“ඔහු හොඳින්”

345

සත් වරක් ෆෝමියුලා 1 ලෝක ශූරතාවය දිනා ඇති Michael Schumacher (මයිකල් ෂූමාකර්) සුව අතට හැරෙමින් පවතින බව හිටපු F1 ප්‍රධානී ජාන් ටොඩ් පවසනවා. දරුණු අනතුරකට පත්වීමෙන් පසුව ඔහු එක්තැන් වුනේ 2013 වසරේ දීයි.

ප්‍රංශයේ ඇල්ප්ස් කඳු පන්තිය ආශ්‍රිතව ස්කී ක්‍රීඩාවේ යෙදී සිටිය දී ජර්මානු ජාතික ෂූමාකර් අනතුරට පත්වුනා. ඉන්පසුව දැන ගන්නට ලැබුණේ ඔහුගේ මොළයට දැඩි හානි සිදුවී තිබූ බවයි. ප්‍රතිකාර ලබන ෂූමාකර්ගේ සුවදුක් විමසීම බොහෝ දෙනාට තහනම් වූ අතර ජාන් ටොඩ් ඒ අවස්ථාව ලද කිහිප දෙනාගෙන් එක් අයෙක්.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙසෙන ඔහුට ප්‍රතිකාර කෙරෙන්නේ ඔහුගේ බිරිඳ කොරීනා ෂූමාකර්ගේ පූර්ණ අධීක්ෂණය යටතේයි. ලෝක මාධ්‍ය සහ සෙසු උනන්දුවන්ට ඔහුව බැහැදැකීමට යාම සීමා කළේ ඇයයි.

The Sun වෙත අදහස් දක්වමින් ටොඩ් පැවසුවේ,

මට බොහොම සතුටුයි ජර්මනියේ ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි, සියලු ප්‍රේක්ෂකයන් ඔහු ගැන මෙච්චර හිතන එක ගැන,” හිටපු ප්‍රධානියා යනුවෙන්.

මෝටර් රථ ධාවන තරගවලට සහභාගී වන සමයේ ලොව ජනප්‍රියතම F1 ක්‍රීඩකයා වූයේ ෂූමාකර්.

මිනිසුන් මයිකල් ගැන ගොඩක් අහනවා. ප්‍රේක්ෂකයන් දැන ගන්න ඕන ඔහු හොඳින් ඉන්න බව,” ටොඩ් වැඩිදුරටත් පවසා තිබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<