Shakib Al Hasanට සනීපයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරය 2022

81

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasanගේ Covid-19 පරීක්ෂණය සෘනාත්මක වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව හෙට (15) ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට ඔහුව තෝරා ගැනීමට අවස්ථාව පවතිනවා.

කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකයෙක් පවසා සිටියේ Shakib පසුගිය සිකුරාදා (13) Chattogram වෙත පියාසර කළ බවයි. කෙසේ වෙතත් ඔහු තරගයට ක්‍රීඩා කිරීමට ප්‍රථම තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් කිරීමට නියමිතයි.

Shakibව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරවීම පිළිබඳව ප්‍රධාන පුහුණුකරු Russell Domingo එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

හැමෝටම ඕනේ 100%ක් ශරීර සුවතාවය තියෙන Shakib කෙනෙක් කණ්ඩායමේ ඉන්නවා බලන්න. නමුත් ඔහුගේ සුවතාවය 50%ක්, 60%ක් වගේ නම් ඔහුව ක්‍රීඩා කරවන්නට අමාරුයි.” Domingo පවසා සිටියා.

“ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන නිසා අපි ඔහුගේ ශාරීරික සුවතාවය කොතන ද තියෙන්නේ කියන එක පරික්ෂා කරන්න ඕනේ. ඔහු දැනුයි Covid-19 ආසාදනය වෙලා සුවය ලැබුවේ. ඔහු වැඩිය ක්‍රිකට් ක්‍රීඩා කළේ නැහැ. ඔහු අපිට දැවැන්ත ක්‍රීඩකයෙක් හා කණ්ඩායමේ සමබර කරන්නේ ඔහුයි. නමුත් අපි බලන්න ඕනේ හෙට ඔහුගේ ශාරීරික සුවතා තත්වය කොහොමද කියලා. මේක දවස් පහක තරගයක්. හරිම රස්නියි. හැමදෙයක්ම කල්පනා කරලා බලලා තමා තීරණයක් ගන්න ඕනේ.”

මටත් Covid නිසා ටිකක් අමාරු වුනා. එම නිසා මට සුපුරුදු පරිදි ශක්තිය නැහැ. ඔබ බැහැ කෙළින්ම ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන්න. මේක විස්සයි විස්ස හෝ එක්දින තරගයක් නොවෙයි පැය හය හතෙන් ඉවර වෙන්න. අනිවාර්යයෙන් අපි කැමතියි ඔහු ක්‍රීඩා කරනවා නම්.”

Domingo පවසා සිටියේ ඔවුන් Mosaddek Hossain ගැන සලකා බලන බවයි. Mehidy Hasan Miraz වෙනුවට ඔහුව ටෙස්ට් කණ්ඩායමට කැඳවුණු අතර ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්නේ පළමු පිතිකරුවන් හත තුළ පන්දුවටත් පහර දෙමිනුයි.

Mehidy හා Taskin Ahmed ආබාධ නිසා කණ්ඩායමෙන් ඉවත්ව තිබෙන අතර Shoriful Islamට තරගයට මුහුණ දීමට නම් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට  මුහුණ දීමට සිදු වෙනවා. දකුණු අප්‍රිකාවේ දී බංග්ලාදේශය ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගය දෙකේ දෙවැනි ඉනිම් දෙකේ දී බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 53කට හා 80කට සියල්ලන්ම දැවී ගිය නිසා Shakibගේ පිතිකරණ දක්ෂතාවය කණ්ඩායමට ඉතා වැදගත්.

Shakib අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2021 දෙසැම්බර් මාසයේ දී පාකිස්තානයට එරෙහිවයි. පෞද්ගලික කාරණාවක් නිසා ඔහු නවසීලන්ත තරගාවලිය ක්‍රීඩා නොකළ අතර පවුලේ සාමාජිකයින්ට අසනීප වීම නිසා ඔහුට දකුණු අප්‍රිකානු සංචාරය මඟ හැරුණා.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<