​සුමංගල හා ​කිංග්ස්වුඩ් ​පලඟ ශූරතාවය අරඹන්නට ​සූ​දානම්

1335

වෙහෙසකාරී සති 5කින් පසු පාසල් රග්බි ලීගය දැන් කුසලාන ශූරතාවය හා පලඟ ශූරතාවය වෙනුවෙන් කාණ්ඩ දෙකකින් ක්‍රීඩා කිරීමට සූදානම්. පලඟ ශූරතාවයේ තුල කිංග්ස්වුඩ්, මලියදේව, ධර්මරාජ, විද්‍යාර්ථ, සහිරා, සාන්ත අන්තෝනි, DS සේනානායක හා ශ්‍රී සුමංගල විදුහල් ක්‍රීඩා කරන අතර කුසලාන ශූරතාවය තුල ඉසිපතන, සාන්ත ජෝසප්, රාජකීය, සාන්ත පීතර, සාන්ත තෝමස්, ත්‍රිත්ව, වෙස්ලි හා විද්‍යා විදුහල් ක්‍රීඩා කරනු ඇත.

සාන්තුවරයන් ඉසිපතන, වෙස්ලි, විද්‍යා සමඟ දෙවැනි වටය අරඹයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටය ඉතා උණුසුම් ලෙස පසුගිය සති අන්තයේ දී..

එක් කණ්ඩායමක් මෙම කාණ්ඩය තුල තරග 4ක් ක්‍රීඩා කරන අතර තරග සියල්ලක්ම අවසානයේ වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් එකතු කර ගත් කණ්ඩායම පලඟ ශූරතාවය හොබවනවා. ඉන්පසු වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම් 4A කාණ්ඩයේ අසුන් වෙන්කර ගන්නා අතර අනෙක් කණ්ඩායම් 4ට B කාණ්ඩයට දක්වා පසුබැසීමට සිදුවනු ඇත.

පසුගිය වටයේ අවසානයෙන් පසු ප්‍රසාද ලකුණු සටහන මෙසේයි.


B  කාණ්ඩයෙන් DS සේනානායක විදුහල අපරාජිතව පලඟ ශූරතාවය ජයග්‍රහණය කරන්නට මාන බලමින් සිටින අතර A කාණ්ඩයේ කිංග්ස්වුඩ් විදුහල ඉහළින්ම පලඟ ශූරතාවයට පසු බසින්නේ වෙස්ලි විදුහල සහ තෝමසුවන්ට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීම නිසාවෙනි.

පලඟ ශූරතාවයේ තරග කාලසටහන

20-Apr Sumangala College vs Kingswood College Nittawela 4.00 p.m.
21-Apr Vidyartha College vs Zahira College Nittawela 4.00 p.m.
21-Apr Maliyadewa College vs DS Senanayaka College Kurunegala 4.00 p.m.
22-Apr Dharmaraja College vs St. Anthony’s College Nittawela 4.00 p.m.
27-Apr Dharmaraja College vs Zahira College NIttawela 4.00 p.m
27-Apr Sumangala College vs Maliyadewa College Pallekele 4.00 p.m
29-Apr DS Senanayaka College vs Kingswood College Havelock Park 4.00 p.m
29-Apr Vidyartha College vs St. Anthony’s College NIttawela 4.00 p.m
3-May Vidyartha College vs Sumangala College Nittawela 4.00 p.m
4-May Maliyadewa College vs St. Anthony’s College Kurunegala 4.00 p.m
5-May Zahira College vs Kingswood College Zahira Grounds 4.00 p.m
5-May Dharmaraja College vs DS Senanayaka College NIttawela 4.00 p.m
11-May Sumangala College vs Dharmaraja College Pallekele 4.00 p.m
12-May Zahira College vs Maliyadewa College Zahira Grounds 4.00 p.m
12-May Kingswood College vs St. Anthonys College Nittawela 4.00 p.m
14-May DS Senanayaka College vs Vidyartha College Havelock Park 4.00 p.m

පාසල් රග්බි ලීගයේ තවත් පුවත්, සජීව තරග විකාශයන්, තරග වාර්තා සහ ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<