වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත් වෙයි

වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

259
Singer MCA Premier League

29 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග අප්‍රේල් 29 වැනිදා සිට මැයි 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර සම්පූර්ණ තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිංගර් ශ්‍රී ලංකා ආයතනයයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් වෙළඳ ආයතන රැසක මූල්‍යමය තත්වය යහපත් මට්ටමක නොමැති වූ නිසාවෙන් ගියවර තරගාවලිය සඳහා සහභාගී වූයේ CDB Finance PLC, Hayleys Group, Hatton National Bank PLC, John Keells Holdings PLC කණ්ඩායම් පමණයි.

එහි එක්දින තරගාවලියේ ශූරතාවය ජය ගැනීමට අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ Hayleys සමත් වුනා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් කණ්ඩායම් 6ක් මේ තරගාවලිය සඳහා සහභාගී වන අතර CDB Finance PLC, Hayleys Group, Hatton National Bank PLC, John Keells Holdings PLC, Sampath Bank PLC සහ Mode Engineering (Pvt) Ltd එම කණ්ඩායම් 6යි.

අප්‍රේල් 29, මැයි 2, මැයි 5, මැයි 8 සහ මැයි 11 යන දිනවල තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වීමට නියමිත අතර මැයි 14 වැනිදා සිට පිළිමළුන් පිටුදැකීමේ තරග වටය ආරම්භ වනු ඇත.

මැයි 21 වැනිදා තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය සූදානමින් පසුවෙනවා.

වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<