“බංගබන්ධු රන් කුසලාන” තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

88

“බංගබන්ධු රන් කුසලානය 2020” පාපන්දු තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (19) දින පැවති පළමු වටයේ තරගය ගෝල 3-0 ක් ලෙස බංග්ලාදේශ ක්‍රීඩකයින් පහසුවෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.  

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට තවත් පරාජයක්

බංගබන්ධු රන් කුසලාන 2020 පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර අද (17) දින පැවති…

කණ්ඩායම් දෙකම මීට පෙර තරග වලදී පලස්තීනය හමුවේ පරාජයට පත්ව තිබීම නිසා තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම දෙපිළටම අත්‍යාවශ්‍ය විය.

තරගයේ 7 වන මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවට තරගයේ පෙරමුණ ගැනීමට ඉතා අගනා අවස්ථාවක් හිමි වුවත් එය සාර්ථක කර ගන්නට මොහොමඩ් ෆාසාල් සමත් වූයේ නැත. එහිදී වසීම් රසීක් ඉතා දක්ෂ ලෙස පන්දුව ඉදිරියට රැගෙන යමින් ගෝල රාමු කලාපය තුළදී  එය ෆාසාල් හට භාර කළත් ඔහු එල්ල කළ පහර ප්‍රතිවාදී ආරක්‍ෂක ක්‍රීඩකයෙකුගේ වැදී ඉවතට ඇදී ගියේය. 

කෙසේ නමුත් 17 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Md Matin Miah ගෝල රාමු කලාපය පිටත දී පන්දුව ලබා ගෙන දක්ෂ ලෙස එය ගෝල රාමු කලාපය තුළට රැගෙන යාමට සමත් විය. ඉන්පසු වේගවත් පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුළට යොමු කළ ඔහු තරගයේ සිය කණ්ඩායමේ පළමු ගෝලයට හිමිකම් කීය. 

පළමු අර්ධය: බංග්ලාදේශය 1 – 0 ශ්‍රී ලංකාව 

තරගයේ දෙවන අර්ධය ආරම්භයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කර ගැනීමේ අරමුණින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් අවස්ථාවන් නිර්මාණය කර ගන්නට සමත් වුවත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. 

තවත්  මිනිත්තු කිහිපයකට පසුව නැවතත් ක්‍රියාත්මක වූ Matin Miah පිටියේ මැද භාගයේ දී ජූඩ් සුමන් සතුව තිබූ පන්දුව සිය ග්‍රහණයට ගනිමින් අභියෝගයකින් තොරව එය ඉදිරියට රැගෙන යාමට සමත් විය. ගෝල රාමුවෙන් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක හේරත් අරුණසිරි පසුකර පන්දුව රැගෙන ගොස් ඔහු පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමු කළේ තරගයේ දෙවන ගෝලය වාර්තා කර ගනිමිනි. 

සුජාන් සහ ආකීබ් සංචිතයෙන් ඉවතට!

බංගබන්ධු ‍රන් කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය අද (12) දින නම් කෙරුනා. මෙම සංචිතය සඳහා…

අනතුරුව ක්‍රියාත්මක වූ Mohammad Ibrahim තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වෙමින් Rakib Hossain විසින් ගෝල රාමුව ඉදිරිපිටට ලබා දුන් පන්දුවක් පහසුවෙන් ඒ තුළට යොමු කරමින් තරගයේ 3 වන ගෝලය රැස්කර ගත්තේ තරගයේ ජයග්‍රහණය ද තහවුරු කර ගනිමිනි. 

අවසන් ගෝල තත්වය: බංග්ලාදේශය 3 – 0 ශ්‍රී ලංකාව

ගෝල ලාභීන්: 

බංග්ලාදේශයMd Matin Miah 17’, 64’, Mohammad Ibrahim 83’  

මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලිය පුරාවට එකඳු ගෝලයක් හෝ වාර්තා කරගන්නට ද සමත් වූයේ නැත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<