හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයෝ සහිරා අභියෝගය මැඩලමින් අවසන් පූර්ව වටයට

497

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා ‘ThePapare’ පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ අද (23) සවස කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ගෝල 1-2ක් ලෙස පරාජයට පත්කරමින් ජයග්‍රහණය කළ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය.

යාපනය ක්‍රීඩකයෝ පරදා මීගමු ක්‍රීඩකයෝ සුපිරි 4ට

පළමුවරට සංවිධානය කරන ලද 2018 ThePapare.com පාපන්දු ශූරතාවලියේ අද (23) මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහල සහ යාපනය මහජන විදුහල අතර කොළඹ…

‘A’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 4න් 3ක් ජයග්‍රහණය කරමින් අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වූ අතර අනෙක් පසින් ‘D’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම තරග 3න් 2ක් ජයග්‍රහණය කරද්දී එක් තරගයක් පරාජයට පත්වෙමින් එම කාණ්ඩයේ දෙවන ස්ථානයේ රැඳෙමින් අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් හට තරගයේ පළමු මිනිත්තුවේ දීම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත. එහි දී මොහොමඩ් රිෂාන් විසින් ගෝල රාමු කලාපය දෙසට යොමු කළ පන්දුව ලබා ගනිමින් එය ගෝල රාමුව තුළට යොමු කිරීමට දිනේෂ් සුරේන් හට අවස්ථාව හිමිවුවත් ගෝල රාමුවෙන් නොබියව ඉදිරියට පැමිණි ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් රිෆ්ලාන් එය ඉතා විශිෂ්ට අන්දමින් රැකගන්නට සමත් විය.

ඉන් අනතුරුව ගම්පොළ සහිරා කණ්ඩායමේ ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වෙමින් පන්දුව ප්‍රතිවාදී කලාපය තුළට රැගෙන යන්නට සමත් වුවත් එහි දී ඔවුන් ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් වූයේ නැත.

TPFC කිරුළ දිනා ගන්නට කණ්ඩායම් 8ක් සූදානම්

ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු ශූරයන් බිහිකිරීමේ මූලික පරමාර්ථයෙන් සංවිධානය කරන ලද 2018 ThePapare පාපන්දු ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ…

ගම්පොළ සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් හට තරගයේ 17 වන මිනිත්තුවේ දී ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමි වූ නමුත් එහි දී එය ලබා ගත් බාසිත් අහමඩ් එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා එම අවස්ථාව ඔවුන්ට අහිමිව ගියේය.

අනතුරුව 19 වන මිනිත්තුවේ දී අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායමේ මොහොමඩ් හුසේන් පිටියේ වම් අන්තයේ සිට පන්දුව ගෝල රාමු කලාපය තුළට යොමු කළ අතර එහි දී මොහොමඩ් අෆ්කාර් පන්දුවට හිසට පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකිරීමට උත්සාහ දැරුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහළින් ඇදී යන්නට විය.

අනතුරුව ගම්පොළ සහිරා විද්‍යාලයීය ක්‍රීඩක බාසිත් අහමඩ් ගෝල රාමුවේ ආසන්නයේ සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරුවත් එහි දී ක්‍රියාත්මක වූ අල් හුසේනි කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් සෆ්‍රින් පන්දුව සාර්ථකව ඉවතට යොමුකරන්නට සමත් විය.

පසුව ක්‍රියාත්මක වූ හමීඩ් අල් හුසේනි ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගන්නට සමත් විය. ඒ අනුව තරගයේ 31 වන මිනිත්තුවේ දී මොහොමඩ් අෆ්කාර් ඉතා විශිෂ්ට ලෙස පන්දුව හසුරුවමින් එය ඉදිරියට රැගෙන ගොස් පහරක් එල්ල කරනු ලැබුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මීගමුව මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම අද (7) සමත් වූයේ කඳාන ද මැසනෝඩ්…

අනතුරුව තරගයේ 34 වන මිනිත්තුවේ දී මොහොමඩ් රිෂාන් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් පසුකර යමින් පන්දුව එස්. ටී. නදීර් වෙත බාර කළ අතර ඔහු එහි දී ගෝල රාමුව ආසන්නයේ සිට එල්ල කළ පහර ගෝල රාමුවේ ඉහත දාරයේ වැදී ඉවතට යාම නිසා එම අවස්ථාව ද ඔවුන්ට අහිමිව ගියේය.

ඉන් මිනිත්තු 3කට පසුව මොහොමඩ් අෆ්කාර් හට ගෝලයක් වාර්තා කර ගැනීමට ලැබුණු අවස්ථාව ගෝල රාමුව තුළින් ඉදිරියට පැමිණෙමින් වළකාලන්නට ගම්පොළ සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් රිෆ්ලාන් සමත් විය.

