රුසියා – යුක්‍රේන අර්බුද මැද Chelsea විකිණෙයි

224
Roman Abramovich confirms he will sell Chelsea

රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් තමන් Chelsea ක්‍රීඩා සමාජය විකිණීමට තමන් තීරණය කළ බව එහි හිමිකරු වන රුසියානු ජාතික Roman Abramovich විසින් තහවුරු කර සිටියා.

පවතින තත්වය මත මම ක්‍රීඩා සමාජය විකිණීමට තීරණය කළා. මම හිතන්නේ ඒක තමයි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින්, නිලධාරීන්, අනුග්‍රාහකයින් ඇතුළු සියලූම දෙනාට හොඳම තීරණය කියලා මම හිතනවා.

ක්‍රීඩා සමාජය විකිණීම වේගවත් නොවුනත් එය නිවැරදි ක්‍රමවලට අනුකූලව සිදු වෙයි. මම කවදාවත් නැවත ණය ගෙවීමක් ගැන අහන්නේ නැහැ. මෙය කවදාවත් කිසිදු ගනුදෙනුවක් හෝ මුදල් සඳහා කරන දෙයක් නෙවෙයි. ඒක ක්‍රීඩා සමාජය වෙනුවෙන් කරන දෙයක්.

මෙම ඒ සමඟම මගේ කණ්ඩායමට උපදෙස් ලබා දුන්නා ලැබෙන මුදල්වලින් මූල්‍ය පදනමක් ගොඩනගන්න කියලා. ඒ මූලය අරමුදලින් යුක්‍රේනයේ පීඩාවට පත්වූවන්ට උදව් කරන්න හැකි වේවි”, යැයි Roman Abramovich ප්‍රකාශ කළා.

යුරෝපා පාපන්දු පිටියේ ප්‍රමුඛ එංගලන්ත ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජයක් වන Chelsea කණ්ඩායම 2003 වසරේ දී Roman Abramovich විසින් මිල දී ගත් අතර ඔවුන් 2019 වසරේ පැවති ශූරයින්ගේ පාපන්දු ශූරතා තරගාවලියේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුනා.

යුක්‍රේනය සමඟ ඇති කර ගත් ගැටුම් නිසාවෙන් බොහෝ ක්‍රීඩා සංගම් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කළත්, බ්‍රිතාන්‍ය රජය විසින් මෙතෙක් Roman Abramovichට එරෙහිව කිසිදු සම්බාධකයක් යොදා නැති නමුත් ඔහු විසින්ම මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.

ක්‍රීඩා සමාජය විකිණීමට තීරණය කර ඇති බව දැනුවත් කිරීමත් සමඟ ස්විස්ටර්ලන්ත බිලියනපතියෙකු වන Hansjorg Wyss සහ ඇමරිකානු බිලියනපතියෙකු වන Todd Boehly එයට ලංසු තැබීමට සූදානම් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<