අශේන් බණ්ඩාරගෙන් ශතකයක්

243

සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර ඩී එස්. සේනානායක විද්‍යාලයට එදිරිව ලබාගත් ශතකයත් සමඟින් වර්ණවත් වූ අද (11) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක් පැවැත්විය.

පළමු දිනයට ක්‍රියාත්මක වූ අනෙකුත් තරග දෙකේ වැඩි වාසිය ලබා ගැනීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සමත් වෙද්දී සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර පැවැත්වූ තරගය දෙපිලම සම මට්ටමක තබමින් පළමු දිනය අවසන් විය.

මුරලි – වාස් කුසලානයේ පළමු ඉනිමේ ජය ජෝසප්වරුන්ට

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් අද (9) අවසන් විය. ඒ අතුරෙන් මාතර සාන්ත තෝමස් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය…

සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 16යි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 283ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවන ලදි. එහි දී අශේන් බණ්ඩාර දැකුම්කළු පිතිකරණයක නිරත වෙමින් සිය ශතකය සම්පූර්ණ කර ගන්නා ලදි. ගිම්හාන ආශිර්වාද ලකුණු 39යි. පන්දු යැවීමේ දී පසිඳු ආධිත්‍යය හා මුදිත ලක්ෂාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියහ.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 283/7 d (81.1): අශේන් බණ්ඩාර 101, ගිම්හාන ආශිර්වාද 39, රවිඳු සංජන 28, පසිඳු ආධිත්‍යය 2/28, මුදිත ලක්ෂාන් 2/62.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 16/2 (6.1):


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය

කදිරාන පිටියේ දී B කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 172ක් ලබා ගන්නා ලදි.

එහි දී ඔවුන්ගේ ඉනිමට මාර්ක් ප්‍රනාන්දු හා කෙවින් පෙරේරා පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 38ක් එක් කරන ලදි. කෞමාල් නානායක්කාර කඩුලු 4ක් දවා ගනිමින් මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම එවැනි ලකුණකට සීමා කරන ලදි.

තරගයේ පළමු දිනය අවසන් වන විට සංචාරක වේල්ස් කුමර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 98ක් ලබා ගත්තේ ඉතාමත් අසීරු මට්ටමක පසුවෙමිනි. එහි දී ඔවුන්ගේ ඉනිමට අභියෝගයක් එල්ල කළ පසිඳු උශෙට්ටි හා නවීන් ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවාලන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 172 (56.1): මාර්ක් ප්‍රනාන්දු 41, කෙවින් පෙරේරා 38, කෞමාල් නානායක්කාර 4/43, මදුක ප්‍රනාන්දු 2/35, සවිඳු පීරිස් 2/58.

වේල්ස් කුමර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 98/7 (35.1): අවිඳු ප්‍රනාන්දු 20, නවීන් ප්‍රනාන්දු 3/30, පසිඳු උශෙට්ටි 3/26.

මුරලිගෙන් ඇරඹි ලක්මාල්ගෙන් අලුත් වූ කඩුලු ශතක සමාජය

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු ශතක සමාජයට අලුතෙන්ම එක් වූ ක්‍රීඩකයා වූයේ සුරංග ලක්මාල් ය. පසුගිය දා මිර්පුර් හි දී නිමා වූ…

සාන්ත සර්වේසස් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පළමු දිනයට පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය පළමුව පන්දු යවන ලදි.

සාන්ත සර්වේසස් පළමු ඉනිම වෙනුවෙන් චේතක දෙනුවන් හා පසිඳු මනුප්‍රිය පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 39ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 191ක් දක්වා ඔසවා තබන ලදි. යුශාන් මලිත් කඩුලු 4යි. පළමු දිනයේ අවසානය සටහන් වන විට ගුරුකුල විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 5යි.

මෙය C කාණ්ඩයේ තරගයකි.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 191 (61.4): චේතක දෙනුවන් 42, පසිඳු මනුප්‍රිය 39, ඉසුරු උදයංග 37, තිලාන් ප්‍රශාන් 27, යුශාන් මලිත් 4/24.

ගුරුකුල විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 5/0 (3):

මෙම තරග සියල්ල හෙටත් (12) පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<