තරගයේ 41 වන මිනිත්තුවේ දී ඉක්මන් අවස්ථාවක් හරහා ක්‍රියාත්මක වූ ගම්පොළ සහිරා ක්‍රීඩකයින් ප්න්දුව වේගයෙන් ඉදිරියට රැගෙන යමින් අවසානයේ එය ගෝල රාමුව ඉතා ආසන්නයේ සිටි මොහොමඩ් මෙහ්දි හට බාර කළ අතර එහි දී ඔහු එල්ල කළ පහර නොසිතූ ලෙස ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම නිසා ගෝලයක් රැස්කර ගන්නට ලැබුණු ඉතා පහසු අවස්ථාවක් ඔවුන්ට අහිමිව ගියේය.

පළමු අර්ධය: ගම්පොළ සහිරා විද්‍යාලය 00 – 00 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

දෙවන අර්ධයේ ආරම්භයත් සමඟම තරගයට මද වර්ෂාවෙන් බාධා එල්ල වන්නට විය. කෙසේ නමුත් එහි ආරම්භක මිනිත්තු කිහිපයේ දී කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවත් එහි දී ගෝලයක් වාර්තා කරගන්නට පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කරගන්නට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

අනතුරුව තරගයේ 60 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් අෆ්කාර් ගෝල රාමු කලාපයේ දී ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉතා දක්ෂ ලෙස පසුකර යමින් පන්දුව ගෝල රාමු කලාපය තුළට යොමු කළේ හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යමිනි.

පසුව ගම්පොළ සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් පන්දුව ඉදිරියට රගෙන යමින් ගෝලයක් වාර්තා කරගැනීමට උත්සාහ දැරුවත් ඔවුන්ගේ එම උත්සාහයන් දැඩි අපහසුතාවයකින් තොරව ව්‍යර්ථ කර දමන්නට අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ 78 වන මිනිත්තුවේ දී අල් හුසේනි ක්‍රීඩකයින් හට ගෝල රාමු කලාපය ආසන්නයේ දී නිදහස් පහර අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

අනතුරුව තරගයේ 81 වන මිනිත්තුවේ දී ඉදිරියට පැමිණි පන්දුවක් ඉවතට යොමුකරන්නට ගම්පොළ සහිරා විද්‍යාලයීය ගෝල රකින ක්‍රීඩක මොහොමඩ් රිෆ්ලාන් ඉදිරියට පැමිණ් අතර එහි දී ඔහු ඉවතට යොමු කළ පන්දුව ලබාගත් මොහොමඩ් සෆ්රාන් හට පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමට පැහැදිලි අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

සාන්ත ජෝසප් විදුහල තවදුරටත් A කාණ්ඩයේ පෙරමුණ රැක ගනියි

2018 ThePapare පාපන්දු ශූරතාවලියේ A කාණ්ඩය යටතේ අද (01) දින බැද්දගාන ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුනු කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වූඩ් විද්‍යාලය…

තරගයේ 85 වන මිනිත්තුවේ දී අල් හුසේනි ක්‍රීඩකයින් හට දඩුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා සංඥා කළේය. එය ලබාගත් මොහොමඩ් අමාන් පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකරනු ලැබුවත් එය ලබා ගැනීමේ දී සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් ඉදිරියට පැමිණි බවට විනිසුරුවරයා සංඥා කිරීම නිසා ඔහුට නැවතත් එම දඬුවම් පහර අවස්ථාව ලබාගැනීමට සිදු විය. කෙසේ නමුත් දෙවන අවස්ථාවේ දී ද එය පහසුවෙන් සාර්ථක කර ගත් අමාන් සිය කණ්ඩායම තරගයේ තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට සමත් විය.

අනතුරුව තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ගම්පොළ සහිරා විද්‍යාලයීය කණ්ඩායමට ද දඬුවම් පහර අවස්ථාවක් පිරිනැමුණු අතර එය ලබා ගත් බාසිත් අහමඩ් පන්දුව පහසුවෙන් ගෝල රාමුව තුළට යොමු කරමින් සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය.

පසුව තරගය අවසන් වන්නට පෙර තවත් ගෝලයක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කිරීමට ඔවුන්ට අවස්ථාවක් හිමිවුවත් එය සාර්ථක කරගන්නට ඔවුන් අසමත් වීම හේතුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් හමීඩ් අල් හුසේනි විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

සම්පූර්ණ කාලය: ගම්පොළ සහිරා විද්‍යාලය 01 – 02 හමීඩ් අල් හුසේනි විද්‍යාලය

ගෝල ලාභීන්

  • ගම්පොළ සහිරා විද්‍යාලය – බාසිත් අහමඩ් 90 + 1’
  • හමීඩ් අල් හුසේනි විද්‍යාලය – මොහොමඩ් අෆ්කාර් 60’, මොහොමඩ් අමාන් 87’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<