සාන්තුවරයන් ඉසිපතන, වෙස්ලි, විද්‍යා සමඟ දෙවැනි වටය අරඹයි

576

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය ඉතා උණුසුම් ලෙස පසුගිය සති අන්තයේ දී අවසන් වූ අතර එහි දෙවන වටය සති තුනක විරාමයකින් පසුව එළඹෙන අප්‍රේල් 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

උත්සාහක දිනුම් වැස්සකින් ත්‍රිත්වයන් පල්ලෙකැලේ ආක්‍රමණය කරයි

සිංගර් අන්තර් පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ කාණ්ඩය’ යටතේ…..

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය පසුගිය 28 වැනිදා ආරම්භ වූ අතර සති පහක තියුණු තරග රැසකින් පසුව පළමු වටය පසුගිය මාර්තු 31 වැනිදා නිමාවට පත් විය.

පළමු වටයේ දී සියලු කණ්ඩායම් තමන්ගේ කණ්ඩායමේ අනෙක් කණ්ඩායම් හා තරග වැදුණු අතර A කාණ්ඩයේ IA හා IIA කාණ්ඩවල පළමු ස්ථාන දිනා ගැනීමට පිළිවෙළින් සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

මේ වන විට A කාණ්ඩයේ එකම අපරාජිත කණ්ඩායම වන්නේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයයි.

අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන…..

පළමු වටය අවසානයේ ලකුණු සටහන මෙසේයි.

සෑම කාණ්ඩයකින්ම පළමු කණ්ඩායම් හතර කුසලාන ශූරතාවය සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් දෙක පලඟ ශූරතාවය දක්වා පහතට වැටේ.

75 වැනි බ්‍රැඩ්බි තරගාවලියේ දෙවන අදියරත් සමඟ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය සති පහක් දක්වා ක්‍රියාත්මක වනු ඇත.

දෙවන අදියරේ තරග සැලැස්ම මෙසේයි.

6 සතිය 31 අප්‍රේල් 22 සාන්ත පීතර විද්‍යාලය vs විද්‍යා විද්‍යාලය සාන්ත පීතර ක්‍රීඩාංගණය 4.00 p.m.
අප්‍රේල් 17 – 22 32 අප්‍රේල් 22 සාන්ත තෝමස් විද්‍යාලය vs ඉසිපතන විද්‍යාලය සාන්ත තෝමස් ක්‍රීඩාංගණය 4.00 p.m.
33 අප්‍රේල් 22 වෙස්ලි විද්‍යාලය vs සාන්ත ජෝසප් විද්‍යාලය ලොන්ඩන් පෙදෙස 4.00 p.m.
සතිය 7 34 අප්‍රේල් 27 සාන්ත පීතර විද්‍යාලය vs ත්‍රිත්ව විද්‍යාලය සාන්ත පීතර ක්‍රීඩාංගණය 4.00 p.m.
අප්‍රේල් 23 – 28 35 අප්‍රේල් 28 විද්‍යා විද්‍යාලය vs රාජකීය විද්‍යාලය විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය 4.00 p.m.
36 අප්‍රේල් 28 ඉසිපතන විද්‍යාලය vs වෙස්ලි විද්‍යාලය හැව්ලොක් පාක් 4.00 p.m.
37 අප්‍රේල් 29 සාන්ත තෝමස් විද්‍යාලය vs සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත තෝමස් ක්‍රීඩාංගණය 4.00 p.m.
38 මැයි 3 වෙස්ලි විද්‍යාලය vs ත්‍රිත්ව විද්‍යාලය ලොන්ඩන් පෙදෙස 4.00 p.m.
සතිය 8 39 මැයි 4 සාන්ත පීතර විද්‍යාලය vs ඉසිපතන විද්‍යාලය සාන්ත පීතර ක්‍රීඩාංගණය 4.00 p.m.
අප්‍රේල් 29 – මැයි 5 40 මැයි 4 රාජකීය විද්‍යාලය vs සාන්ත ජෝසප් විද්‍යාලය රාජකීය රග්බි ක්‍රීඩාංගණය 4.00 p.m.
41 මැයි 4 සාන්ත තෝමස් විද්‍යාලය vs විද්‍යා විද්‍යාලය සාන්ත තෝමස් ක්‍රීඩාංගණය 4.00 p.m.
සතිය 9 42 මැයි 11 සාන්ත පීතර විද්‍යාලය vs සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත පීතර ක්‍රීඩාංගණය 4.00 p.m.
මැයි 6 – මැයි 12 43 මැයි 11 ත්‍රිත්ව විද්‍යාලය vs රාජකීය විද්‍යාලය පල්ලෙකැලේ 4.00 p.m.
44 මැයි 11 විද්‍යා විද්‍යාලය vs වෙස්ලි විද්‍යාලය විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩාංගණය 4.00 p.m.
සතිය 10 45 මැයි 17 රාජකීය විද්‍යාලය vs ඉසිපතන විද්‍යාලය රාජකීය රග්බි ක්‍රීඩාංගණය 4.00 p.m.
මැයි 7 – මැයි 25 46 මැයි 17 සාන්ත තෝමස් විද්‍යාලය vs ත්‍රිත්ව විද්‍යාලය සාන්ත තෝමස් ක්‍රීඩාංගණය 4.00 p.m.

 

තරගාවලියේ පලඟ ශූරතාවයේ තරග සැලැස්ම තවමත් අවසාන වශයෙන් සකස් වී නොමැත. තරගාවලියේ සියලු තොරතුරු හා සජීව විකාශයන් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<