“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

454
Cristiano Ronaldo

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…” ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු මැසිමෝ ඇලෙග්රි, රොයිටර් හමුවේ සිය අදහස් දැක්වීම අරඹා තිබුණේ එසේයි. සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව කාන්තා දූෂණ චෝදනාවක් එල්ල වීමෙන් පසුව ඇලෙග්රි මෙසේ අදහස් දක්වා තිබේ.

“ක්‍රිස්ටියානෝ හොඳින්. ඔහුගේ පහළොස් අවුරුදු ක්‍රීඩා දිවිය ගැන මට කියන්න පුළුවන් දේ තමයි, ඔහු හැමවිටම පිටිය මතදීත් ඉන් පිටතදීත් උසස් වෘත්තීමය මට්ටමක්, තැන්පත්කමක් ප්‍රදර්ශනය කොට තිබෙනවා.” ඇලෙග්රිට අනුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට එවැනි  පිළිතුරු දීමේ හැකියාව පවතියි. පසුගිය අඟහරුවාදා ඔහු විසින් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළ පසු දැන් ඔහුගේ ක්‍රීඩා ලෝලීන්ට සුබදායී පණිවිඩයක් ද ඇලෙග්රි සතුව තිබිණි.

“ක්‍රීඩාව ගැන කතා කළොත්. ඔහු ක්‍රීඩා කරන්න සූදානම්.” ඇලෙග්රි එසේ කියා තිබේ. වත්මන් තරගවාරයේ දී ඉතාලියානු අන්තර් සමාජ ශූරයන් වන ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන රොනාල්ඩෝ, ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම වන පෘතුගාල කණ්ඩායමෙන් ඉවත් කොට ඇත.

චෝදනාවක් මත, රොනාල්ඩෝ පෘතුගාල කණ්ඩායමෙන් ඉවතට

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු සේ සැලකෙන පෘතුගාල ජාතික..

“පෘතුගාල කණ්ඩායමට ඔහු නොයන බව මම දැනගෙන හිටියා. ඔහු පරිපාලකයන් සමඟ ගිවිසුමකට එළඹ තිබෙනවා.” රොනාල්ඩෝගේ වත්මන් පුහුණුකරු ඇලෙග්රි එසේ පවසයි.

කෙසේ වෙතත් ලෝක පාපන්දු ප්‍රජාවගේ ආදරය දිනා ගත් රොනාල්ඩෝගේ තත්වය ගැන ප්‍රවෘත්ති සොයන්නන්ද උනන්දුවකින් පසුවෙයි. ඔහුගේ අනුග්‍රාහකයන් වන Nike සහ EA Sports සමාගම් ද ඔහුට එල්ල වී ඇති චෝදනාවන් ගැන පසුගිය සතිය තුළ අදහස් දක්වා තිබිණි.

කැතරින් මයෝර්ගා නම් කාන්තාව දූෂණය කළ බවට ඔහුට එල්ල වන චෝදනාවල දී තමන් ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවයි රොනාල්ඩෝ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණේ. ජුවෙන්ටස් කණ්ඩායම වෙත ගිවිසුම් ගතවීම සඳහා පමණක් යුරෝ මිලියන 100ක මුදලක් ලබා ගත් රොනාල්ඩෝ මෙසේ ද පවසා තිබුණි.

“මට එල්ල වී තිබෙන චෝදනා මම තරයේම හෙළා දකිනවා. දූෂණයක් කියන්නේ මම විශ්වාස කරන සහ මගේ හැමදෙයකටම විරුද්ධ බරපතල අපරාධයක්.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<