ ශතකය නූලෙන් මගහැරෙයි!

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු දක්ෂයින් සොයා යෑමේ අටියෙන් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (09)….


ඩී. එස්. සේනානායක සහ නාලන්ද අතර තරගය

බණ්ඩාරගම මහජන පිටියේ දී පැවති මෙම තරගයේ දී සත්කාරක ක්‍රීඩකයන්ට වඩා පළමු ඉනිමේ සහ පළමු දිනයේ  ගෞරවය දිනා ගැනීමට සත්කාරක නාලන්ද විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ ඩී. එස්. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 145ක් පමණි. එම ඉනිමේ දී විහාන් ගුණසේකර සහ මුදිත ලක්ෂාන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූහ. පන්දු යැවීමේ දී චමිඳු විජේසිංහ සහ උමේෂ්ක ඩිල්ශාන් කඩුලු 4 බැගින් දවා ගත්හ.

පිළිතුර ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 236ක් විය. එහි දී සුහඟ විජේවර්ධන නොදැවී සිටිමින් පන්දු 64ක දී ලකුණු 85ක් ලබා ගත්තේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (43.3): විහාන් ගුණසේකර 51, මුදිත ලක්ෂාන් 57, චමිඳු විජේසිංහ 4/21, උමේෂ්ක ඩිල්ශාන් 4/22

නාලන්ද විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 236 (49.0): අවිශ්ක පෙරේරා 33, රනිඳු ද සිල්වා 24, චමෝද් විජේසිංහ 28, ලක්ෂිත රසාංජන 33,  සුහඟ විජේවර්ධන නොදැවී 85, සඳරු චන්දිත 2/35, මෙතුශාන් කුමාර 2/50


තර්ස්ටන් සහ මාරිස් ස්ටෙල්ලා අතර තරගය

කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අද (10දා) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පළමු ඉනිමේ දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය ලබා ගත් ලකුණු 363 පිළිතුරු සොයා ගිය සත්කාරක ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළේ ලකුණු 206ක් පමණි. ඒ අනුව පිට පිට දෙවැනි වරටත් පිටියට පිවිසි ඔවුන් දිනය අවසාන වෙමින් තරගය අවසන් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 205ක් ලබා සිටියහ.

තර්ස්ටන් පළමු ඉනිමේ දී නවීන් ප්‍රනාන්දු සහ පසිඳු උස්හෙට්ටි කඩුලු 4 බැගින් ලබා ගත්හ.

තර්ස්ටන් දෙවැනි ඉනිමේ දී පන්සිළු දේශාන් සහ සවන් ප්‍රභාෂ් අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 363 (72.0): චතුර අනුරාධ 30, කෙවින් පෙරේරා 102, අශාන් ප්‍රනාන්දු නොදැවී 102, රවිඳු ප්‍රනාන්දු 74, නිපුන් ලක්ෂාන් 2/76, යෙෂාන් වික්‍රමආරච්චි 3/67, අයේෂ් හර්ෂණ 3/64

තර්ස්ටන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (61.5): යෙෂාන් වික්‍රමආරච්චි 25, ජයවිහාන් ප්‍රදීප්ත්ත 29, ධනුෂ්ක ප්‍රනාන්දු 34, නිපුන් ලක්ෂාන් 45, පන්සිළු දේශාන් 24, නවීන් ප්‍රනාන්දු 4/66, පසිඳු උස්හෙට්ටි 4/66

තර්ස්ටන් විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 205 (47.4): යෙෂාන් වික්‍රමආරච්චි 49, පන්සිඵ දේශාන් 69,  සවන් ප්‍රභාෂ් 61, ලසිත් කෘෘස්පුල්ලේ 2/66, පසිදු උස්හෙට්ට් 2/55

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<