සහිරා රග්බි බලකායේ 2020 සූදානම

182

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම සියතින් ගිලිහි ගිය ගෞරවය යලි දිනා ගැනීමේ අරමුණින් මෙවර පාසල් රග්බි ලීග් තරගාවලියට පිවිසෙනු ඇත.

1932 වසරේ දී අපරාජිතව පාසල් රග්බි ලීග් ශූරයින් ලෙස කිරුළුපලන් ඔවුන් මෙවර පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරයි. ThePapare.com අප සහිරා ක්‍රීඩකයින් සොයා ගිය අතර මේ ලිපිය වෙන්වන්නේ සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ මෙවර සූදානම පිළිබඳව සොයාබැලීමටයි. 

කොටහේන බෙනඩික්ට් B කාණ්ඩය ආක්‍රමණයට සූදානමින්

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි පිටියේ A කාණ්ඩය පමණක් නොව B කාණ්ඩය ද මෙවර ….

දිනෙන් දින උණුසුම් වන පාසල් රග්බි සංග්‍රාමය මේ වන විට තාවකාලික විරාමයකට ලක්ව ඇතත් එය නොදුරේදීම නැවතත් ආරම්භ වනු ඇත. තෙවසරක් පුරා A කාණ්ඩයේ රැඳී සිටිමින් ප්‍රබල කණ්ඩායම් රැසකට අභියෝගයක් වීමට සහිරා විද්‍යාලය සමත් විය. 

1924 දී සහිරා විදුහල රග්බි ක්‍රීඩාව ආරම්භ කළ අතර 1932 වසර සහිරා විද්‍යාලයීය රග්බි පිටියට ස්වර්ණමය වසරක් විය. A. H. A. සමාඩ්ගේ මෙහෙය වීම යටතේ මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කළ ප්‍රථම කණ්ඩායම බවට පත්වෙමින්, ප්‍රබල රාජකීය, සාන්ත පීතර කණ්ඩායම්වලට ද එම ඉරණම ම අත්කර දෙමින් අපරාජිත පාසල් ලීග් ශූරයින් ලෙස අභිසෙස් ලබන්නට ඔවුන් සමත් විය.

අනතුරුව කණ්ඩායමට එතරම් සුබ කාලයක් උදා නොවූවද 1998 දී ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජය ගනිමින් විද්‍යාල නාමය ඉහළින්ම තබන්නට ඔවුන් සමත් විය.

අනතුරුව වරක් ප්‍රබලතම කණ්ඩායමක්ව සිටි සහිරා කණ්ඩායම පහළ තරග කාණ්ඩවලට ඇද වැටුණු අතර වසර ගණනක් ප්‍රයත්න දැරීමෙන් පසු වසර දෙකකට ප්‍රථම, නායක රාම්සාන් අමිත්ගේ මෙහෙය වීම යටතේ නැවතත් A කාණ්ඩයට පිවිසීමේ වරම් ඔවුන්ට හිමි විය.

මරදාන සහිරා විදුහල ජාතික රග්බි පිටියට සුවිශේෂ ක්‍රීඩකයින් ගණනාවක් දායාද කිරීමට සමත් වූ අතර විශිෂ්ට ක්‍රීඩකයෙකු වූ හිශාම් ආබ්දීන්, රිසාන් සල්ඩින් හා මුෂ්ටාක් ජිෆ්රි ද ඒ අතර වේ.

පාසල් රග්බි ලීගය කල් දැමේ

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස ….

පසුගිය තරග වාරය

සහිරා කණ්ඩායම 2019 පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කළ අතර එහි දී ඔවුන් බලාපොරොත්තු වූ දස්කම් අතරට පැමිණීමට ඔවුන් සමත්වූයේ නැත. මූලික වටයේ දී ඔවුන් සහභාගි වූ තරග 5 ම පරාජය වීමට ඔවුන්ට සිදු විය. 

එහි දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ලකුණු 22-11ක් ලෙසත්, විද්‍යා විද්‍යාලය හමුවේ ලකුණු 19-08ක් ලෙසත්, සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ ලකුණු 47-05ක් ලෙසත්, ඉසිපතන විද්‍යාලය හමුවේ ලකුණු 17-03ක් ලෙසත්, සාන්ත අන්තෝනි විද්‍යාලය හමුවේ ලකුණු 27-21ක් ලෙසත් පරාජය වීමට සහිරා කණ්ඩායමට සිදු විය. 

ඉන් අනතුරුව ඔවුන් පලඟ ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ ලකුණු 24-24ක් ලෙස තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගත් සහිරා කණ්ඩායම මහනුවර ධර්මරාජ විද්‍යාලය හමුවේ ලකුණු 13-12ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. 

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමුවේ ලකුණු 19-14ක් ලෙස පරාජය වූ සහිරා කණ්ඩායම කුරුණෑගල මලියදේව විද්‍යාලය පරාජය කලේ ලකුණු 33-19ක් ලෙසිනි.

කෙසේ වෙතත් පලඟ ශූරතාවයේ දී සහිරා කණ්ඩායම දැක්වූ දක්ෂතා ඔවුන් A කාණ්ඩය තෙක් රැගෙන යාමට සමත්වූයේ නැත. 

මෙවර තරග වාරය

සහිරා කණ්ඩායම මෙවර පාසල් රග්බි පිටියට පැමිණෙන්නේ IB කාණ්ඩය නියෝජනය කරමිනි. එයට මලියදේව විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය, වේල්ස් කුමර විද්‍යාලය, සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා මහානාම විද්‍යාලය ඇතුළත් වේ. 

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අතීක් අලව්ඩීන් හට හිමිව ඇති අතර උපනායකත්වය හිමිව ඇත්තේ ඩිල්ශාන් මාන්නප්පෙරුම හටය. 

මහනුවරින් රග්බි සටනට එන සිල්වෙස්තර තුරඟුන්

2020 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරග මේ වන විටත් ආරම්භ වී අවසන්. ….

සහිරා කණ්ඩායමේ මෙවර තරග කාලසටහන 

  • පළමු තරගය – මහානාම විද්‍යාලය 
  • දෙවන තරගය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය 
  • තුන්වැනි තරගය – වේල්ස් කුමර විද්‍යාලය 
  • සිව්වැනි තරගය – ලුම්බිණි විද්‍යාලය 
  • පස්වැනි තරගය – මලියදේව විද්‍යාලය

මෙවර B කාණ්ඩය යටතේ තරග වදින සහිරා විද්‍යාලයට සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට හැකි වේවායි ThePapare.com අප සුබ පැතුම් එක්කරන්නෙමු.

මෙවර පාසල් රග්බි තරග වාරයේ A කාණ්ඩයේ තරග මෙන්ම B කාණ්ඩයේ තරග ද ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<