රුසියාවට ඔලිම්පික් තහනම්

244
Russia Olympic ban

රුසියානු රජයේ අනුග්‍රහය ඇතිව එරට තුළ ක්‍රියාත්මක තහනම් උත්තේජක භාවිතය හේතුවෙන් මේ වසරේ පැවැත්වෙන් ඔලිමිපික් තරගාවලිය ඇතුළු අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධායන කරන කිසිදු තරගාවලියට සහභාගිවිම වැළැක්විමට එම සංගමය ගත් තීරණය තරවදුරටත් වලංගු කොට තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ ගත් මෙම තිරණය නැවත වරක් සනාත කිරිමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය කටයුතු කොට තිබේ. කෙසේ වෙතත් රුසියාවේ නව භාවිතයෙන තොරව තම තමන්ට ස්වාධීනව ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව සිය පිරිසුදු භාවය ඔප්පුකරන ක්‍රීඩකයන්ට ලබාදෙන බවද සංගමය සඳහන් කරයි.

අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ගත් මෙම තීරණයට එරෙහිව තමා මානව හිමිකම් නඩුවක් ගොනු කරන බව රුසියාවේ මෙන්ම ලෝක ප්‍රකට රිටි පැනිමේ ක්‍රීඩිකා යෙලීනා ඉසන්බයේවා පවසයි.

තවත් පුවත් සඳහා මුල් පිටුවට පිවිසෙන්න