සාරංගි සිල්වා පෝලන්තයේ දී හයවැනි තැනට

සාරංගි සිල්වා පෝලන්තයේ දී හයවැනි තැනට

482
Sarangi De Silva

පෝලන්තයේ පැවති රන් කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියක් වන 68th ORLEN Janusz Kusociński Memorial Meet 2022 තරගාවලියට සහභාගී වූ දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගිද සිල්වා එහි කාන්තා දුර පැනීම ඉසව්ව හයවැන්නා ලෙස අවසන් කර තිබුණා.

එම තරගයේ දී සාරංගි මීටර් 6.35 (0.5)ක දුරක් වාර්තා කිරීමට සමත්ව තිබූ අතර මීටර් 6.81ක දුරක් වාර්තා කළ සර්බියානු ක්‍රීඩිකා Milica Gardasevi එහි පළමු ස්ථානය දිනාගත්තා.

සාරංගි මෙම තරගාවලියේ දී දැක්වූ දස්කම්, ඇය සහභාගී වූ අවසන් තරගාවලි කිහිපයේ දී දැක්වූ දස්කම් සමඟ සැසඳීමේ දී තරමක අඩු අගයක් ගත් නමුත් මෙම තරගාවලිය රන් කාණ්ඩයේ තරගාවලියක් නිසාවෙන් එයින් හිමි වන ප්‍රසාද ලකුණු ඇයට ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබාගැනීමේ දී ඉතා වැදගත් වේ.

මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සමඟ ඇයට වත්මන් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 40 තුළට ඇතුළත් වීමට ඉඩ ලැබුණත් තරගාවලියට සුදුසුකම් ලැබීමට මුල් ක්‍රීඩිකාවන් 32 අතරට පැමිණිය යුතුයි.

සාරංගි සිල්වාගේ යුරෝපා සංචාරයේ තවත් තරග ද්විත්වයක් ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරගයන්හි දස්කම් දැක්වීමට ඇයට හැකියාවක් හිමි වුවහොත් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමට බොහෝ ඉඩක් ඇයට හිමි වේ.

කාන්තා දුර පැනීම ඉසව්වේ වත්මන් දකුණු ආසියානු ශූරිය වන සාරංගි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට සූදානමින් ඇති අතර ඇයගේ හොඳම දස්කම මීටර් 6.65ක් (ශ්‍රී ලංකා වාර්තාව)වේ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<